ළමා අපචාරකරුවන්ට මරණ දඬුවම දීමට හැකි වන පරිදි නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති රංජන් රාමනායක මහතා කියයි.
කොටදෙනියාවේ සේයා දැරියගේ සිද්ධිය මුළු රටටම කළු පැල්ලමක් බවත්, මෙවැනි සිද්ධි යලි නොවීමට වග බලා ගත යුතු බවත් රාමනායක මහතා පවසයි.
මෙවැනි සිද්ධියක දී කලබලකාරී ලෙස හැසිරුනහොත් සාක්කි විනාස විය හැකි බව කියන ඇමැතිවරයා මේ අවස්ථාවේ ඉවසීමෙන් හා සාමකාමීව කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිණත ඇමතිවරයකු ලෙස ඔබ කටයුතු කිරීම ගැන සතුටුයි. අපි ඔබ දෙස අවධානයෙන් බලාසිටිමු. (නි)
හා හොඳයි. අපි එහෙම කරන්නම් (නි)
ඉවසීමෙන් ඉන්න ඊළඟ අපයෝජනය වෙනකන් (බ)
අපි එහෙනම් රන්ජන් මහත්තයා කියන විදිහට වැඩ කරන්නම්කෝ එහෙනම්... (නි)
පරිණත ඇමතිවරයකු ලෙස ඔබ කටයුතු කිරීම ගැන සතුටුයි. අපි ඔබ දෙස අවධානයෙන් බලාසිටිමු.ළමා අපචාර සහ ස්ත්‍රී දුෂකයන්ට ඔබ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ගෙන ආවොත් ඔබතුමාගේ නම ලංකා ඉතිහාසයේ ලියවෙනවා නියතයි. ජයවේවා! (නි)
ජයවේවා ඔබතුමාට! අපි ඔබට සහයෝගය දෙනවා (නි)
ඒ වුනාට ඔබතුමානේ මරණය වුන ගමන් එතනට ගිහින් කිව්වේ අපරාධකරුවන්ට මුස්ලිම් නීතිය අනුව දඬුවම් දෙන්න ඕන කියල. (බ)
ඇමතිතුමනි,මේ වාගේ තිරිසන් මිනිසුන්ට අරාබියේ දෙන දඬුවම් තමයි දෙන්න වටින්නේ.(ම)