ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් (86) රජයේ දේපොළ වංචා කළ බවට ඊජිප්තු අධිකරණය අද හා ඔහුගේ පුතුන් දෙදෙනා වන අලාල් සහ ගමාල් තීරණය කළේය.
ඔහුට තුන් අවුරුදු සිර දඩුවමක් ද පුතුන් දෙදෙනාට අවුරුදු පහ බැගින් ද සිර දඩුවම් නියම විය.
ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක (රුපියල් ලක්ෂ 3960 ) දඩයක් නියම විය. වංචා කළ ඇමෙරිකා ඩොලර් එක්කෝටි හැත්තෑ හය ලක්ෂය (රුපියල් 2 323 200 000)
) ගෙවන ලෙස ද නියෝග කැරිණි.
මුබාරක් දැනට කයිරෝ යුද හමුදා රෝහලේ නිවාස අඩස්සියේ පසු වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊජිප්තුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ .ඒ මොකද. ඔක්කොම හොරු. (ස)
මට පෙන්නේ කාට හරි ලොකු වැරද්දක් වෙලා වගෙයි. හුස්නි මුබ්භාරක් ගේ විතරක් ඩොලර් බිලියන 10ක් සහ එක පුතෙකුගේ තව ඩොලර් බිලියන 7ක් ස්විස් බැංකුවක තියනවා.පුතා ඒ සල්ලි හෙව්වේ එයාට විතරයි අවසර තිබුනේ ඊජීප්තුවට පිටරටින් වාහන ගෙන්වන බලය නොහොත් ඒකාධිකාරිය. බැංකුව තියෙන්නේ ස්විස් ලිෂ්ටන්ස්ට්යින් වල. මුභාරක් කලේ පිටරැටියන්ට මහාපරිමාණ වියාපාර කරන්න අවසර දීම. (ස)
අපේ රටේ නායකයෝ වගේ අවංක වෙන්න.(නදී)
මේකට දාන අදහස හිතාගන්න ටිකක් කල් යයි. ගාන හදා ගන්නත් ඕනනේ. (නදී)
මුභාරක්, තනි රත්තරන් වලින් වශී බෝලයක් හදාගෙන මිරික මිරික හිටියනම් ඔහොම වෙන්නේ නෑනේ. (ස)
මොලේ තිබුනේ නැද්ද ඇමරිකාවේ පුරවැසිභාවය හදාගන්න.(නදී)
අයියෝ මේවා මොනවද ? (ස)
ඒ රටේ ඉන්නේ ඔය වගේ රටේ දේ ගසාකාපු එක මුබාරක් කෙනයි.එත් ලංකාවේ වෙන වෙන නම්වලින් ගසාකන මුබාරක්ල කීදෙනෙක් ඉන්නවද? (ස)
අපේ රටේ විශ්‍රාමික ජනාධිපති නෙවෙයි නෝනා ට වත් නඩු දාන්න බැහැ (දී)
වචන පැටලිලා නේද,,? මේවා ඇහුවහම අපේ අයගෙත් වචන පැටලේවි. (ස)
අපේ රටේ නායකයෝ වගේ පිරිසිදු වෙන්න ඕන,ජනතාවාදී වෙන්න ඕන. ඔබාමාටත් ඕන නම් අපෙන් ඉගෙන ගන්න පුළුවන්. එතුමා ඉගෙන ගන්න එකක් නෑ කියලයි මගේ හිතේ. (ස)
අපිට නම් ඉතින් ඒ ගැන බයක් නැහැ (නි)
අපිත් බලයේ හිටි නායකයින්ගේ හොරමැරකම් තිබුණාදැයි කියා හොයන්න ඕනෑ නේද? (නි)
රජකම් කෙරුවත් කළකම් පළදේ.... (නි)
අපේ අය කොච්චර හොරකම් කළත් විශ්‍රාම ගිය පසුව වුවත් අධිකරණයට ගෙනෙන්න බැහැ. (නි)
මේ පුවත දැක්කහම, එකවරම රටක නායකයෙක් ගැන මට මතක් වුණා (නි)
ඊජිප්තුවේ එහෙම වුණත් ඉන්දියාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)
මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)
කොහොමද මේක කැරකිලා ලංකාවට එනකොට. ඔක්කොටම බොකු උණු වේවි. (නදී)
මෙවැනි ක්‍රමයක් සිරි ලංකාවේ අපි කවදා දකින්නද? (නි)
අපේ ඔක්කොගෙම ඇඟවල් වෙව්ලනවා. හෙට දවසේ අපිට කුමක් වේවිද? (නි)
අපේ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරයකුටත් නඩු පැවරිය නොහැක. කිසිදාක මෙය සංශෝධනය වීමටද ඉඩක් නැත. අවශ්‍යතාවයක්ද නැත. ඒක තමයි ආශ්චර්යය.(නදී)
වැරදිකරුවන්ට දඩුවම් ලැබිය යුතුයි (නි)
වැරදිකරුවන්ට කොහොමත් වෙන්නේ ඔය දේ තමා... (නි)
ඊජිප්තුවේ එහෙම වුණත් ලංකාවේ වෙන්නේ නැහැ (දී)
අනේ අපි මොකට කලබල වෙනවද? මේක ඊජිප්තුව නොවෙයි ලංකාවනේ. (නදී)
හොස්නි මුබාරක් මහත්මයා තනිවමද ඔච්චර විශාල මුදල් කන්දරාවක් හොරකම් කරලා තියෙන්නේ? "සමාගමක්" වශයෙන් ලියාපදිංචි කරලා වත් හොරකම් කලා නම් ඔය විදිහට, ඔහොමම, දඬුවම් විදින්න සිදුවෙන්නේ නැහැ මගේ හිතේ.(නදී)
අජිත්කරුණාරත්න ලියනගේ" අනේ ඔව් අපි අපේ වැඩක් හෙමිහිට කරගමු කලබලයක් නැතිව ඇයි මේ දඩුවම් නියම කරන්න ඊජිප්තුවේ අය මෙචර කලබල වුණේ. නඩු කල් දාන්න දන්නේ නැද්ද ? (දිල්)
අනේ! ඒ අතින් අපි හරිම වාසනාවන්තයි නේද ? (නි)
ලංකාවේ ව්‍යවස්ථාව අනුව විශ්‍රාම ගියත් ජනපති කෙනෙකුට නඩු පැවැරිය නොහැකියි. අපේ රටේ කට්ටිය පෙර සූදානම හදා ගෙනනේ වැඩේට බහින්නේ. (ස)
මෙන්න රටවල් , අප රටේ හමොටෝමත් මෙය ආදර්ශයක්ම වේවා!. (නදී)
අරාබි වසන්තයෙන් විනාශ වුණ එක රටක් තමයි ඊජිප්තුව.ඊජිප්තුව ගැන, අද ඒ රටේ දේශපාලන වාතාවරණය ගැන හරියට දන්නවා නම් චන්ද්‍ර දුවන්නේ පස්ස නොබලායි. (නි)
මම හිතන්නේ මේ දේ ශ්‍රී ලංකාවට අදාල නැහැ කියලා. (නි)
කරන කලට පව් ම්හිරිය මීසේ, විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ. මහජන දේපල වලට අත තබන සියලු පාලකයනට මෙම ඉරණම අත්වේවා! (නදී)
ඇහුවම බය හිතෙනවා නේද? (නදී)
ලෝකයේ කාට කාටත් හොඳ පාඩම්. (අ)
"ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක (රුපියල් ලක්ෂ 3960 ) දඩයක් නියම විය. වංචා කළ ඇමෙරිකා ඩොලර් එක්කෝටි හැත්තෑ හය ලක්ෂය (රුපියල් 2 323 200 000)ගෙවන ලෙස ද නියෝග කැරිණි." රුපියල් ලක්ෂ 66,500 ක් ඒක ඩීල් එකකින් චොමිස් ගත්තු කෙනෙකුට රුපියල් ලක්ෂ 3960 ගෙවන එක මොකක්ද? (අ)
රජකම් කෙරුවත් කළකම් පළදේ...(අ)
සමන්ත" ඔබ හරි මේ දේ ශ්‍රී ලංකාවට අදාල නැහැ මේවා අදාල පිටසක්වලට. (නදී)
ලෝකයේ කාට කාටත් හොඳ පාඩම්. (නදී)
අන්න දේශපාලන පලිගැනීමක්. (ලංකාවේ එහෙම කරානම් කියන්නේ එහෙම නේද?) (නදී)
අපිට බය හිතුනට මේ අයට ඕක සුලු මුදලක්. (නදී)
කාට කාට ත් හොද පාඩම් ! (නදී)