මහින්ද රාජපක්ෂ ජනපතිට තෙවැනි වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිදැයි ඉදිරිපත් වූ ප්‍රශ්නයට යැවුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ලබා දෙන්නැයි ලේඛකාධිකාරීවරියගෙන් ඉල්ලීමක් කළත් මෙතක් ප්‍රතිචාරයක් නොලැබුණු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසීය.
පිටු 28කින් යුත් වාර්තාවක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබුණ ද එය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතයමදැයි නොදන්නා බවත්, එවැනි මතයක් අධිකරණයෙන් ලබා දෙතියි සිතිය නොහැකි බවත් ජයසූරිය මහතා කීවේය.
‘ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතය මැතිවරණ කොමාසරිස්වත් දන්නවද දන්නේ නෑ. ඇතැම් විට ඔහු එය දකින්නත් ඇත්තේ පුවත්පත්වලින් වෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා දෙන්නැයි අපි දින දහයකට පමණ පෙර ලේඛකාධිකාරීගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා. නමුත් තවම නිසිම ප්‍රතිචාරයක් නෑ. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමික, ඔබගේ කතාව සම්පුර්ණ ඇත්ත. අපේ රටේ වැඩි දෙනෙක් එහෙම ඉන්න අය කියල තව ටික දවසකින් ඔප්පු කරලා පෙන්නයි. නීතියත් බලයට යටයි කියන එකනේ මේ නීතීඥ සංගමය නොකියම පවසන්නේ. (නදී)
අධිකරණය දේශපාලනීකරණයට යටත් වෙලා කියලා නේද මෙයින් පෙනෙන්නේ? (නදී)
අනේ ඔය නීති රීති මොකටද. අනික ඕවට විරුද්ද උනයි කියල ඇති සෙතකුත් නැහැනේ. නිකන් ආයු කාලය කෙටි කරගන්නවාට වැඩිය හොද නැද්ද දෙන දේ කාල වෙන දෙයක් ගැන බලන් ඉන්නවා නම් (නදී)
"ආයු කාලය කෙටි කරගන්නවාට වැඩිය හොද නැද්ද දෙන දේ (කටු ලෙව) කාල වෙන (වෙන ඕන) දෙයක්...." වෙන්න අරින එක. (ස)
නීතිය අභියෝගයකට ලක් කළ හැක්කේ නීතිය ක්‍රියාත්මක වෙන ප්‍රජාතන්ත්‍ර වාදී නිදහස ආරක්ෂා කරන රටක පමණයි. හොරත් තමන් වී පොලිසියත් තමන් වී කරන "හොරා පොලිස්" අයිති වන්නේ දේශපාලනයේ අත බාල දරුවන්ට පමණි. (ස)
දැන්වත් අපේ නීතියේ හැටි පෙනෙනවද දන්නෙ නෑ මෙයාලට. (ස)
ජයසුරිය මහත්තයෝ කොහොමද දන්නේ එතන කර තිබෙන්නේ මගඩියක් ද කියා (නදී)
ලැබෙන ටික කාල ඒක දිරවනකම් ලැගල, වෙන දේ බලාගෙන ඉන්න අයට දිග ආයු කාලයක් තිබුන කියල ඔවුන්ටවත් රටටවත් වැඩක් තියෙනවද ? (ස)
මෙන්න මේ උද්දච්ච් කම සහ අවනීතිය තමා නතර කොරන්න ඕනේ. ඒ වගේම දුෂණය අලාබ ලබන මිත්‍ර සමාගම රටට විනයක්. මේ පාප කාර්ම වලින් නිදොස් කරන්න කාලය ඇවිත්. (නදී)
ඉසුරන්දි අක්කේ, ඉන්න ගෙදර වැඩ නැද්ද ? බැලුවොත් ඔයා අන්තර්ජාලයෙමනේ ඉන්නේ. (නදී)
අපි වැඩ කරලා කන මිනිස්සු (අ)