සංචාරක ඉන්දීය පිලට එරෙහිව මේ මස 21 වැනිදා සූරියවැවදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක‍්‍රීඩක ඉසුරු උදාන කැඳවා තිබේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට ද සහභාගි වූ වමතින් වේග පන්දු යවන 24 හැවිරිදි ඉසුරු උදාන මේ වන විට අන්තර්ජාතික විස්සයි-20 තරග හයකදී කඩුලූ 5 ක් දවාගනෙ තිබේ. ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ළහිරු තිරිමාන්න, ලසිත් මාලිංග, චාමර කපුගෙදර, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, ජීවන් මෙන්ඩිස් සහ ඉසුරු උදාන
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද එයාට මේ තියෙන විශේෂ සැළකිල්ල?
අපි සුභපතමු අපේ ක්‍රිකට් කණ්ඩායමට..!!
කපුගෙදර.....ආයෙත් ලංකාව පරාදයි.
වර්ල්ඩි කප් එකේ නරකම පන්දු යවන්නා කවුද?
මගෙ අකමැතිම ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් තමයි කපුගෙදර.. මෙයා බෝල 50කට ලකුණු 10ක් විතර ගහල දැවීයනවා...
මම අකමැතිම ක්‍රීඩකයෙක්
ශාන්ත, එයාලගේ ළකුණු වාර්තා අරන් බලන්නකෝ.නිකන් බොරුවට ප්‍රතිචාර දාන එකේ.
කපුගෙදර ?????
කපුගෙදරට බනින අය ටිකක් එයාගැන හොයලා බලලා කතා කළානම් හොදයි..
මෙයාල එක්ක සෙල්ලම් කරන්න අමාරුයි නේ...
ආයිත් පාරක් කැදවලා????? වෙන කෙනෙක් නැද්ද?
ඇත්තටම චාමර කපුගෙදරට වඩා කොච්චර දක්ෂයෝ එළියේ ඉන්නවද?.මේක හරි අසාධාරනයක්.අපිට ඕනි තරග දිනන්න.ක්‍රීඩකයෝ දිනවන්න නෙමේ...
කොතන බැලුවත් කපුගෙදර. අහෝ ඔහුගෙ වාසනවකි.. අපේ අවාසනාවකි..
ලංකාවේ ක්‍රිකට්, රග්බි දෙකම ඉවරයි වගේ.දැන් තියෙන්නේ ටීක් බෝල ගහන්න තමයි
මේ කපුගෙදරට ආයෙත් අවස්ථාවක් දුන්නෙ ලංකාව පරාජය කරන්නද දන්නෙ නැහැ.. එයාට වැඩිය ක්‍රිකට් පුළුවං අය නැද්ද?
එයාට වැඩිය ක්‍රිකට් පුලුවන් අය ඇත්තේම නැද්ද වෙන?
අයියෝ මැච් බලන්න එපා වෙනවා....
භානුක හොද නැද්ද?දන්නේ නැති නිසයි අහන්නේ
අයියෝ ඇයි මේ කපු.....වෙන අය නැද්ද ???
කපුගෙදර ආපහු ??????????