
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය සමග යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවත් ඒ හේතුවෙන් ඉරාන ජනාධිපතිවරයා සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අතර මතභේදාත්මක තත්වයක් හටගෙන ඇති බවත් "ද ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පත වාර්තා කළේය.
හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයට පිළිතුරු දක්වන ආකාරය සම්බන්ධයෙන් ඉරාන ජනාධිපතිවරයා සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අතර මෙම මතභේදාත්මක තත්වය ඇතිව තිබෙන බව එම පුවත්පත සඳහන් කළේය.
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රධානීන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර සහ අනෙකුත් නගරවල තිබෙන ඊශ්‍රායල හමුදා කඳවුරුවලට පහරදිය යුතුබවට දැඩිව ප්‍රකාශ කරද්දී ඉරානයේ අසල්වැසි රටවල තිබෙන ඊශ්‍රායල හමුදාවේ රහසිගත කඳවුරුවලට පහරදීමට ජනපති මසූද් පෙසෙෂ්කියාන් යෝජනා කර ඇතැයි "ද ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පත පෙන්වා දුන්නේය.
ජනපති පෙසෙෂ්කියාන්ගේ යෝජනාව නොසළකා හරිමින් ඊශ්‍රායලයට පහරදීමට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සූදානම් වන බවත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි දුන් අණ නියත වශයෙන්ම ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ක්‍රියාත්මක කරන බව එම බළකායේ ප්‍රධානියෙකු ප්‍රකාශ කර ඇති බවත් "ද ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පත වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉරාන ජනපති විප්ලවවාදී බළකාය සමග මත ගැටුමක්