වාහන දෙකක් ඉස්සර කිරීමට යද්දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ හා ගැලරිගම අතර දී වාහන දෙකක් එකට ගැටිණි. කිසිවකුටත් තුවාලවුයේ නැත. ඉස්සර කිරීමට යෑමේ දී මෙම මාර්ගයේ වූ ප්‍රථම අනතුර මෙයයි.
වාහන දෙකක් ඉස්සර කිරීමට යද්දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ හා ගැලරිගම අතර දී වාහන දෙකක් එකට ගැටිණි. කිසිවකුටත් තුවාලවුයේ නැත. ඉස්සර කිරීමට යෑමේ දී මෙම මාර්ගයේ වූ ප්‍රථම අනතුර මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මොකද කරන්නේ (දී)
වාහනේ විකුණන්න වෙයිද දන්නේ නැහැ, ඇදගෙන ආපු ගාස්තුව ගෙවන්න... (නි)
අපේ අයට පිටිපස්සෙන් ගිහින් පුරුදු නැහැනේ. (නි)
ඔය මොකා කිවුවත් මම නම් හෝන් එක නොගහා ඉස්සර කරන්නේ නැහැ. මොකද අපි ඉන්නේ පිටරට නොවෙයිනේ. රටේ හැටියට අපි වැඩ නොකළොත් මැරෙන්නයි වෙන්නේ. (නි)
අයියෝ සල්ලි බලාගෙන යන්න එපායැ (දී)
හෝර්න් ගහන්න ඕනෑ නැහැ බන්දුල, තමන් යන තීරුවේ හරියට ගියහම හරි. (නි)
බන්දුල, දන්නෙ නැද්ද අධිවේගයේදී හෝන් ගහන්නෙ නැහැ කියලා. (නි)
දෙයියනේ (දී)
අයියෝ ඒ මොකද ඒ පුරුදු නැද්ද (දී)
කරන හැමදේටම පිළිවෙලක් තියෙනවා (දී)
අධ්වෙගී මාර්ග ගැන ලංකාවේ බොභෝ අයගේ දැනුම අඩුයි. ලෝකයේ වේගවත්ම මාර්ගයක් වන ජර්මනියේ ඔටෝබන් මාර්ගයේ සාමාන්‍ය වේගය 200. කවුරුවත් හොර්න් ගහන්නේ නැහැ. දියුණු මාර්ග පද්ධති ඇති රටවල හොර්න් ගැහීම නොහොබිනාකමක් ලෙසයි සැළකෙන්නේ. මේ පින්තුර දිහා බැලුවහම පෙන්නේ ඉස්සහ කරන්න ආපු රියැදුරා වාහනේ වේගයත් ඒ වේගයට අනුව අවශ්‍ය වාහන දෙකක් අතර දුරත් විනිශ්චය කරගැනීමට අසමර්ථ වී පසුපසින් ඇනීමයි. රියදුරාගේ අධිවේගී මාර්ග පළපුරුද්ද මදි බව ඉතාම පැහැදිලියි. (නි)
බැරි වැඩ කරන්න යන්න එපා (දී)
මදැයි ඔයින් ගියා කවද ගිය අධිවේගී මාර්ගද (අ)
මේකට හේතුව හෝන් එක නාද නොකර ඉස්සර කිරීමයි .බොහෝ රියදුරන් මෙය කරන්නේ හෝන් එකේ ආයු කාලය වැඩි කර ගැනීමටයි. නමුත් ලොබ කම වැඩිවීම නිසා තමුන්ගේ ආයු කාලය අඩු කර ගන්නවා. (අ)
හෝන් ගහලා වාහන ඉස්සර කරන්නේ ලංකාව , ඉන්දියාව වගේ රටවල. පිට රටවල හෝන් ගහන්නේ නැහැ, බැරිම වෙලාවක නැතුව. අපේ අයට අධිවේගී මාර්ගයේ අත්දැකීම් අඩුයි. ඊළග වහනය වේගයෙන් එනවා නම් දකුණු පැත්තෙන් ඉස්සර කරන්න ඉඩ දෙන්න වාහනයක් වම් තීරුවෙන් ධාවනය කළ යුතුයි. මෙහෙ වාහන වම් පැත්තෙනුත් ඉස්සර කරනවා මම දැකලා තියනවා. (නි)
හොර්න් කරලා ඉස්සර කරන එක හොඳයි තමයි. එත් නීතියේ හැටියට ඉස්සර කරන්න කලින් දකුණු පැත්තෙන් වාහන නැත්නම් විතරයි දකුණෙන් ඉස්සර කරන්න පුළුවන්. කියන්න කණගාටුයි අපේ ගොඩක් අය එහෙම කරන්නෙ නැහැ. කොටින්ම කියතොත් අපේ බහුතරය පැති කන්නාඩි බලන්නෙම නැහැ. ගොඩක් රටවල ඉස්සර කරන්න හෝර්න් ගහනවා මම නම් දැකල නැහැ. (නි)
බැරිනම් නොයා ඉන්න ඕනේ (දී)
කාගේද වරද දැන් (දී)
ඔය තියෙන්නේ (දී)
වැඩි වැඩ දාන්න යන්නේ නැතුව පරිස්සමට ගියානම් ඉවරයිනේ (දී)
නැව ගිලුනත් බෑන් චූන් (අ)
හරියට හරි බන්දුල. (නි)
ඇයි මිනිස්සුන්ට මීට වඩා කල්පනා කරලා වැඩ කරන්න බැරි (දී)
ලංකාවේ පොලිසි දෙකක් තියෙනවද...? (පළමුවන සේයාරුව) (දී)
බැරි වැඩ නොකරන් අබරෝ (දී)
මෙච්චර වේගෙන් යන්න ඉඩ දීලා තියෙද්දිත් ඊටත් වඩා ඉස්සර කරගෙන තවත් ඉක්මනින් යන්න හදන්නේ ඊයේ යන්න තිබුණ ගමනක්ද ? පුදුමාකාර හදිස්සියක්නේ තියෙන්නේ (ස)
ළිං මැඩි නුවණ... (නි)
සිහියෙන් යන්න ඕනේ යනකොට (දී)
වාහන දෙක ගේන්න සුපිරි මිළකුත් ගෙවන්න වේවි. (නි)
බන්දුල, මාර්ග නීති ගැන අවබෝධයෙන් සිටීම වැදගත්. නිකරුනේ නලාව නාද කිරිම මාර්ග නීති කඩ කිරිමක්. වාහන ඉස්සර කරන විට නලාව නාද කිරීම මාර්ග නීති වලට විරුද්ධයි. (නි)
බන්දුල ලංකාවෙන් පිට ගිහින් නැහැ කියලා අදහසෙන්ම තේරෙනවා. (නි)
බන්දුල, මොනතරම් මෝඩ කාතවක්ද? (නි)
හැම එකටම හෝන් ගහන්න ඕනෑ නැහැ. හෝන් ගහන එක ලංකාවේ මිනිස්සුන්ගේ ලෙඩක්. අවස්ථාවක් තියෙනවා නම් වෙන රටකට ගිහිල්ලා බලන්න වාහන එලවන හැටි. විශේෂයෙන්ම අධිවේගයකදී තමන් පැදවිය යුතු විදිය හරියට අනුගමනය කරනවා නම් කිසිම කරදරයක් වෙන්න විදියක් නැහැ. අධිවේග හැදුවට මදි ඒවයේ පදවන විදිය ගැනත් මිනිස්සුන්ව දැනුවත් කරන්නේ නැතුව. (නි)
මොකද කියන්නේ හිටපු කෙනාම හොදද (දී)
අත්දැකීම් නැතිකමයි මේකට හේතුව. (නි)
පරිස්සමෙන් යන්න. වේගෙන් යන්න පුළුවන් කියලා වේගෙන්ම යන්න එපා, සාමාන්‍ය ගානකට යන්න (දී)
සම්මා සතිය තියෙන්න ඕනේ (දී)