අධ්‍යාපන, යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශ අධීක්‍ෂණ මන්ත‍්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා දිනපතා ලංකාදීප පුවත්පතට පසුගිය වසර හතක පුරා නොකඩවා ලියූ ‘ඉස්කෝල හංදිය’ තීරු ලිපි ආශ‍්‍රයෙන් සකස් කරන ලද ‘ඉස්කෝල හංදිය’ ග‍්‍රන්ථය කොළඹ ආනන්ද විද්‍යාලයීය, කුලරත්න ශාලාවේදී එළි දැක්විණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරි සුමන හිමි සහ ශ‍්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මානව හා සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර මහතා එම ග්‍රන්ථය පිළිබඳව කතා කළහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමති මෛත්‍රිපාල සිරිසේන, අමාත්‍ය බන්ධූල ගුණවර්ධන,එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් යන මහත්වරුද ත්‍රෛනිකායික මහා සංඝරත්න, අන්‍ය ආගමික පූජකවරු ද ,සිවිල් සංවිධාන නියෝජිතයෝ ද, අධ්‍යාපනඥයෝ ද හා කලාකරුවෝ ද මෙම උත්සවයට ආහ.
(ඡායාරූප සංජීව නිරෝෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහාන් ලාල් ග්‍රේරු ගරු මන්ත්‍රීතුමනි, මුළු දිවිය පුරා දැයෙහි දරුවන්ගේ නුවණැස විවර කිරීමට වෙහෙස ගත් ඔබතුමාගේ ඉදිරි ජය මාවතට රන් දොරටු විවර වේවා යනු අපගේ එකම පැතුමයි. (නි)
වෙනස පටන් ගතයුත්තේ පක්ෂ මාරු කිරීම තුලින් කියලයි මම හිතාගෙන හිටියේ. (නි)
මොහාන් ලාල් ග්‍රේරු මගෙ වීරයෙක් වෙලා හිටියා අපොස උපෙ කරන කාලෙ. ඒත් පස්සේ ඒ ගෞරවය නැතිවෙලා ගියා. (නි)
දැන් කවුද ඔය පොත ආදර්ශයට අරගෙන වැඩකරන්න ඕනෑ? ළමයි ද? දේශපාලුවන්ද? (නි)