ඉතාලියේ බෙර්ගමෝ නගරයේ ෆාරා ගියේරාදි අඩ්ඩා දාහත් හැවිරිදි ලාංකික පාසල් ශිෂ්‍යාවක් උදෑසන හතට පමණ පාසල් යාම සඳහා බස් රථය ගැනීමට මොන්ෆලේකෝන් මාවතේ අනෙක් පැත්තට යන අවස්ථාවේ ලාංකිකයකුගේ (42) වාහනයේ ගැටී තුවාල ලැබුවාය.
ඇය හිස් බනුව පැළැඳගෙන සංගීතය අසමින් සිට ඇත.
වාහනයේ ගැටී බිම වැටුණු ශිෂ්‍යාව ත්‍රෙවිල්යෝ නගරයේ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ උකුළු ඇට බිඳී ඇතැයිද, දින හතලිහක් පමණ ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරුන් නියම කර ඇතැයි ද දැක ගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අයට ප්‍රස්න ඇතිවෙන්නේ ලංකාවේ අයගෙන්මයි ලෝකේ කොහේ ගියත්. (නදී)
මෙය තවත් එක් රිය අනතුරක් පමණි. (නදී)
පාර පන්නිද්දී ඌ සිදුවීමක් කියල තිබුනට ,ඉතාලියේ අවට ගියාට පාර පන්නින බැ. මොකක් කනේ ගහගෙන හිටියත් , නීතියානුකුලව පාර මාරු උනානම් දරුවා නිවැරදියි . අන්දයොත් පාර පන්නින්නේ. (අ)
ඒ දැරියට ඉක්මන් සුව පතමි. හිස් බනුව යන සිංහල වචනයේ තේරුම මොකක්ද ? (නදී)
ඔය නන්දන පනාගොඩ මිලානෝ කියන කෙනා ඉතාලියේම ඉඳගෙන ඔහු පමණක් සියල්ල දන්නවා යයි හැඟවීමට අනිත් අයට අපහාස කරනවා නේද? ඉතාලි මිනිස්සු අනතුරු කරගන්නේ නැද්ද? අනික මෙතන රියදුරු මත්පැන් පානය කළා යයි කිසිම සඳහනක් නැහැ. (නදී)
නන්දන පනාගොඩ මිලානෝ, ඔබගේත් ඔය රෝගයට ඉක්මනින් ප්‍රතිකාරයක් කර ගන්න. නැතිනම් අහිංසක රියදුරෙක් අමාරුවේ වැටෙයි.(දී)
මදැයි ඔයින් ගියා ළමයා බෙරුනානේ (දී)
හුඟක් අය මේ සිද්ධිය පටලවාගෙන.මේ ඉස්බනු පැලඳගෙන යන අයට බාහිර ලෝකය ගැන අවධානය අඩුයි.තමන් රස විඳින සංගීතය හෝ වෙනයම් දෙයක් පිලිබඳ අවධානයෙන් පාර මාරු වන විට මෙවන් දේ සිදුවිය හැකියි.කොහොමත් අපි මේ දැරියට ඉක්මන් නිරෝගී සුව පතනව.යුරෝපයෙම ජීවත් වන අපේම උදවියගෙන් අතලොස්සක් සත්‍ය අසත්‍ය නොසොයා එක් පාර්ශ්වයකට පමණක් දොස් නැගීම අනුමත කල නොහැකියි. ඉතාලියේ පමණක් දිනකට වාහන අනතුරු සිය ගනනක් සිදුවන අතර ඉන් අති බහුතරය සිදුවන්නේ ඉතාලි ජාතිකයින් අතින්. (අ)
වැරැද්ද සම්පූර්ණයෙන් ම ළමයාගේ අතේ සහ දෙමුපියන්ගේ අතේ,, (ස)
රක්ෂණ සමාගමෙන් නම් ලක්ෂ හත් අටසීයක් හම්බවෙයි. (නදී)
මෙම හිස් බනුව නිතර පැළඳ සවන්දීමන් සාමාන්‍ය තත්වයේදී(කලකදී) ශබ්ද නොඇසීමට බොහෝදුරට ඉඩතිබේ. මක්නිසාදයත් සවන එම සංඛ්‍යාතයට හුරුවීමෙනි. (නදී)
මේ ලිපියෙන් එක දෙයක් තේරෙනවා. තව ටික කාලයක් යනකොට ඉතාලියේ ශ්‍රී ලංකික ජනගහනය ඉතාලි ජගහනගහනයට වඩා වැඩි වේවි. (ස)
දැන් කොහොමහරි රියදුරාට සිදුවෙනවා ලොකු වන්දියක් ගෙවන්න ළමයට. මොකද අනතුරක් වලක්වා නොගැනීම. යුරෝපේ රිය පදවන එක හරිම අවදානම්. කෙනෙක් හැප්පුනොත් අනිවාර්යෙන්ම වන්දි ගෙවන්න ඕනේ.(නදී)
මේ වගේ අනතුරක් සිදු වුණහම ලංකාවේ සමහර අය නම් අනතුරට ලක්වූ කෙනා ගැන හොයා බලනවට වඩා කරන්නේ, රක්ෂණ සමාගමෙන් ලැබෙන වන්දි මුදල ගැන සොයා බලන එකයි. මෙහෙමත් මිනිස්සු!!!! (නි)
දැරිය ඉක්මනින් සුවපත් වේවා.මේ පුවතින් සිංහල වචනයක් ඉගෙන ගත්තා.ස්තූතියි. (අ)
අපේ ලංකාවේ කොල්ලෝ ගිය තැන කොහොමත් මිණිමරන්න හදන්නේ. (අ)
ලංකාවේත් කී දෙනෙක් රිය අනතුරු නිසා දවසකට මියයනවද? (නි)
නිශාන්ත, ඇත්තමයි මමත් ඕක දැන ගත්තේ දැන්. සුජානි ඕක කනේ ගහ ගෙන යන කෙනා යන්නේ ඇහෙන දේ විඳිමින්, එ්කට වාහන පදවන අයට වරද කියල හරියන්නේ නැහැ මම හිතන්නේ.(නදී)
මම දැක්කා ලංකාවේ පාසැල් යන ළමයි වැඩි දෙනෙකුට මේ ඉස් බනු ලෙඩේ තියෙනවා. දෙමාපියන් තමයි මේවා අරන් දෙන්නේ. කිසිම වැඩකට නැති අනාරක්ෂිත මෙවලමක්. (නදී)
මේක හදිසි අනතුරක් සුජානි. මිනී මැරුමක් නෙමෙයි. ඉස්සෙල්ල හරියට කියවල තේරුම් ගන්න. කොහොම උනත් ඒ ළමයට ඉක්මන් සුවය පතනවා.(නදී)
ලංකාවේ නම් අනතුරට පහුවදාට රටෙනුත් පැනලා යන්න පුළුවන්. ඔය එහෙම උනා කියන්නේ!(දී)
සුජානි ලංකාවේ කොල්ලෝ මිනී මරනවාය කියන්නේ එයා හෙඩ්සෙට් එක ගහගෙන පාරේ හිටපු හින්දා වෙන්න ඇති.(නදී)
වැඩේ දෙන්නම ලංකාවේ වෙච්ච එකනේ. සුජානි හදිසි අනතුරක් වෙන්න ලංකාවේ හෝ පිටරටවත්, ගැහැණු පිරිමි බේදයක්වත් නැහැ. පාර පනින අයත් කල්පනාවෙන් පාර පනින්න ඕනේ.(නදී)
මම හිතන්නේ වරහන් ඇතුලේ 42 කියල දාලා තියෙන්නේ වාහනය එලවපු කෙනාගේ වයස. සුජානි, ඉතින් කොහොමද එයා කොල්ලෙක් වෙන්නේ? (නදී)
පාන්දර හතර වෙනකල් මත් පැන් බීලා උදේට වාහන පදින ලාංකිකයන් අතින් තමයි මෙවන් සාපරාධී ක්‍රියා සිදුවන්නේ. මොහුට දැඩි දඬුවම් දියයුතුයි.(අ)
ප්‍රනීත්, යුරෝපයේ අනතුරක් සිදු උනාම එහි වන්දිය ගෙවන්නේ අදාල රක්ෂණ සමාගමෙන්. රියදුරන්ව හිරේ දමන නීති ඒ රටවල නැහැ. බිමත් රියදුරෙකු නම් එම රියදුරු බලපත්‍රය යම් කාලසීමාවකට හෝ තහනම් කරනු ලබනවා. ප්‍රදීප් කරුණාකර මෙතන මෝඩ කතා ලියන්න එපා. ඉතාලියේ වෙසෙන විදේශික ජනගහනයෙන් ශ්‍රී ලංකා පුරවැසියන් ඉන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. නමුත් ශ්‍රී ලංකා පුරවැසියන් වැඩි වශයෙන් වෙසෙන නගර වල ලාංකිකයන්ට, ලාංකිකයන්ගෙන් ම සිදුවන කරදර නම් බොහෝයි. ඒ ලාංකිකයන් තුල ජන්මයෙන් පැවත එන කුහකත්වයයි. (ස)
ඉක්මන් සුවය පතමි. (නදී)