කෙටි තරංග විකාශනයන්ට සවන්දෙන ශ්‍රාවකයන් අඩුවීමත්, කෙටි තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමේදී ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීමත් හේතුවෙන් ඉරණවිල මධ්‍යස්ථානය වසා දැමීමට එය පවත්වාගෙන ගිය ගුවන්විදුලි පාලක මණ්ඩලය නමැති ස්වාධීන එක්සත් ජනපද ආයතනය තීරණය කර ඇති බව ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි.
එබැවින්, ඉරණවිල මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ඉඩම ශ්‍රී ලංකා රජයෙන් බද්දට ලබාගෙන තිබූ බැවින් එය ආපසු රජයට බාරදුන් බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
ඉරණවිල මධ්‍යස්ථානය ක්‍රියාත්මක වූ කාලය තුළ එක්සත් ජනපද රජය විසින් ඉඩම එළිපෙහෙළි කර, මංමාවත්, ජලපවාහන කානු මෙන්ම වැටවල් හා නවීන කාර්යාල ගොඩනැගිලි ආදිය ඉදිකර ඉරණවිල ඉඩම සංවර්ධනය කළ බවද පවසා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! ඉරණවිල ඉන්දියාවෙන් බේරාගන්න
වසර 10000 කට පෙර ඍෂිවරු හිටිය බව පතිරණ මහතා දන්නේ කොහොමද? අපිටත් කියන්නකෝ මොන පුස්කොල පොතේද තිබුනේ කියලා. (නි)
මේ ගොල්ලෝ හිතාගෙන සිටි වැඩ ටික භෞතික විද්‍යාවෙන් කරන්න බැහැ. පෘථිවිය තුළ ගුරුත්වාකර්ෂණ බලය අඩුම රට ලංකාව. ඒ වගේම විශ්වයට පණිවිඩය යැවිය හැක්කේ ලංකාව තුළින්. එ්කයි ලංකාවට විශේෂ තැනක් හිමිවන්නේ. දැනට වසර 10000 කට පෙර අපේ රට පාලනය කෙරුවේ ඍෂිවරයන් විසින්. ඒ අය විශ්ව ශක්තිය උපයෝගී කරගෙන තමයි තාක්ෂණ දැනුම ලබාගත්තේ. දැන් සිටිනා අය මේ දැවැන්ත ඉතිහාසය නොදැන සිටීම කණගාටුවට කරුණක් (නි)
අද අැමෙරිකානුවෝ ඉන්දියාව ඔවුන්ගේ ඔඩොක්කුවට ගෙන ඉන්න නිසා දැන් ඉරණවිල අවශ්‍ය නැහැ. ලංකාවේ ඉන්න අයත් ඔවුන් කියන වෙලාවට කියන විදිහට ඉන්න නිසාත් දැන් හැංගිහොරා වැඩ ඕනෑ නැහැ. ඉරණවිලත් ඕනෑ නැහැ (නි)
රන්ජිත්ලා, පතිරනලා වගේ අය ඉන්න එකත් පුදුමයි. ඉන්න ඕනෑ තැන මම කියන්නේ නැහැ. ඔය විදියට ඔය ඊනියා ඍෂිවරු හඳටත් යන්න ඇති. පිටසක්වල අය එක්කත් සම්බන්ධකම් තියෙන්න ඇති (නි)
එහෙනම් ඒකත් එහෙමයි....? (නි)
මෙවැනිම දෙයක් තම හමබන්තොට වරායටත් වෙන්නේ , බදු ඉවර වුණාම නැවත ලංකාවට හම්බවෙනවා . (ම)
අදටත් කෙටි තරංග වලට සවන් දෙනවා නම් විදේශ ගුවන්විදුලි සේවා රැසකට ලංකාවේ සිටම සවන් දිය හැක. මෙම තරංග එෆ්.එම්. තරංග වලට වඩා බොහෝ වැඩිදුරකට විසුරුවා හැරිය හැක. (නි)
ඕකත් විකුණලා දාමු අනේ. (නි)
පතිරණ මහතාගේ අදහස් හරි වටිනවා. විශ්වයේ දොරටුව තියෙන්නේ හෙළබිමෙන්. මමත් එ්ක පිළිගන්නවා. (නි)
ඔව් ඔව් කව්ද කෙටි තරංග විකාශනයන්ට සවන්දෙන්නේ? කෙටි තරංග වලට සවන් දීලා දැනගන්න විශේෂ දේවල් අපිට නැහැනේ. දැන් අපි සවන් දෙන්නේ එෆ් එම්, ඒ එම් වලට විතරයි. (නි)