හය මාසයකට පෙර බේරුවලින් ජෝර්දානයට ගිය ඩබ්ලිව්.රම්‍ය දමයන්ති නම් තෙදරු මවක එහිදී සැකකටයුතු ලෙස මරණයටපත් වී ඇතැයි ඇගේ සැමියාවන ජේ.ඒ. ජයසිරි කියයි. ගෙදරට එවූ ඇගේ සිරුරේ පාදයක් කැඩී ඇතැයි ද සිරුර පුරාමතුවාල ඇතැයිය ද ඇගේ කොණ්ඩය ද කපා ඇතැයි ද ඔහු කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑණු රට යවන්නේ කවුද?
ලංකාවේ ගුවන්තොටුපොළේ විදේශ සේවා එකෙන් ඉන්නවා. අසරණ ගෘහසේවිකාවන් අල්ලන්න. නමුත් මේ වගේ අසරණ වෙලාවට මුන් කවුරුත් නෑ. විදේශ සේවා කාර්යාංශය ගුවන්තොටුපළින් අයින් කරලා දාන්න ඕන.
කාන්තාවන් රට යවන්න එපා කියන අයද ඒ අසරණ අයට පිහිට වෙන්නේ ? ඒ අම්මගේ දරුපවුල රැක ගන්න හෝ ගෙයක් දොරක් හදා ගන්න හෝ රටවල් වලට හන්න සිද්ද වෙනවා. නැති බැරි කමට නේ රටවල්වලට යන්නේ. අපට කණගාටුයි. වෙච්ච දෙය ගැන. ඇයට නිවන් සුව පතමු.
ඇයි මේවට මේ රජය පරීක්ෂණ කරන්නේ නැත්තේ. කෝ මානව හිමිකම් සංවිධාන ?
ගැහැණු රට යවන්න පිරිමින්ට හොද පාඩම.
අපේ ගෑණු රට ගියාට කමක් නැහැ. ඒත් ගෘහසේවිකා රස්සා වලට යැවීම වහාම නතර කරන්න. පකිස්ථාන් ගැහැණු ගෘහසේවිකාවන් විදියට එරට රජය එවන්නෙ නැහැ. මම අත්දැකීමෙන් ඒව ගැන දන්නවා.
ගැහැණු අය පිට රට රැකියා වලට යවන්න එපා කියලා අපේ රජයට කොපමණ කීවත් ඒක ගණන් නොගැනීම නිසා මෙවන් විපත් දිගටම සිදුවේ. මේ අප දන්න එකක් පමණයි. නොදන්නසිදුවීම් අනන්තයි. ගරු ජනාධිපතිතුමනි, මෙය නවත්වන් ඔබට බුදුබව ලැබේවි.
ඇත්තටම ජෝර්දානය කියන්නේ මහ ජරා රටක්. දැනට සතියකට කලිනුත් එහේ ප්‍රශ්නයක් වුනානේ. ගරු ජනාධිපතිතුමා ඇතුළු වගකිවයුත්තන්ගේ ඇස් දැන්වත් ඇරිලා ජෝර්දානයට ශ්‍රමිකයන් යවන එක නතර කළොත් හොදයි. බංග්ලාදේශ්, නේපාල්, පිලිපීන් වගේ රටවල් ජෝර්දානයට ශ්‍රමිකයන් යැවීම නතර කරලා තියෙද්දිත් ඇයි ලංකාවේ අපේ අහිංසක අම්මලා බිලි දෙන්නෙ හරි පඩියක්වත් නැතිව.
කල්නොයවා සොයා බැලියයුතු කාරණයක්. අපේ දූත මණ්ඩල මෙතනදි නිහඩ ඇයි. අසරණ අයට පිහිටක් නැත්ද ?
කාන්තාවන් රට යවන්න එපා. දරුවන්ට අම්මලා නැතිවෙනවා. රජය මෙයට වගකිවයුතුයි.
අනේ මන්දා මැද පෙරදිග යන කාන්තාවන්ට වෙන මේදේවල් කවදා නවතීද කියලා.
කාන්තාවන් රට යවන්න එපා කියනවා නේද ? එහෙම රට ඉන්න කාන්තාවන්ට ලංකාවේ රස්සා තියෙනවද ? ලංකාවේ වියදම දරාගන්න දුප්පතුන්ට දැන් පුලුවන් ද ? මමත් අවුරුදු හයක් පිටරට. තවම ගෙදර වියදමට සල්ලි දානවා විතරයි. එතුරු කරපු දෙයක් නෑ. රජය ගෙනියන්නෙත් අපෙන් ලැබෙන විදේශ විනිමයෙන්.
ආණ්ඩුවේ කවුරුවත් අල්ලලා බලෙන් රට යවන්නේ නැ. මේක අපිම තේරුම් ගන්න ඕන දෙයක්. පිටරටවලට ගිහින් බැලමෙහෙවර කරන්න අපි ලැජ්ජා නෑ. නමුත් ලංකාව ඇතුලේ රැකියාවකට තත්ත්වෙ හොයනවා. ලංකාවේ ඒ විදියට මහන්සි උනොත් ඊට වඩා සල්ලි හොයන්න පුළුවන්.