නීති විරෝධී ලෙස බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාවට ගොස් වසර හතරක් එරට ජීවත් වු මීගමුවේ තරුණයෙකු එරටින් පිටුවහල් කොට මෙරටට එවනු ලැබ සිටියදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මීගමුවේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් වන මොහු 2010 වසරේදී තවත් ශ්‍රී ලාංකිකයෝ 30 දෙනෙක් සමග බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාවට ගොස් ඇත.
එහිදී තාවකාලික වීසාවක් ලබා ගෙන තැන් තැන්හි සේවය කරමින් මේ දක්වා ජිවත් වී ඇති අතර පසුව ඔහුටම එය එපා වී ක්‍රිස්මස් දුපතට පැමිණ තමන්ව ආපසු ශ්‍රී ලාංකාවට යවන ලෙස එරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 319 දරණ ගුවන්යානයෙන් මෙරටට ආපසු පිටුවහල් කර එවා තිබුණි.
ඔහු නීත්‍යානුකූල නොවන තොටුපළකින් මෙරටින් පිටත්වීමේ වරදට කටුනායකදී අත් අඩංගුවට ගෙන ඇත.
ඔහු
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් රටක සාමාන්‍යයෙන් වෙනවා (නි)
මේ අසරණයා කළ වරද මොකක්ද? කුඩුකාරයෝ තවමත් නිදැල්ලේ. (නි)
උපන් බිමට වැඩිය උතුම් තැනක් නැත (නදී)
අවංක දේශපාලකයින් මෙම රටේ ඉන්නවානම් මෙම සිදුවීම ගැන හොදින් විමසා බැලිය යුතුයි. උපන් රටේ හොදින් ජීවත් වන්න ක්‍රමයක් තියෙනවානම් කිසිවෙකු විදේශගත වෙන්නේ නැහැ. අපට දැනෙන දෙය රටේ නායකයින්ට නොදැනෙන්නේ ඇයි? හොද ජීවන පසුබිමක් රටේ තියෙනවානම් නීත්‍යනුකුල තොටකින්වත් රට යන්න අවශ්‍ය නැහැ. මොහුට දඩුවම් කිරීමට පෙර දේශපාලකයිනි, ඔබලා රටට කළ වැරැද්ද දැන්වත් නිවැරදි කරන්න. (බ)
අර හොර පාස් පොර්ට් හදපු දෙන්නට මොකද කරන්නේ අත් අඩංගුවට ගන්නේ කවදාද (දිල්)