’‘ ලෝකයේ ඉස්තරම්ම මිනිරන් හොඳම රබර් තියාගෙන වසර 67 ක් රට පාලනය කළත් පැන්සල් කූරක් මකන කෑල්ලක් හදා ගන්න බැරි ආණ්ඩුවලට මේ රට කවදාවත් දියුණු කරන්න බැරි බව උකුරණ නගරයේදී පැවැති ප‍්‍රචාරක රැස්වීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය.
මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඡන්දයෙන් කිසි සේත් දිනන්නේ නැති බවත් සන්ධානයේ නායකයාම සන්ධානයට එරෙහි වී ඇති බවත් ටිල්වින් සිල්වා මහතා එක්සත් ජාතික පක්ෂය ද යහපාලනය ඇති කිරීමට අපොහොසත් වී ඇති බැවින් ජනතාවට විකල්පයකට ඇත්තේ ජවිපෙ පමණක් බවද ඔහු කීවේය.
ජාතිවාදය අවස්සා බලය ලබා ගැනීමට ගන්නා උත්සාහයට ජවිපෙ කිසි සේත්ම ඉඩ නොදෙන බවත් ලෝකයෙන් ණයට කාලා රට දියුණු කරන්න බැරි බවත් අනෙක් පක්ෂ දෙකටම රට හදන සැලසුමක් නැති බවත් පොරොන්දු මළු ඔසවාගෙන රට වටා ලාබයි ලාබයි කියාගෙන යන බවත් ජවිපෙට හොඳ සැලසුමක් ඇති බව ටිල්වින් මහතා පවසා සිටියේය.

![P1090741[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/P10907411.jpg)
![P1090742[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/P10907421.jpg)
![P1090749[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/P10907491.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් අය පාර්ලිමේන්තුවේ හිටියානම් මෙහෙම වෙන්නේ නෑනේ (ම)
ඔබ තුමාගේ කතා පැහැදිලිය .නායකත්වයට සුදුසුයි (ම)
වසර 65ක් තිස්සේ ඔබලා කියන සිහින සමාජ වාදයත් ඔය වගේ (නදී)
ඔබතුමාලා හැමදාම වැඩක් කරන මිනිස්සුන්ගේ අඩුපාඩු හොයන එකනේ කරන්නේ. කරපු වැඩවල පොඩි හරි හොඳක් කියන්න පුරුදුවෙන්න (නදී)
දේශීය කර්මාන්ත, දේශීය නිෂ්පාදන වලට තැනක් දෙන්න හදන ආණ්ඩු ගෙදර යවනවා. 1977 ජේ.ආර් කරපු දේවල් අපිට අමතක නැහැ. (නදී)
කටේ මසුරන් දාන්න වටිනා කතාවක් (නදී)
මේ කියන ඒවා බොරු කියල හිතන්න එපා. අවරුදු 70 මේ රට පාලනේ කරපු පාලකයෝ කර්මාන්ත කියල ගෙනාවේ ගාර්මන්ට් විතරයි. මේ රට නය අරන් පාරවල් හදල දියුණු කරලා බෑ. මේ පාරවත් අපේ මිනිස්සු එ්ක තේරුම් අරගනී කියල හිතමු. (නදී)
බලයට කෑදරයි දෙයි ලොකු ලොකු පොරොන්දු!! බලයට පැමිණි පසු අමතක පොරොන්දු! ;;;ඉන්පසු පුටුව රැකගන්නට ලොල් බැ න් දූ ....... මෙවැනි යට ජන්දය දෙනවද කවුරු?...... (ම)
මේවා කරන්නට බලයක් ඕනෑද? පහුගිය කුණු ගොඩම නිතරම ගදනේද? (ම)
රට විනාශ කරපු ගොඩේ ඉහළින්ම ඉන්නේ මෙයාලගේ කට්ටිය තමා.පන්සල් හදන්න දැන් කතා කළාට ඒ කලේ තුවක්කු හදල කළ දේවල් මිනිස්සුන්ට අමතක නෑ. (ම)
ලංකාවේ රබර් මිනිරන් තිබුණාට නිෂ්පාදන වියදම වැඩි නිසා තමයි චීනෙන් ගේන්නේ.ජවිපෙ එකේ සුරඟන කතා අහල අහල එපා වෙලා දැන්.(ම)
මෙතුමාගේ කතාවේ අැත්තක් තියෙනවා (ම)
මිනිසුන් උසි ගන්වා තිබුන කර්මාන්ත ශාලා ටිකත් වස්සවල දැන් කොමිනිස්ට් තොප්පිය දම්මවල ලෝකෙන්ම බැට අරන් දෙන්නයි හදන්නෙ.මේවා අහන මෝඩයොත් ඉන්නවනේ. (බ)
මහත්තයෝ කියන තරම් ලේසියට ඕවා කරන්න බැහැ. අපිට මතකයි කාලෙක පැන්සල් මකන කැලි හැදුව රටේ. ප්‍රමිතිය අන්තිමයි. ලියන කොටත් කොළ ඉරෙනවා මකන කොටත් කොළ ඉරෙනවා. අපි ඒ කාලේ දන්නා අඳුරන පිට රටවල ඉන්න අයට කියල ගෙන්න ගත්තේ. ඒ ගැනත් ටිකක් හිතන්න. අදහස් හොඳයි ඒ උනාට ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න ගියාම තේරේවි ඔයාලටම. (බ)
චමල් , ඔයා කියන එකේ සත්‍යතාවයක් තියෙන්නෙ , ලංකාව වගේ පොඩි රටක මාර්කට් එක බලාගෙන එවැනි ව්‍යාපාර කළොත්…ඒත් විදෙස් වෙලද පොළත් ඉලක්ක කරන වැඩපිලිවෙලක් හැදුවොත් මේක සුරන්ගනා කතාවක් වෙන්නෙ නෑ… 67 වසරක ඔයාල පත් කළ පාලකයො , කොස්ට් එක අඩුකරල රට පැටෙව්වෙ... විදෙස් ගත ශ්‍රමිකයො විතරයි.. ඒ අතරිනුත් මැදපෙරදිග එවපු නුපුහුණු අය තමා වැඩි...(බ)