
(චාපා මධුභාෂිණි)
සෞදියේ රියාද් හි ගෘහ සේවයට මීට මාස හයකට පමණ පෙර විදෙස් ගත වූ මැදිරිගිරිය දිවුලන්කඩවල දෙදරු මවක ඇය සේවය කරමින් සිටි නිවෙසේ ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් මිය ගොස් ඇති බවට දැනුම් දී ඇතැයි ඇගේ ඥතීහු කියති.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මැදිරිගිරිය දිවුලන්කඩවල පදිංචි පී. දිල්මි මධුභාෂිණි කුමාරි නමැති 26 හැවිරිදි දෙදරු මවකි.
පවුලේ ඇති දැඩි ආර්ථික අපහසුතාවලින් මිදීම සඳහා මීට මාස හයකට පමණ පෙර මෙම කාන්තාව ගෘහ සේවයට ගොස් ඇත.
ඇය විදෙස් ගතව දින කීපයකට පසු සිය ඥාතීන්ට දුරකතන ඇමතැමක් දී පවසා ඇත්තේ තමන් සේවය කරන නිවෙසේ සිටින රියදුරා කරදර කරන බවයි. ඇයට ලිංගික අඩම් තේට්ටම් කිරිමට උත්සහා කරන බව ද පවසා ඇත.
විදෙස් ගත වූ දින සිට මෙම කාන්තාව සතියකට හෝ දෙකකට වරක් නිවැසියන් සමග දුරකතනය ඔස්සේ කතා කර ඇති අතර ඒ සෑම අවස්ථාවකම කතා කිරීමට වැඩි කාලයක් නොගත් බවත් නිවෙසේ වැඩ බහුල බව සැමියාට පවසා ඇත.
ඇය විදෙස් ගත වූ මුල් මාසයේ ඇය රුපියල් 78,000 මුදක් දුන් බවත් එය මාස කීපයක් යද්දී අඩු කළ බවට ඇය කියා ඇත.
දෙවන මාසයේ 53,000ක් ද පසුව 20,000ක් ද අවසන් වරට 10,000ක් දක්වා අඩු කළ බව ඇය කියා ඇත.
මුදල් එකවර ලබා නොදෙන මෙම කාන්තව පවසා ඇත.
අවසන්වරට පසුගිය දෙසැම්බර් 8 වැනි ද සිය සැමියාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර ඉන් පසුව ඇයගෙන් ඇමතුමක් නොලැබීම නිසා නිවැසියන් ජනවාරි නව වැනි දා මේ බව විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දී ඇත.
එහි දී මොවුන්ට දැනගැනීමට හැකි වී ඇත්තේ මීට සතියකට පමණ පෙර ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අපි මේ වගේ රටක ඉපදුනේ?
ඇයි ඉතිං පඩිය ටිකක් අඩු උනත් ලංකාවෙ ගෘහ සේවයට අකමැති ඇයි?
ඇත්තටම ඉතා කනගාටු දායක සිද්දියක්. කෙසේ වුවත් තම බිරිද රට නොයවා, මේ පිරිමින් උත්සහවන්ත වුවා නම් මේ කාන්තාවගේ ජීවිතය බේරෙන්න තිබුන. ලංකාවේ බොහෝ පිරිමින් ඉතා කම්මැලියි. බොහෝ විට බලන්නේ නිකන් සිට මුදල් හොයන්නයි. නැත්තම් කාලය කා දමන්නයි. කාන්තාවන් බොහෝ දුරට පවුල් බර කරට ගනියි. Smart phones, three wheels මේ තත්වය තව දුරටත් උග්‍ර කර ඇති අතර, රට සිහිනයද තරුණයන්ගේ ජිවිත තව දුරටත් පරිහානියට පත් කර ඇත. දේපල විකුණා තම දෙමව්පියන් පාරට ඇද දමා රට යයි. තවත් උග්‍ර සමාජ අර්බුදයක් උදා වෙමින් පවතී. රට ඉලක්කයක් නොමැතිව ඇදී යමින් පවතී. මාද්ය, උගතුන් සහ සමාජ ක්‍රියාකාරීන් කිසිවක් නොකරයි. උන් තමන්ගේ බඩ වඩා ගනිමින් සිටියි.
රියදුරා කරදර කරනවා කියලා තියෙනවා වැටුපක් හරියට දීලා නැහැ මේ නිසා ගෑස් සිලිංඩරය පිපිරීමට රියදුරු කටයුතු කලාද සැකයක් ඇතිවෙනවා කොහොම නමුත් සෞදි කියන්නෙ මිනීමැරුම් කරන රටක් කියලා විටින් විට සිදුවන දෙයින් පේනවා එනිසා නැවතත් කියන්නෙ සෞදියට ගෘහ සේවිකාවන් පමණක් නොවෙයි කිසිම සේවයක් සදහා කිසිවෙකු නොයවන්න කියලා තමයි
රනිල් / මහින්ද ඕන් බලපන් උබලා හොරු පරිස්සම් කරලා , වරායවල් හදලා සල්ලි නාස්ති කරපු හින්දා අවුරුදු 26 කෙල්ලෝ පිට රටවල වැඩ කරලා මැරිලා ගිහින් . කෝ උබේ පංතියේ එවුන් ඩොලර් සතයක් එවුවාද රටට?
මෙම අසරණ පවුලට සෑහෙන වන්දි මුදලක් රජයේ විදෙහ්ස අමාත්යංශය මැදිහත් වී ලබා දිය යුතුය
අත පය හතර හොඳට තියෙන සැමියා ගෙදර ඉන්නකොට බිරිඳ බැල මෙහෙවර කරන්න මැද පෙරදිග යනඑක මොන තරම් ආඩම්බරයක්ද නේද?
නිදහස ලැබූ අවස්ථාව වනවිට ලංකාවෙ මුදල් යොදාගෙන සේනානායක සමුද්‍රය හදන්න පුළුවන් වුනා වල්පැල වලින් වැසුණු නිල් මැණිකක් වැනිවූ අතීතයේ මිනිස්සු වියළී දන්ඩක් වුවත් පැලවෙනවා කිව්ව භූමියක් තියෙද්දි කිසිම සැලසුමක් නැතුව ඔක්කොම රටින්ම ගෙනවිත් කන්න පුරුදු කල දේශපාලුවො තවමත් කරන්නෙ සමුර්ධි අස්වැසුම වැනි අතපය හකුලාගෙන සිටින්න ක්‍රම හැදීම විතරයි .සාමාන්‍ය පෙළ අසමත්ව පාසල් හැරයන පිරිස් උසස් පෙළ අසමත් වෙලා පාසල් හැරයන පිරිස් ගැන කිකිසිම පියවරක් අරගෙන නැහැ අරගන්න බවකුත් නැහැ නිදහස් අධ්‍යාපනය කියලා කරන්නෙ උසස් පෙළ සමත් පිරිස් සදහා වියදම් කර ඔවුන්ට පහසුකම් සැලසීම පමණයි 1977 ආණ්ඩුව රැකියා දෙන්න එකල හිටපු කර්මාන්ත ඇමතිවරයා ත්‍රීවීලර් ගෙන්වීම කලා .ඇත්තටම කරන්න ඕන ඒවාද අවුරුදු 2500 ක අභිමානවත් මිනිස්සු කියමින් අසරණ ජනතාව විදේශවල වැසිකිළි සේදීමට යවා පාලකයො ජයපැන් බොනවා. කොහොම වුනත් රටේ දියුණුව ගැන සිතන පාලකයෙක් නම් පේන දුරක නැහැ කියලා හිතෙනවා
අනිවාර්යයෙන් වෙන ප්‍රශ්නයකින් මරලා ගෑස් සිලින්ඩරයක් උඩින් දානවා.මොකටද යන්නේ පව්කාර රටවල් වලට .යන එක්කෙනෙක්වත් සැප විඳින්නේ නැහැ .අපා දුක් විඳින්නේ .ලංකාවේ ආණ්ඩුව දැනගන්න ප්‍රශ්නයක් ආවත් ගෙවල්වලට වැඩට යවන්න හොඳ නැහැ
මිනිහගේ වැරැද්ද... මේ තරම් දේවල් ආරංචි වෙනකොට ඇයි යවන්නේ? මෙහෙ ගෙදරක වැඩකරලා 40000/= ගන්න පුළුවන්...!