මාස දෙක තුනකට පමණ පෙර විවිධ තාඩන පීඩනවලට ලක්වී සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ සිටි සෞදියේ සේවයට ගිය ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙක් රජයේ වියදමින් අද (14) ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ.
අද පෙරවරු 6.40 ට පමණ ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් යානයකින් මෙම පිරිස පැමිණි අතර අනුරාධපුර, මඩකලපුව, අම්පාර, පොතුවිල්, පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
විදේශ රැකියා නියුක්ති කාර්යංශය මොවුන් බාරගෙන නිවෙස් බලා පිටත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක මිනිස්සු! (නි)
මෙවැනි අවස්ථාවක හිස් අතින් නොයවා යම් කිසි මුදලක් දී යවන්න රක්ෂණ ක්‍රමයක් නැද්ද ? (ම)
පව් අසරණ මිනිස්සු. මේ වගේ රටවල් වලට එනවනම් එන්න ඕනේ හොඳ රැකියාවකට. නැත්තම් ඉතින් දුකම තමා.(ම)
මැදපෙරදිග එන සමහර ලාංකිකයෝ මෙහෙ ඇවිල්ලත් ලංකාවේ වගේ හැසිරෙන නිසා මේ වගේ ප්‍රශ්න වෙන්නේ. හැමෝම නෙමෙයි. සමහරු. හම්පුතාගෙන් පොඩි අඩු පාඩුවක් උනත් රණ්ඩු කරගෙන සේවා ස්ථානයෙන් පැනල ගිහින් මේ වගේ අමාරුවේ වැටෙනවා. කටාර් වලනම් තියෙන කම්කරු නීති රීති අනුව මේ වගේ දේවල් වෙන්නේ නැහැ. එහෙම උනානම් ඒ අපේ අය තමන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න හරියට බලධාරීන්ට දැනුවත් නොකිරීම. (ස)