බටහිර ඕස්ට්‍රේලියාවේ කර්ටිල් රැඳවුම් මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකික සරණාගත රාමයියා මහේන්ද්‍රන් (50) හෘදයාබාධයකින් මිය ගිය බව ඕස්ට්‍රේලියාව කියයි.
රැඳවුම් කඳවුරේදී ඔහුට නිසි ප්‍රතිකාර හා සැලකිල්ල ලැබී ඇතැයි මරණ පරික්ෂකවරිය කියන්නීය. ශ්‍රී ලාංකිකයා 2013 මැයි මාසයේදී ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්මලා, ඔබ ලියූ "රදල" කියන එක හැර අනෙක් දේවල් මම සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. (නි)
කොහේ වුනත් මළේ පිටරට (බ)
මම දන්නා තරමට මේ කඳවුරු වල (ඔස්ට්‍රේලියාව ඇතුලේ තියන ) වෛද්‍ය පහසුකම් හොඳින් ලබාදෙනවා. මීට වසර 20/25 පෙර ඉන්දුනීසියන්, මැලේෂියන් කාරයෝ හුඟක් මේ ක්‍රමයට ඉතාම ඉක්මනට සහ එකල පැවති දියුණුම විදියේ ප්‍රතිකාර නොමිලේ ලබාගත්තා. බරපතල ශල්‍යකර්ම කළයුතු යැයි නිර්දේශ වුවන් සංචාරක විසා මත මෙහෙ ඇවිත් සරණාගත භාවය ඉල්ලනවා. එවිට ඔව්න්ව ඩිටේන්ෂන් කෑම්ප් අරිනවා. එවිට අසනීපයි කියා කියපුවාම රෝහලේදී ඉතාම ඉක්මනට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනවා. ටික දිනකින් හොඳටම සනීප උනාම "මට සරණාගත කම ඕනේ නැහැ " කිව්වාම ගුවන් ටිකට් පත පවා රජයෙන් අරන් දීලා ගෙදර යවනවා. මේ ක්‍රමයට ප්‍රතිකාර ගත් ලංකාවේ ඉහළ තනතුරක් දැරූ කෙනෙකුත් මම දන්නවා. (බ)
ලංකාවේ නම පාවා දෙන්න යන මිනිස්සුන්ට හොද වැඩ මේවා!! (ම)
2013 ගිහිල්ල කොහොම අපේ රට පාවා දීමක් කරන්න ඇතිද අනාථ භාවය ලබා ගන්න. (බ)
ලංකාවෙන් සරණාගතයන් ලෙස ඇවිත් ඉන්න වැඩි පිරිසක් නිත්‍යනුකූල නොවන ආකාරයෙන් සමහර තැන්වල වැඩකරනවා ටික දවසක් යනකොට ජන්මේ ඉස්සරහට ඇවිත් ඒ තැන්වල බඩුමුට්ටු හොරකම්කරගෙන මාරුවෙනවා .මෙල්බර්න් හරි ප්‍රසිද්ධයි මේවාට. ආදී කාලයක් ඉන්න මිනිසුන් දැක්කමත් සුදු මිනිසුන් අහනවා බෝට්ටුවෙන්ද ආවේ කියාලා. මේ මින්ස්සු මෙහෙ අව්විල්ල කියන්නේ ලංකාවේ ඉන්නේ මිනි කන ජාතියක් කියාලා .තිසර සමරසිංහ මහතා පමණි මේ බොරු වලට විරුද්දව ඕස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය සටන් කරපු තානාපති වරයා .අවාසනාවට ඔහුත් මේ ආණ්ඩුවෙන් නැවත ගෙන්වගත්ත .මොවුන් මේ ලංකාව ගැන ගෙනෙයන මත හා බොරු කොටි ඒවා කියාලා තමා මේ රැකිලා ඉන්නේ .අනිත් බටහිර රටවලත් මොවුන් මේ චිත්‍රය තමා පෙන්නනේ .නමුත් දැන් එක්කෙනෙක්වත් මේ රටට බාරගන්නේ නැහැ .ඉන්න අයත් ලංකාව ගැන බොරු කිය කියා සරණාගත කදවුරුවල ඉන්න්වා. (බ)
නිර්මලා, ඔබතුමියට යමක් සඳහන් කළයුතුයි. "තමන් වරදේ වැටුනේ නැත්තම් කාටවත් බැහැ කවුරුන්වත් වරදේ දාන්න" .දැන් අවුරුදු 4 , 5 පෙර මේ රටට ආ කෙනෙක් නම් මා කියූ දේ වැටහේවි (නි)
ලංකාවේ රදළ පවුල් වල කොල්ලන් අතින් අනාථ උන කෙල්ලන් වැඩ කරන්නෙත් ඕස්ට්‍රේලියා එම්බසියේම නේද? ඉතින් එහෙම එකේ ඕස්ට්‍රේලියන් කාරයෝ ඒ විදිහට හිතන එකත් වැරදිද ඉන්දික? හැබැයි අපි දන්නා ඕස්ට්‍රේලියන් කාරයෝ නම් සක්කරයා ඇවිත් කිව්වත් ලංකාවේ ඉන්නේ මිනි කන මිනිස්සු කියල පිළිගන්නේ නැහැ. නමුත් ඔබ ජිවත් වෙලා ඉන්න නිවාසය අසල පදිංචි ඕස්ට්‍රේලියන් ජාතිකයෝ එහෙම පිළිගන්නවද කියල කියන්න මම හරි හැටි දන්නේ නැහැ.(බ)
චැනල් 4 එකේ මන්තරේ ...ඩයස්පෝරාවේ අය දන්නවද දන්නේ නෑ...(බ)
කනගාටුවට මෙහෙම කිව්වේ. (බ)