කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයකු වන ජනක බණ්ඩාර ඒකනායක හා රුහුණු විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍යයකු වූ සිසිත ප්‍රියංකරගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් අදත් විරෝධතාවක් කළහ.
2012 සැප්තැම්බර 27 වැනි දා ගම්පහ ඉඹුල්ගොඩ දී යතුරු පැදිය විදුලි කණුවක හැපී මේ අනතුර සිදු වූ බව එකල කියැවිණි.
ඔවුන්ගේ මරණය සැක සහිත බවට පැමිණිලි ලැබීමත් සමඟ අනතුර ගැන ප්‍රතිනිරූපනයක් (රිකන්ස්ට්‍රක්ෂන්) කර රස පරීක්ෂණය පවත්වන්නැයි එවකට ගම්පහ මහේස්ත්‍රාත් (දැන් අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු) ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළත් අනතුරු වූ ස්ථානයට යතුරු පැදියවත් නොගෙනවිත් රස පරීක්ෂණය පැවැත්වූ බව පසුව අධිකරණයේ දී කියැවිණි.
මිය ගිය සිසුවකුගේ අතුරුදන් ජංගම දුරකතන අංකයක් ගැන වාර්තා කැඳවන ලෙස කළ නියෝගයට රජයේ දුරකතන සේවා සමාගමක් වාර්තාවක් ඉදිරිපත් කරමින් එම අංකයට ඇමතුම් ලැබී හෝ ඉන් ඇමතුම් ගෙන නැතැයි කීවේය.
අන්තරේ සිසුන් තම තමන්ගේ පෞද්ගලික අංක ගැන වෙන වෙනම විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණයට කීවේ නැතිවූ අංකයට ඇමතුම් ලබා ගත් බව තම විශ්ලේෂණ වාර්තාවල සඳහන් වන බවයි. අධිකරණයට බොරු වාර්තා දීම ගැන පරීක්ෂණයක් කරන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.
වසර තුනක් ගත වුවද තවමත් සාධාරණයක් ඉටු වී නැතැයි විශ්ව විද්‍යාල සිසුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුෂ, ඔච්චර අපේ බදු මුදල් ගැන කම්පාවක් තියෙනවා නම් ඔය පාරක් පාරක් ගානේ වාහන තදබද ඇතිකරමින් උද්ඝෝෂණ කරමින් කාලේ නාස්ති නොකර ගිහිල්ලා ඉගෙනගන්න. ඔය නාස්ති කරන කාලය ඉගෙනගන්න වැයකරන්න. (නි)
දකුනේ අහිංසකයින්ට මෙහෙම සැලකුවා නම් යුද්දෙ කාලෙදි හමුදාව උතුරට කොහොම සලකන්න ඇතිද? (අ)
නියමයි.ඔබේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න (බ)
පොඩ්ඩක් ඉන්න අනිත් ඡන්දෙ එනකන් (බ)
වරදක් කර වැඩිකල් එය වසන්නට නොහැක. අපි බලාසිටිමු (නි)
සිංහලයාට විතරක් නොවෙයි මේ රට අයිති.ඒකයි පාර්ලිමේන්තුවේ වුණත් හැම ජාතියකටම අයිති මන්ත්‍රීවරුන් පත්වෙලා ඉන්නේ.මේ පිවිතුරු යහපාල වැන්නවුන් ජාතියටම පිළිලයකි.මොවුන්ට ජාතිවාදය හැර කතා කරන්නට වෙනත් දෙයක් නොමැත. (නි)
ඔවුනට සාධාරණයක් ඉටු කළ යුතුයි. (ම)
පොලිස් පටි තුමා ගෙන් අහන්න. ඒයා තමා ඕවා දන්නේ. (ම)
පිවිතුරු යහපාල කියන කෙනා නම් එහෙම පිටින්ම කිසිම අධ්‍යාපනයක් නැති කෙනෙක් වගෙයි (නි)
චමීර, උතුරේ ඉන්න දෙමලු ගැන හිතන්න කලින් මේ රට අයිති සිංහලය ගැන සිතන්න. මේ අන්තරේ ඉන්න කට්ටිය රටට බරක් (බ)
අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කළ යුතුයි. ඒ වගේම 1987 89 කාලේදී සිදුවූ දේවල් ද විමර්ශනය කර වන්දි නොවේ මරණ සහතික ලබා දුන්නොත් පිනක්. (හේ)
ගොන් රැල කඩේ යනවා. ගිහින් ඉගන ගනිල්ලා. (බ)
මේ දාලා තියන දේවල් කියවද්දියි හිතෙන්නෙ රටේ මිනිස්සුද ඉන්නෙ කියලා. මහන්සිවෙලා උ.පෙ. සමත්වෙලා ගිහින් පාරට බහින්නෙ අපිට නිකන් ඉන්න බැරිකමකටවත් දේශපාලන අතකොලු වෙන්න ඕනෑ හන්දාවත් නෙමෙයි මහත්වරුනි.කියන්න කණගාටුයි රටට වෙන දේවල්, නිදහස් අධ්‍යපනයට වෙන දේවල් බලාගෙන ඔබට බෙලහීනයො වගේ ඉන්න පුලුවන් වුණාට මෙ රටේ අහිංසක මිනිසුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන අහක බලාගෙන ඉන්න තරම් අපි ඔයාලා වගේ ආත්මාර්ථකාමී අය නොවෙයි (නි)
මේ අත් දැකීම අපි ත් මොරටුවේ දී හොදට වින්දා . අනෙක් සරසවි ගිය උදවිය හොදට විදින්න ඇති. මේ දේශපාලන පක්ෂ වල අතකොලු බව දන්නෝ දනිති . කැලණිය ජපුර රුහුණ මම හිතන්නේ උපරිම වෙන්න ඇති. (හේ)
උඩ ඉන්න යහපාල මම නම් නෙමෙයි කොහොම වුණත් මට පේන විදියට මහින්ද මහත්තයාගේ කාලේ වාහන හැප්පෙන්න පුළුවන්..එත් එකෙන් මැරෙන්න බැහැ. ඇටකටු කුඩු වෙන්න බැහැ..වාහන ඇතුලේ පිච්චෙන්න බැහැ...එහෙම මලා නම් ඉතින් මහින්ද මහත්තය තමයි ඒක කරවල තියෙන්නේ..මේ පගර නැට්ටෝ දන්නේ නැහැ මැරුණේ කොහොමද මැරුවේ කොහොමද මැරෙන්නේ කොහොමද කියල .ඒවා ඇහුවා නම් දැක්කා නම් මේ අයට මහ පාරේම මලමුත්‍ර පහ වේවි.(අ)
පිවිතුරු යහපාල ත් හොදවේවි මේ දුෂිත ආණ්ඩුව කරන පාවා දීම ගැන කතා නොකර ඒවාට සුදු හුණු ගැව නම් නේද ? පිවිතුරු වගේ ජාතිය ගැන කැක්කුමක් තියෙන උදවිය මේ රටට ශක්තියක් , ආඩම්බරයක් , විශේෂයෙන් අද මේ ඇමතිකම් , පට්ටම් වලට යටවන සමාජේ . 1948 න් පසු ශ්‍රී ලාංකීය දේශපාලනයේ අපකීර්තිමත්ම අවිඡාරවත්ම සමය ලෙස මේ වකවානුව ඉතිහාස ගත වීම නොවැලැක්විය හැකි බව ඉතිහාසය දන්නෝ දනිති (බ)
ඔහොම යනු දරුවනී, (හේ)
පිවිතුරු යහපාලගේ මෙලෝ පිවිතුරුකමක් ගෑවිලාවත් නැහැ.ජාතිවාදය කරපින්නාගෙන.කෙනෙකුගේ මරණයක් සැකසහිත නම් එය නිරාකරණය කරගැනීම පොදු අයිතියක්.අපි එය හෙළා දැකියයුතු නැහැ (නි).
යෝජිත මිශ්‍ර කොමිසමට බාර දෙමුද (බ)