තෙවැනි වරටත් ජනපතිවරණයට ඉදිරිපත් විය හැකිදැයි මහින්ද රාජපක්ෂ ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ ප්‍රශ්නය විවෘත අධිකරණයේ විභාගයට ගන්නා ද, තමන්ට උත්තර බැඳීමට ප්‍රමාණවත් කාලයක් දෙන ලෙස ද ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීට භාර දුන් ලිපියට මෙතක් පිළිතුරක් නොලැබුණු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ මහතා පැවසීය.
ඔහු එලෙස කීවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ටාලින් 20 වන සියවසේ ලොකුම යුද්ධය නාසි වාදයට එරෙහිව දිනුවා. ඒ වුණාට ඊටපසු කළ දේවල් හරිද? අද ස්ටාලින්ගේ ප්‍රතිමාවක්වත් රුසියාවේ ඉතුරුවෙලා නැහැ. (නි)
යුද්දය දිනන කියල රට අය්තිකර ගන්න දෙන්න පුලුවන්ද? පුතා ලොකු එනකන් ඉන්න බලනවා නේද? (අ)
ප්‍රශ්න විතරයි.උත්තර නෑ.(හේ)
උප්පැන්න සහතිකය මව් කුසයේ හිටපු කාලයට අදාළ නැහැ කියයිද දන්නේ නැහැ (බ)
සමහරුන්ගෙ අදහස් දුටුවහම හිනාත් යනවා (නි)
උත්තරය යවන්න කලින් ෆොටෝ කොපියක් ගත්තොතින් හොඳයි නැත්නම් එකත් වෙනස් කරයි. (බ)
මේ යන්නේ අවසානම කාල වකවානුවයි.(හේ)
ඔය කට්ටිය පුළුවන් කියනවා ටිකක් කුතුහලය අවුස්සලා (බ)
බොරුවට කල් ඉල්ලලා ප්‍රශ්නේ මග හැරියා නේද (දිල්)
කට උත්තර නැහැ කියන එකද? මහින්ද මහත්තයා ඉල්ලුවා කියන්නෙ අනිත් පැත්තෙන් මොන ලොක්කා ඉල්ලුවත් පරාදයි.හේතුව රටේ බහුතර ජනතාවගේ ප්‍රාර්ථනාව වුන ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගන්න අභීතව ඉදිරිපත්වුන සහ අනෙතුත් දේශීය සහ වීදේශීය බලවේග හමුවේ නොසැලී ක්‍රියාත්මක කරපු නායකයා වීම. රටේ බහුතරය එතුමා සමග.(බ)
පහුගිය කාලයේ අපිට ලැබුනේ එකම එක උත්තරයයි. ඒ වෙනුවට උත්තර නැති ප්‍රශ්න ගොඩාක් නිර්මාණය වෙලා.දැන් පැමිණ තියෙන්නේ, අපිටම පිළිතුර හොයාගන්න අවස්ථාවක්. අන්තිම අවස්ථාව මේක වෙන්න පුළුවන්. (හේ)
මොන වරදක් කලත් මොකද? යුද්දේ දින්නනේ. (නදී)
පද්මිණි අක්කේ, මගේ මොලය වර්දනය කරගන්නට ඔබගේ සහය අවශ්‍යයි. කවුද ඔය කියන ලෝක යුද්ධය දිනපු පැරදුන අය. මොන රටෙන්ද ? කරුණාකර මට සහය වන්න (නදී)
මේවට මොනවගේ අදහසක්ද කියන්න ඕනෑ කියලා ඔයාලම කියන්නකෝ (නි)
නිශාන්ත, ලෝක යුද්ධ දිනපු අගමැතිවරු පවා පැරදුනා. කට ඉස්සර කරගන්න එපා. (නි)