කොටි මර්මස්ථානයක් වූ ඉරණමඩුවේ ගුවන් පථය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත විය.
කොටි නායක ප‍්‍රභාකරන් සහ න්‍යායාචාර්‍ය ඇන්ටන් බාලසිංහම් ඇතුළු ඉහළ පෙළේ කොටි නායකයෝ බොහෝ විට ඉරණමඩු වැව් තෙරේදී එදා සාකච්ඡා සඳහා රැස්වූහ.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිටුවර්ස් එම්.ඒ 60 වර්ගයේ ගුවන් යානයෙන් ඉරණමඩුවට පළමු ගුවන් ගමන ගියේය.
එහිදී ගිනි නිමන රථ මගින් ගුවන්යානයට මුදාහල ජල වර්ෂා ආචාර මැද ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා විසින් ජනපති මහින්ද රාජපක්ෂ මහතාව පිළිගත්තේය.
එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන් විසින් සම්පුර්ණයෙන්ම විනාශකර දමා තිබු මෙම ගුවන්පථයේ ඉදි කිරීම් කටයුතු 2012 වසරේදී ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කි‍්‍රශාන්ත මනම්පේරී මහතාගේ නායකත්වයෙන් සිදු කල අතර මෙහි සංවර්ධනය කිරීමේ කටයුතු ගුවන් හමුදා ක්ෂණික ගුවන් ධාවන පථ අලූත්වැඩියා කිරීමේ අංශය විසින් සිදු කෙරිනි.
අලූතින් ඉදිකරන ලද ඉරණමඩු ගුවන් පථයේ ගුවන් යානා ගොඩබැස්වීමේ මුලික පෙරහුරුවක් ලෙස 2012 දෙසැම්බර් මස 09 දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා විසින් වයි 12 වර්ගයේ ගුවන් යානයක් ගොඩබස්වන ලදී.
ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකර ඇති මෙම ගුවන් පථය දිගින් මීටර් 1500ක් හා පළලින් මීටර් 25කින් සමන්විත වෙයි. මෙහි සැලසුම්, ඉංජිනේරු, ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ හා තාක්ෂණික ඇතුලූ සියලූම කටයුතු ගුවන් හමුදාවේ විවිධ ක්ෂේත‍්‍රවල ගුවන් භටයින් විසින් සිදුකිරීම මෙහි ඇති විශේෂත්වයයි.
මින් ඉදිරියට මෙම ගුවන් පථය හරහා උතුරේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මෙන්ම උතුරු හා නැගෙනහිර පලාත්වල සංචාරයේ යෙදෙන සංචාරකයන් වෙනුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් සේවය වඩාත් සක‍්‍රියව කඩිනම්ව ලබා ගැනීමට හැකිවනු ඇත.
මෙම අවස්ථාව සදහා සමිප‍්‍රධායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි, කිළිනොචිචි ප‍්‍රදේශයේ රාජ්‍ය නියෝජිත රූබාවරී කැතිස්වරන්, ජෙනරාල් ජගත් ජයසුරිය, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය හා ගුවන් හමුදා ඉරණමඩු කදවුරු අණදෙන නිලධාරි එමි එමි ටී සී මනමිපේරි යන මහත්ම මහත්මීන් එක්වූහ.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. අපගේ කොල්ලන්ගේ වැඩ ලොවට පෙන්නමු. සුද්දා නැතුවට අපට කරන්න පුළුවන් කියා පෙන්වමු (නි)
කොටින්ගේ රාජධානිය නේද මේ ? සිහිනයක්ද කියලා හිතෙනවා.ජනාධිපතිතුමනි, ඔබතුමාට අපි සදා ණයගැති වෙමු. (නි)
ගරු ජනපති තුමන්ට ප්‍රණාමය පුද කරන අතර මෙවන් ගුවන් තොටවල් තැනීම හොද උවත් ඉදිරි කාලයේදී ඇති විය හැකි සතුරු කරදර වලින් මේවා බේරා ගැනීමත් රටත් ජනතාවත් රැක ගැනීමත් අප හොදින් වග බලා ගත යුතුයි. මන්දා තවම කොටි ජාලය අවසන් නැති නිසාවෙන් මේවා කොටි හිත වාදී රටවල් එකතුව බලෙන් පරිහරණයට ගැනීමට කටුයතු කල හැකි බැවිනි. දමිල දේශපාලකයන් අපට පෙන්වන්නේ ඔවුන්ගේ නියම ස්වරූපය නොවන බව අප හොදින් මතක තබා ගත යුතුය. 13 වෙනි සංසෝදනය නොකර ඔවුන්ට බලය ලබා දෙන ලෙස රජයට බල කර සිටිනුයේ එම දෙබිඩි බලාපොරොත්තුව යටිහිත් වල තබාගෙන වන අතර ඉන්දියාව අපට බල කරනුයේ ඔවුන්ගේ රටේ ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගෙනම උදෙසා මිස අපේ රටේ උන්නතිය වෙනුවෙන් නොවන රජයද මතක තබා ගත යුතුයි. අප රට දියුණු කල යුතු බව සැබැය. එහෙත් ඉරණ මඩු වැවට සැහෙල්ලු ගුවන් යානයක් මගින් කොටි නායකයෙක් රටට අනවසරයෙන් ඇතුල් වූ බවත් සිහියේ තබා ගතයුතු වන්නේය. තවත් මානුසික මෙහෙයුමක් කිරීමට අවස්තාව උදාකර නොගන්නා ලෙස ඉල්ලා සිටිමි.(නදී)
ජනපතිතුමනි , ඔහොම මුළු රටම එක්සේසත් කරන්න. සිද්ධ විය යුත්තේ මෙන්න මේ දේ තමයි. ජාතිවාදයට දියයුතු හොඳම පිළිතුර ඔබතුමා අද උතුරේ වැසියන්ට දීලා තිබෙනවා. ඔවුන් දැන් නිවැරදි විය යුතුයි (නි)
මම සුභ පතනවා ලංකා මාතාවට (දී)
මේ වගේ වැඩ වලට කොච්චර වියදම්ද? ඒත් ආණ්ඩුවේ ඉස්පිරිටලවල බෙහෙත් නැහැ. බලන්න. ලෙඩ්ඩු ෆාමසි වලින් බෙහෙත් අරගන යන්න ඕනෑ. (නි)
යුගයේ අවශ්‍යතාවයක් ඉටුකිරීම පිළිබදව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ස්තුතිය ! (නි)
අපි ඉතින් ඉරණමඩු ප්ලේන් එකෙන් ගිහින් මොනවා කරන්නද? (නි)
මට මෙයාව දැක්කහම මතක් වෙන්නේ ගඩාෆිව. (නදී)
ගුවන් හමුදාවේ නියම වැඩක් .....අපේ කොල්ලන්ට ජය වේවා ..තව පොටෝ ටිකක් දන්නා බලන්න.(නදී)
ජය ජය වේ!(නදී)
අනේ මන්දා. මෙව්ව රටට හරියනවද කියලා මට නම් පැහැදිලි නැහැ (නි)
ආනමඩුව ගුවන් ගමන් පටන් ගත්තේ අපේ සීයා. ආනමඩුවේ ගිහිල්ලා ජනපති තුමා ඉරණමඩු ගීයා කියල පත්තරේ දාන්නේ මොටෝ කියලා අපේ නායක තුමා හා ගෝල පිරිස කියනවා.(නදී)
කවදත් මගේ ප්‍රණාමය හමුදාවට! (නි)
අපි මොනවා කියන්නද ඉතින්? (නි)
මේවා දකින කොට සිංහලයන් වශයෙන් අපිට ලොකු ආඩම්බරයක් හිතෙනවා. අපේ ත්‍රිවිද හමුදාවටම පළමුව ස්තුතිය. අපේ ලංකාව කොටින්ගෙන් බේර ගත්තට. ඔබ සැමට දිර්ගායුෂ.(නදී)
අනේ මන්දා අපිට ගුවන් පත විතරයි අඩුවෙලා තියෙන්නේ. (නදී)
අපි කවදාවත් හිතුවද මේ වගේ වසනාවන්ත පුවත් දකින්න, ජනාධිපති තුමනි, රණවිරුවනි ඔබලාට ගොඩක් පින් අපේ රට කොටින්ගෙන් මුදා දුන්නට. ලංකාදීපය රට ඉන්න අපිට මේ වගේ හොඳ ප්‍රවෘත්ති දෙන එකටත් ගොඩක් ස්තුතියි.(නදී)
කො කව්රුත් මුකුත් ලියන්නේ නැද්ද?(නදී)
හොඳ වැඩක්. අපේ දක්ෂයන්ගේ හැකියාවන් පෙන්වපු අවස්ථාවක්.(නදී)
සඳුන් ඔයාට ඔයාගේ තාත්තාව මතක් වෙන්නේ නැද්ද මේක දැක්කම ගඩාෆිව මතක් උනේ.(නදී)
පෙරේරා වගේ මෝඩ අදහස් දරණ අයට මේ වගේ දේවල් වල වටිනාකම තේරෙන්නේ නැහැ.(නදී)
ගොඩක් අය බලන්නේ හැම දෙයක්ම වපර ඇසින්. . මොනදේ කලත් නරක පමණයි පේන්නේ. මට සිතා ගන්න බැහැ සිංහලයන් හැටියට අපේ අය මේ තරම් අපේම රට පාවා දෙන්නේ මොකද කියලා.(නදී)
ජයවේවා ජනාධිපතිතුමනි! හොඳ වෙලාවට ඕක දකුණේ නොතිබුනේ. නැත්නම් කට්ටිය කියයි හම්බන්තොටටම කරනවා කියලා (නි)
අපට ආඩම්බරයි ඔබතුමා ගැන. ජයවේවා මැතිතුමනි. (නි)
සදුන්, ගඩාෆි ගැන ඔබ දන්නවද? දන්නා දෙයක් දාන්න.(නදී)
ත්‍රිවිධ හමුදා ජීවිත පරිත්‍යාගයෙන් ,ත්‍රස්තවාදයෙන් රට මුදවාගත්තේ ඔබේ දක්ෂකමින්. සැම අතින්ම උගත් ,දක්ෂකමින් පරිපුර්ණ,ත්‍රිවිධ හමුදාවම රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට යොදවා ගැනීමෙන් කඩිනම් සංවර්ධනයකට පා නැගිය හැකි බව ගුවන් පථයෙන්ම ඔප්පු වෙනවා. නාස්තියෙන් තොරව,ප්‍රමිතියටත් , ඉක්මනටත් නිම කරමින් කොන්ත්‍රාත්කරුවන් ගසාකන මුදල් හමුදාවේම සුබ සාධනයට යොදා ගැණීම පුණ්‍ය කර්මයක්. (නි)
පළමු ගමනට කීයක් විතර වියදම් ගියාද ? එයින් ලැබුන ආදායම කීයද ? රට සංවර්දනයට කියල ලෝකෙන් ණය අර ගන්නවා. මේ වගේ විකාරත් කරනවා. දුප්පත් අපි ණය ගෙවනවා.(නදී)
ඉතාමත් ඉහළින් අගය කරනවා. (නි)
දක්ෂයින් සමග පෙරට! අසමතුන් ඉවතට! (නි)
යුද්ද කරපු දෑතින් උදුලු සවල් අල්ලනකොට රට බාරගන්නේ නැතිව හිටියනම් හරි කියලා කියන අයත් ඉන්නවා දැනගැනීම සදහා පමණි.(නදී)
රට වෙනුවෙන් කැපවෙන රනවිරුවන්ටත් ජනාධිපතිතුමා ඇතුලු සියලු දෙනාටත් ජනතා උපහාර ලැබේවා. මේ අපේ නිදහසයි. මේ අපේ ජාතියයි. චිරං ජයතු!(නදී)
ප්‍රතිචාර දැක්කහම පේනවා හොදදේ දැක්කහමත් අගය කරන්න බැරි කුහකයෝ ඉන්නවා කියලා.(නදී)
ශ්‍රීලංකාව වගේ කුඩා දිවයිනකට මොකටද මෙච්චර ගුවන් තොටුපළවල්. අධිවේග මාර්ග ටික හැදුවම හොදටම ඇති.(නදී)
වැඩේ නම් හොදයි මොනාද දන්නේ නැහැ වැඩිවෙන්න යන්නේ?(නදී)
අරුන්ට කාලා ඉන්න බැරුව ඇති.(නදී)
රටට අවශ්‍ය දෙයක්. ආඩම්බරයි. ජයවේවා ! (නි)
ලංකාව ඒකීය රාජ්‍යයක් (දී)
සදුන් හරි, මොළ හෝදපු මෝඩයෝ ඉන්න රටක ඉන්න මෝඩයන්ට ඕවා තේරෙන්නේ නැහැ. ප්‍රබාකරන් කලෙත් අසරණ මිනිසුන්ගේ මොළ හෝදපු එකනේ.(නදී)
ලබන සැරේ අපි ලංකාවට එනකොටවත් ලංකාව නිදහස් කරගෙන එක් සේසත් කරන්න ලැබේවා කියලා රටට අර්දරේ කරන සියලු දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලා සිටිනවා.(නදී)
ශාන් සෞදි, මෝඩයෙක් වුනාට මෝඩකම පෙන්වන්න යන්න එපා. අද රටට කරලා තියෙන විනාසය මිනීමරු ප්‍රබාකරන්ට අවරුදු 35 දිවත් කරන්න බැරි වුනා. ඒක අපි අපේ නිවාඩුවට ලංකාවට ආවට පස්සේ ඇස් මනාපිටම දැක ගත්තා.(නදී)
මේ ගුවන් පථය ජාත්‍යන්තර මට්ටමට ගේන්න පුලුවන්. උතුරේ ගුවන්තොටුපොළක් හදන්න ඒ තුලින් යාපනේ ජනතාවට උතුරේ ජනතාවට මුලික පහසුකම් ලැබෙනවා. වරායවල් , ගුවන්තොටුපළවල් තමයි මුලික දේ රටක දියුණුවට උතුරේ වසන්තය මෙතුලින් උදා වෙනවා. ඔබ සැමට ජය !(නදී)
පාරට බැස්සොත් දඩ, ගෙදර හිටියොත් බඩ ගින්නේ. කඩේ ගියහම අහස උසට බදු මිල වැඩි වෙලා. කුප්පි ලාම්පුවක් පත්තු කරන්නත් බැහ බුමිතෙල් මිල නැගලා. මෙතන ප්‍රතිචාර දාන මිනිසුන් එන්නේ පොලවේ පය ගහල නෙමෙයිද කියලත් හිතෙනවා. ලංකාවේ හිටිය මාසෙට අපි ඇස් දෙකින්ම දැක්කනේ රටට කරලා තියෙන විනාසයේ තරම. හරිම දුකයි රට ගැන. අනාගත දරු පරම්පරාව ගැන.(නදී)
රටට ඔබින දේ හොදියි කීමට තරම් සමහර මිනිස්සු පිරිසිදු නැහැ. කුහක කමින් මේ රට දිහා බල්ලන්න එපා. මේවා අපේ අනාගතයට බාර කරමු.(නදී)
ශ්රී ලංකා ගුවන් හමුදාවේ තවත් අනර්ඝ වැඩක්.ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ජය වේවා!(අ)
මෙහෙම ගියොත් උඩු ගුවනෙත් ට්‍රැෆික් වෙයි නේද මෙයාලා.(නදී)
මේක හොද වැඩක් අර හම්බන්තොට හදපු ගුවන් කටුගේ ගලවල ඉරණමඩු ගෙනවානම් තවත් අගෙයි (ත)
කරමු අගය හෙලයනි අපගේ දස්කම්. දකිමු දකිමු අගය අනාගතයේ විස්කම්. සිහියට ගනිමු හෙල විරුවන්ගේ විස්කම්. මේවා දකින්නට පින් කර සිටිමි මමත්.(නදී)
බුද්ධියෙන් කොච්චර වැඩ ගන්න පුලුවන්ද ? (නි)