ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් (86) රජයේ දේපොළ වංචා කළ බවට ඊජිප්තු අධිකරණය අද හා ඔහුගේ පුතුන් දෙදෙනා වන අලාල් සහ ගමාල් තීරණය කළේය.
ඔහුට තුන් අවුරුදු සිර දඩුවමක් ද පුතුන් දෙදෙනාට අවුරුදු පහ බැගින් ද සිර දඩුවම් නියම විය.
ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක (රුපියල් ලක්ෂ 3960 ) දඩයක් නියම විය. වංචා කළ ඇමෙරිකා ඩොලර් එක්කෝටි හැත්තෑ හය ලක්ෂය (රුපියල් 2 323 200 000)
) ගෙවන ලෙස ද නියෝග කැරිණි.
මුබාරක් දැනට කයිරෝ යුද හමුදා රෝහලේ නිවාස අඩස්සියේ පසු වෙයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ඊජිප්තු හිටපු ජනපති හිරේ
සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 04:05 PM
ඊජිප්තුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ .ඒ මොකද. ඔක්කොම හොරු. (ස)
පහන්,ජර්මනිය Wednesday, 21 May 2014 11:07 PM
මට පෙන්නේ කාට හරි ලොකු වැරද්දක් වෙලා වගෙයි. හුස්නි මුබ්භාරක් ගේ විතරක් ඩොලර් බිලියන 10ක් සහ එක පුතෙකුගේ තව ඩොලර් බිලියන 7ක් ස්විස් බැංකුවක තියනවා.පුතා ඒ සල්ලි හෙව්වේ එයාට විතරයි අවසර තිබුනේ ඊජීප්තුවට පිටරටින් වාහන ගෙන්වන බලය නොහොත් ඒකාධිකාරිය. බැංකුව තියෙන්නේ ස්විස් ලිෂ්ටන්ස්ට්යින් වල. මුභාරක් කලේ පිටරැටියන්ට මහාපරිමාණ වියාපාර කරන්න අවසර දීම. (ස)
ප්‍රබාත් කුවෙට් Wednesday, 21 May 2014 04:08 PM
අපේ රටේ නායකයෝ වගේ අවංක වෙන්න.(නදී)
සේරම් Wednesday, 21 May 2014 04:26 PM
මේකට දාන අදහස හිතාගන්න ටිකක් කල් යයි. ගාන හදා ගන්නත් ඕනනේ. (නදී)
ලන්කොනිස් Thursday, 22 May 2014 01:45 PM
මුභාරක්, තනි රත්තරන් වලින් වශී බෝලයක් හදාගෙන මිරික මිරික හිටියනම් ඔහොම වෙන්නේ නෑනේ. (ස)
පානි Wednesday, 21 May 2014 04:28 PM
මොලේ තිබුනේ නැද්ද ඇමරිකාවේ පුරවැසිභාවය හදාගන්න.(නදී)
ලෙස්ලි Thursday, 22 May 2014 12:16 AM
අයියෝ මේවා මොනවද ? (ස)
විකී Thursday, 22 May 2014 01:39 AM
ඒ රටේ ඉන්නේ ඔය වගේ රටේ දේ ගසාකාපු එක මුබාරක් කෙනයි.එත් ලංකාවේ වෙන වෙන නම්වලින් ගසාකන මුබාරක්ල කීදෙනෙක් ඉන්නවද? (ස)
භානුක Thursday, 22 May 2014 02:12 PM
අපේ රටේ විශ්‍රාමික ජනාධිපති නෙවෙයි නෝනා ට වත් නඩු දාන්න බැහැ (දී)
සංජීව Wednesday, 21 May 2014 05:05 PM
වචන පැටලිලා නේද,,? මේවා ඇහුවහම අපේ අයගෙත් වචන පැටලේවි. (ස)
විමල් Wednesday, 21 May 2014 05:10 PM
අපේ රටේ නායකයෝ වගේ පිරිසිදු වෙන්න ඕන,ජනතාවාදී වෙන්න ඕන. ඔබාමාටත් ඕන නම් අපෙන් ඉගෙන ගන්න පුළුවන්. එතුමා ඉගෙන ගන්න එකක් නෑ කියලයි මගේ හිතේ. (ස)
අරුණ Thursday, 22 May 2014 03:46 AM
අපිට නම් ඉතින් ඒ ගැන බයක් නැහැ (නි)
සේනක Wednesday, 21 May 2014 05:38 PM
අපිත් බලයේ හිටි නායකයින්ගේ හොරමැරකම් තිබුණාදැයි කියා හොයන්න ඕනෑ නේද? (නි)
සුරංජිත් Wednesday, 21 May 2014 05:41 PM
රජකම් කෙරුවත් කළකම් පළදේ.... (නි)
චමින්ද Wednesday, 21 May 2014 05:46 PM
අපේ අය කොච්චර හොරකම් කළත් විශ්‍රාම ගිය පසුව වුවත් අධිකරණයට ගෙනෙන්න බැහැ. (නි)
ලසන්ත Wednesday, 21 May 2014 05:49 PM
මේ පුවත දැක්කහම, එකවරම රටක නායකයෙක් ගැන මට මතක් වුණා (නි)
මහින්ද කැලිෆෝර්නියා Thursday, 22 May 2014 07:22 AM
ඊජිප්තුවේ එහෙම වුණත් ඉන්දියාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
කල්ප Wednesday, 21 May 2014 06:04 PM
මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)
දිසා Thursday, 22 May 2014 07:40 AM
කොහොමද මේක කැරකිලා ලංකාවට එනකොට. ඔක්කොටම බොකු උණු වේවි. (නදී)
නිමල් Thursday, 22 May 2014 07:54 AM
මෙවැනි ක්‍රමයක් සිරි ලංකාවේ අපි කවදා දකින්නද? (නි)
නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 21 May 2014 06:11 PM
අපේ ඔක්කොගෙම ඇඟවල් වෙව්ලනවා. හෙට දවසේ අපිට කුමක් වේවිද? (නි)
රකිත් Thursday, 22 May 2014 08:21 AM
අපේ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරයකුටත් නඩු පැවරිය නොහැක. කිසිදාක මෙය සංශෝධනය වීමටද ඉඩක් නැත. අවශ්‍යතාවයක්ද නැත. ඒක තමයි ආශ්චර්යය.(නදී)
අමිත් Wednesday, 21 May 2014 06:41 PM
වැරදිකරුවන්ට දඩුවම් ලැබිය යුතුයි (නි)
සුපුන් Wednesday, 21 May 2014 06:42 PM
වැරදිකරුවන්ට කොහොමත් වෙන්නේ ඔය දේ තමා... (නි)
නිශාන්ත පණ්ඩිතරත්න Thursday, 22 May 2014 09:29 AM
ඊජිප්තුවේ එහෙම වුණත් ලංකාවේ වෙන්නේ නැහැ (දී)
අජිත්කරුණාරත්න ලියනගේ Thursday, 22 May 2014 09:40 AM
අනේ අපි මොකට කලබල වෙනවද? මේක ඊජිප්තුව නොවෙයි ලංකාවනේ. (නදී)
කුසුම් Wednesday, 21 May 2014 06:51 PM
හොස්නි මුබාරක් මහත්මයා තනිවමද ඔච්චර විශාල මුදල් කන්දරාවක් හොරකම් කරලා තියෙන්නේ? "සමාගමක්" වශයෙන් ලියාපදිංචි කරලා වත් හොරකම් කලා නම් ඔය විදිහට, ඔහොමම, දඬුවම් විදින්න සිදුවෙන්නේ නැහැ මගේ හිතේ.(නදී)
හිල්මි Thursday, 22 May 2014 04:09 PM
අජිත්කරුණාරත්න ලියනගේ" අනේ ඔව් අපි අපේ වැඩක් හෙමිහිට කරගමු කලබලයක් නැතිව ඇයි මේ දඩුවම් නියම කරන්න ඊජිප්තුවේ අය මෙචර කලබල වුණේ. නඩු කල් දාන්න දන්නේ නැද්ද ? (දිල්)
භානුක Wednesday, 21 May 2014 07:03 PM
අනේ! ඒ අතින් අපි හරිම වාසනාවන්තයි නේද ? (නි)
එරන්ද Thursday, 22 May 2014 10:56 AM
ලංකාවේ ව්‍යවස්ථාව අනුව විශ්‍රාම ගියත් ජනපති කෙනෙකුට නඩු පැවැරිය නොහැකියි. අපේ රටේ කට්ටිය පෙර සූදානම හදා ගෙනනේ වැඩේට බහින්නේ. (ස)
චන්ද්‍රා Wednesday, 21 May 2014 07:55 PM
මෙන්න රටවල් , අප රටේ හමොටෝමත් මෙය ආදර්ශයක්ම වේවා!. (නදී)
තිලක් Wednesday, 21 May 2014 08:05 PM
අරාබි වසන්තයෙන් විනාශ වුණ එක රටක් තමයි ඊජිප්තුව.ඊජිප්තුව ගැන, අද ඒ රටේ දේශපාලන වාතාවරණය ගැන හරියට දන්නවා නම් චන්ද්‍ර දුවන්නේ පස්ස නොබලායි. (නි)
සමන්ත Wednesday, 21 May 2014 08:07 PM
මම හිතන්නේ මේ දේ ශ්‍රී ලංකාවට අදාල නැහැ කියලා. (නි)
ගුණරත්න Wednesday, 21 May 2014 09:09 PM
කරන කලට පව් ම්හිරිය මීසේ, විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. මහජන දේපල වලට අත තබන සියලු පාලකයනට මෙම ඉරණම අත්වේවා! (නදී)
ලුම්බිණි Wednesday, 21 May 2014 03:37 PM
ඇහුවම බය හිතෙනවා නේද? (නදී)
තිලක් ඩුබායි Wednesday, 21 May 2014 09:49 PM
ලෝකයේ කාට කාටත් හොඳ පාඩම්. (අ)
තිලක් ඩුබායි Wednesday, 21 May 2014 09:51 PM
"ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක (රුපියල් ලක්ෂ 3960 ) දඩයක් නියම විය. වංචා කළ ඇමෙරිකා ඩොලර් එක්කෝටි හැත්තෑ හය ලක්ෂය (රුපියල් 2 323 200 000)ගෙවන ලෙස ද නියෝග කැරිණි." රුපියල් ලක්ෂ 66,500 ක් ඒක ඩීල් එකකින් චොමිස් ගත්තු කෙනෙකුට රුපියල් ලක්ෂ 3960 ගෙවන එක මොකක්ද? (අ)
ටිකිරි බණ්ඩා Wednesday, 21 May 2014 09:52 PM
රජකම් කෙරුවත් කළකම් පළදේ...(අ)
හිල්මි Thursday, 22 May 2014 12:51 PM
සමන්ත" ඔබ හරි මේ දේ ශ්‍රී ලංකාවට අදාල නැහැ මේවා අදාල පිටසක්වලට. (නදී)
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 21 May 2014 03:47 PM
ලෝකයේ කාට කාටත් හොඳ පාඩම්. (නදී)
ඉන්දික Wednesday, 21 May 2014 03:47 PM
අන්න දේශපාලන පලිගැනීමක්. (ලංකාවේ එහෙම කරානම් කියන්නේ එහෙම නේද?) (නදී)
දයා අලහාකෝන් Wednesday, 21 May 2014 03:51 PM
අපිට බය හිතුනට මේ අයට ඕක සුලු මුදලක්. (නදී)
ප්‍රවීන් Wednesday, 21 May 2014 03:55 PM
කාට කාට ත් හොද පාඩම් ! (නදී)