(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයේ නව වැඩබලන උත්තරීතර නායක අලිරේසා අරාෆි පත්වී පැය කීපයක් තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි ඇතැම් ඊශ්‍රායල මාධ්‍ය හා සමාජ මාධ්‍ය අද වාර්තා කළේය.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පසුගියදා එල්ල කළ ප්‍රහාර මාලාවෙන් එරට උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය අතර ඒ සමග උත්තරීතර නායකයාගේ කාර්යභාර්ය සාමාජිකයන් තිදෙනෙකුගෙන් යුත් නායකත්ව කවුන්සිලයකට බාර විය.

එම කවුන්සිලයේ නීතිවේදී සාමාජිකයා ලෙස අලිරේසා අරාෆි පත්වූ අතර ඔහුට එම කවුන්සිලයේ නායකත්වය හිමිවිය.

ඒ සමග අරාෆි නව වැඩබලන උත්තරීතර නායකයා ලෙස පත්වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කළ අතර ඉරාන ජනාධිපති මසූද් පෙසේෂ්කියාන් එහි සාමාජිකයෙකු වූවේය.

කෙසේ නමුත් අරාෆි මියගිය බවට ඉරාන බලධාරීන් තහවුරු කර නොමැති අතර කිසිඳු පිළිගත් මාධ්‍යයක්ද එම පුවත තහවුරු කර නොමැත.

හිටපු උත්තරීතර නායක කමේනි මරණය පත්වූ දිනම අරාෆි නව වැඩබලන උත්තරීතර නායකයා ලෙස පත්විය. කෙසේ නමුත් ඔහු ගුවන් ප්‍රහාරයකින් මියගිය බවට තහවුරු නොකළ මාධ්‍ය වාර්තා පළවීම ආරම්භ වී ඇත.