හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පීකොක් මන්දිරිය පරිත්‍යාග කිරන බව කී ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා අද (20) ප්‍රකාශයක් ලබා දීමට කොළඹ අපරාධ කොට්ඨාසයට ගොස් මාධ්‍යයට අදහස් නොදක්වාම පිටව ගියේය.
මූල්‍ය විශුද්ධිකරන පනත යටතේ ප්‍රශ්න කිරීම සඳහා ඔහු කැඳවා තිබිණි.
අපරාධ කොට්ඨාසයට ගොස් විනාඩි 40කට ආසන්න කාලයක් එහි සිටි ඔහු පිටතට එන විට තැතිගෙන ඇති බවක් පෙනිණි.
කොළඹ අපරාධ කොට්ඨාසයට යෑමට පෙර ලියනගේ මහතා ‘එසැණ‘ට කීවේ තමා අතුරුදන් වී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
අද හිටපු ජනපති පීකොක් මන්දිරයේ පදිංචියට ඒමට නියමිතව සිටි බවත්, වසර දෙකක් නොමිලයේ සිටීමට හිටපු ජනපතිට මන්දිරය ලබා දීමට අදහස් කළත් ගිවිසුමක් අත්සන් කිරීම ජනපතිගේ පාර්ශ්වයෙන් අකමැති වූ බවත්, තමා අතුරුදන් වි ඇති බවට දැන් විවිධ කතා පැතිරණ බවත්, එවැනි බොරු ප්‍රචාර මගින් තමාට හානියක් නැතත් එය හිටපු ජනපතිට හානියක් බවත් ලියනගේ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාංචනාගේ ටිකිරි මොළේ! කොටි ත්‍රස්තවාදය ඉවර වුණාට තවම දෙමළ ජාතිවාදී බෙදුම්වාදය බටහිරයන්ගේ සහ ඉන්දියයන්ගේ ආශීර්වාදයෙන් පවතිනවා. මහින්ද නැති නිසා නොවෙයි යහපාලකයන් තුළ රටේ ආරක්ෂාව පිලිබඳ ඇති ලිහිල් ආකල්පයත් අපරීක්ෂාකාරී භාවයත් ඔවුන් බටහිරයන් සහ ඉන්දියාව පිනවීමට දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට උඩ ගෙඩි දීමත් නිසා තමයි ළඟදීම බෝම්බ කල එලි බැසීමේ අවදානම ඇති වෙලා තියෙන්නේ. දින සීයට රටම සොරි ඩොට් කොම් වෙච්චි තරම තේරුම් ගන්නවත් බැරි තරමට ඔයාලා යහපාලනයට ගිනි කණ වැටිලා තියෙන හැටි නම් හරි කණගාටුදායකයි. අඩුම ගණනේ අන්තිමට මේවයින් කෙළ වෙන්නේ අපේ රටටමයි නේද? කියන හැඟීම වත් ඔයාලට නැති හැටි! (ස)
ඔතන වෙන්නේ, ඒ. එස්. පී. සල්ලි ගන්නවා, මහින්දත් සල්ලි දෙන්නවා. එත් කතාව හදනව ඒ. එස්. පී. ගෙදර නිකන් දෙන විදිහට. මොකද ලෝකෙට මහින්ද කියන්න ඕනිනේ මිලියන 600 (ගාන කීයද දන් නැහැ හරියට) කොහෙන්ද හම්බ කලේ කියල. මිනිස්සුන්ට නිකන් බොරු ගහනව. තාම තේරෙන් නැහැ කට්ටියට.... (අ)
මොණර මන්දිරය දැන් කණකොකා මන්දිරය වෙලා. දිට්ට ධම්ම වේදනීය කර්මය ඵලදී ඇති හෙයින් කරන කියන කිසිම දෙයක් හරියන්නේ නැත (නි)
මේ ආණ්ඩුව මේ යන විදිහට ගියෝතින් සහ ඡන්දෙන් යුඑන්පිය දිනුවොතින් ඉතින් කොහොමත් කාංචනට විදුලි පුටුයි කොටියි බොම්බයි හැබැහින්ම දැක බලා ගන්න ලැබෙයි තමයි. මානව හිමිකම් කොමිසමේ වාර්තාවත් අලුතින් එකතු කරන චෝදනා සහ සාක්ෂි එක්ක ඡන්දෙට පස්සේ ගෙනේවි. (ස)
සුමුදු හේවා, රකිත්, ඔය දාල තියෙන්නේ පාට කන්නාඩි නෙවේද? අදහස් වලින් නම් ඒ බව පැහැදිලිය. ඔබලාට වීරවංසගේ රෝගය බෝ වීම මගේ අදහස් දැක්වීමට දුන් පිළිතුරුවලින් පෙනේ. ඉතා කෙටියෙන් කියන්නට උත්සාහ කරන්නම්, යුද්දය නිමා කිරීමේ හැරවුම් ලක්ෂය වුයේ කරුණා හා පිල්ලෙයාන් කොටින්ගෙන් වෙන් කිරීමයි. කොටින් පරාජ පිට පරාජ ලැබුවේ ඉන් පසුයි. මරාගෙන මැරෙන කොටින් බිහි වුවේ නැගෙනහිරිනුයි. යුද්දයේ අවසානයේ බලවත් සටනකින් තොරවම කොටි පරාජය වුනේ කරුණාගේ අඩුව නිසයි. බටහිර හා ඉන්දියාවේ සිට බුරන කොටි හෙවනැලි හරියට වීරවංස වැනි කටින් පමණක් බුරන ක්‍රියාවෙන් බොහෝ බියසුලු, පණට බොහෝ ආස මරණයට බිය නිවට කුක්කන් රැලකි. ඔබත් එවැන්නකු නොවී සත්‍ය වටහාගෙන රටට ආදරය කරන්න. කිසි දා නැවත මේ මව්බිම ලෙයින් තෙමන්නට කොටින්ට නොහැක. කිසිසේත්ම නොහැක. යුරෝපයේ සිටින එක කොටියෙක්වත් සුර සැප අතහැර වන්නියේ කැලේ රිංගන්නට ආයෙත් එන්නේ නැත. එබැවින් කලබල නොවන්න. රාජපක්ෂලා මෙන්ම ඔවුන්ද බලයෙන් තොර වුවද යම් යම් මාධ්‍ය විසින් පුම්බන්නට උත්සාහ දරන නිවට රැලක් පමණි. තවද දින 100 බොහෝ වැරදි තැන් ඇතත්, පොදුවේ ගත් කල මාසේ අන්තිමට රුපියල් 500ක් හරි සාක්කුවේ ඉතිරි වී ණය නොවී සිටීමත් පොදුවේ ගත් කල දුක් විදින මිනිසුන්ගේ ජයග්‍රහණයකි. දින 100න් රටම සොරි ඩොට් කොම් වුණා කියා කියන සුමුදු වැන්නන් ආශ්චර්යයේ අතුරු නිෂ්පාදන වූ ගොම රිටි පමණි. (බ)
ගිහාන් කියන නම භාවිතා කළාට මනුස්සයෙක් වගේ මට නම් පෙනෙන්නෙ නැහැ (නි)
තමුන්ගෙ ගෙය පැහැරගන්න දෙන්න තරම් මේ මහත්තයා මෝඩවෙන එකක් නැහැ මම හිතන්නේ (නි)
අනේ මහින්දට දෙන්න බැරිද ඔයාගේ මන්දිරේ? අනේ එහෙනම් විමලේ ට දෙමුකෝ මේක. ඒකත් බැරිනම් අපි හොරු රළට හෝ දෙමුකෝ කුඩු තිප්පොළක් කරන්න. (ස)
දේශපාලකයන් කිසිකලෙක විශ්වාස නොකළ යුතුය. (නි)
බලය අත්හරින්න බැරුව වගේ ගෙදරින් යන එකක් නැහැ (නි)
ලංකාවේ මිනිස්සු මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ?මේ කාලේ සිරිසඟබෝලා නැහැ. (නි)
යහපාලන පාට කණ්ණාඩි වලින් පෙරේරාගේ ඇසුත් අන්ධවෙලා නේද? බෝම්බ පිපිරීම් වළක්වාගන්න උත්සාහ කිරීමත් පෙනෙන්නේ බෝම්බ පුපුරවන්න කරන වෑයමක් වගෙයිද? (නි)
එයාලා ලැබුන දෙයක් ආපහු දෙන්න දන්නා කට්ටිය නෙමෙයිනේ! (නි)
සුමේද, ඔබ හරි. දිට්ට ධම්ම වේදනීය කර්මය ඵලදීලා. ජනතාව මෝඩයෝ කියලා හිතාගෙන තවත් පිස්සුම නටනවා. ඡන්දය එනතුරු ඔහොමම යමු! (නි)
සුමුදු හේවාගේ 1වෙනි අදහසේ විදියට බැලුවොත් මහින්ද නැත්නම් කොටි බෝම්බ පුපුරවනවා. ඒ කියන්නේ මහින්ද සැමදා ජනපති වෙලා හිටියත් එයා කවද හරි මළ දවසට කොටි බෝම්බ ගහන්න ගනීනේ? මහින්ද නැතිනම් ලංකාවක් නැහැ කියලා තමා ඔයාල පෙන්නන්න හදන්නේ. අපිට කියන්න තියෙන්නේ බැරි වෙලා හරි ඉතුරු අවරුදු දෙකත් මහින්ද සහ පිරිවර බලයේ හිටියනම් සොරිම තමා කියල. ඒ නිසා මේ විදිහ හොදයි. කොටි ආවොත් අපි බලා ගන්නම්. එතකම්, පහුගිය කාලේ කිව්වා වගේ විදුලි පුටු ගැන, ජාත්‍යන්තර කුමන්ත්‍රන ගැන සහ බොරුවට කොටි, කොටි නොකියා ඉවසීමෙන් බලන් ඉන්න. එහෙම ඉන්න ගමන් පහුගිය රාජපක්ෂ රෙජීම සමයේ සිදුකළ මහා සොරකම්, වංචා, නාස්තිය ගැන පහන් සංවේග උපදවා ගන්න උත්සාහ ගන්න. එහෙම අමාරු වගේ නම් ඉතින් සොරි තමා. (බ)
ලක්මාල් ....දේශපාලකයන් බලය ඉල්ලගෙන පත්වෙන්නේ රටේ ප්‍රශ්න විසදන්නයි .....එය ඔවුන්ගේ රාජකාරිය හා වගකීම බව ඔබ හොඳට හිතාගන්න (බ)
එතකොට කුමුදු ඔයාල නොවිසිල්ලෙන් බලා ඉන්නේ ලංකාවේ බෝම්බ පිපිරෙනකන්නේ?උඹලට රටට හෙන ගැහුවත් කමක් නෑ තොපේ අය එනවනම් (බ)
පිස්සු නටන කෙනා දන්නේ නැහැනේ එයා පිස්සු නටනවා කියලා. (නි)
මේකේ අදහස් දක්වා තිබෙන අයට අවුරුදු 10 කට කලින් මේ රට තිබුණු හැටි මේතරම් අමතකවුණේ කොහොමද? (නි)
පැණි වරකාවට හෙණ ගහලා වගෙයි (නි)
කාංචන මලේ නියම කතාව. මමත් රාජපක්ෂට ඡන්දය දුන්න කෙනෙක්. එත් මම තණකොළ කන්නේ නෑ. ඒකනිසා මැද ඉඳල බලන්නේ. ඔය මල්ලිලට දිවිය නුවන පහල වේවා ! (ස)
මෙතන ඊට වඩා දෙයක් වෙනවා කියල තමයි මට හිතෙන්නෙ. බලාගෙන ඉන්න.හරියට කෙරුනොත් හිතන්නැති දේවල් එළියට එයි වගේ. එ්ත් හරියට කෙරෙයිද කියල විශ්වාසයක් තියන්න අමාරුයි. (බ)
ඔහු එන්න එන්නම බංකොලොත්බාවයට පත්වෙනවා. තණ්හාව නැමති ගඟ ගලන එක නවතින්නේ නැහැ වගෙයි (නි)
මහත්වරුනි, ඇයි ජනතාවට කොලේ වහන්නේ. හම්බකළ දේවල් ගැන නිර්භයව පාපොච්චාරණයක් කරන්න. ජනතාවගේ අනුකම්පාව ලැබේවි. (නි)
කොහොමත් ඔය දේශපාලකයන් ඇසුරු කළාම කලකට මිතුරු කලකට සතුරු. සත 5කට විශ්වාස කරන්න බැහැ දේශපාලකයන් (නි)
කොළඹ දාලා යන්න බැහැ බැහැ බැහැමයි නේද? (නි)
දෙන්න එපා තමන්ගේ ඉඩම නෑයෙකුටවත්. නැවත ලැබෙන්නේ නැහැ (නි)
මෙතන අදහස් දාන හැමදෙනාම වගේ වෙනසට කතිරය ගහලා නොමිලේ හඳට යන්න දඟලපු කට්ටිය වගේ අදහස් වලින් පෙනෙන්නේ (නි)
අනේ මටත් ගෙයක් නැහැ. ඕනේම ගිවිසුමක් අත්සන් කරන්නම්. අපේ පන්සලේ හාමුදුරුවෝ ලෙඩවෙලා ඉන්න තැනක් නැහැ. ඉතින් මාස 3 කට ඔය කන කොකා මන්දිරේ දෙන්න බැරිද? මෙයාව බයකරන්න ඇති ගහපු මාටියා අල්ලලා දෙයි කියලා (අ)
නොයෙක් වාගාලාප දෙසුවත් හැමෝටම අමතක වුණු කාරණයක් ඇත. හිටපු ජනපතිතුමාට ජනපතිවරණ නිල ප්‍රතිඵල නිකුත් වීමට ද පෙරාතුව සිය පවුල ද කැටුව දස වසක් විසු ජනපති නිල නිවාසය හැර දා ගියේ නව රජයට එය පාවිච්චි කිරීමේ පහසුව සලසමිනි. එසේ කළ එතුමාට හිටපු ජනපතිවරයෙක් හැටියට රජයෙන් නිවාස කාර්යාල පහසුකම් සමග නිල නිවසක් ලැබිමට හිමිකම ඇතත් වර්තමාන රජය මෙතෙක් එය ලබා දීමේ වගකීම පැහැර හැර තිබීම මෙම සිදුවීමෙහි මූල හේතුවයි. (අ)
චන්ද්‍රා, දිට්ඨ ධම්ම වේදනීය කම්ම පල දෙන්නේ කාටද කියලා හරියටම ඔයාලට දැනෙන්නේ කොටි තව තවත් තදින් ගොරවන්නත් කලින් වගේ ප්‍රසිද්ධ ස්ථානවල බෝම්බ තියන්නත් ගත්තු දාට තමයි. එදාට නම් ඔය ගොල්ලෝ කාට කාටත් ඇස ඇරේවි නමුත් එතකොට ප්‍රමාද වැඩියි. (අ)
මොහු මේ නිවාස දෙන බව කී නිසා සී අයි ඩී එකට කැඳවල මේක කඩා කප්පල් කරන්න . මේවා පලිගැනීමක් කියල තේරෙන්නේ නෑ තණකොළ කන අයට (අ)
පීකොක් මන්දිරය දැන් කණකොක් මන්දිරය වෙලාද? අපිනම් දන්නවා ඕක වෙන බව ලියනගේ දන්නවනේ මහින්දගේ හැටි එක නිසා තමයි ගිවිසුමක් ගහන්න කීවේ නැත්නම් කුලියත් නෑ ගෙදරත් නෑ ලියනගේට වෙච්ච දේකුත් නැ වක්කඩේ හකුරු හැංගුව වගේ හිතේවි ලියනගේට (බ)
පැණි වරකා ගහටත් හෙණ ගහනවලුනේ... (නි)
ගිවිසුම් නැතිව ඔය පවුලටගෙවල් දීලා අන්තිමේ ගෙදර මතක් කර කර කිවිසුම් අරින්න තමයි වෙන්නේ .(බ)
ඒ.එස්.පී. ලියනගේ මහතාගේ නරක ග්‍රහයෙන් මාරුවුණා. (නි)
පීකොක් මන්දිරයටත් ගිය කල! (නි)
මේවට තමයි කියන්නේ ඉල්ලාගෙන කනවා කියලා. දැන් ලියනගේ මහත්තයාට තේරෙනවා ඇති කරපු මෝඩකමේ තරම! (නි)
කවුරුහරි ගුරුකමක්වත් කරලද දන්නෙ නැහැ (නි)
ලංකාවේ හිටපු දේශපාලකයෝ වගේම මහින්ද මහත්තයත් තවත් එක්කෙනෙක් විතරයි (නි)
මෙච්චර ඉක්මනට මොකක්ද වුණේ? (නි)
කොහොමත් ඉන්දික කැමැත්තෙන්ම තණකොළ කන අයට යහභීෂණය පිලිබඳ යථාර්තය තේරුම් ගන්න ඕනෑ කමක් නැහැ. (අ)