IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉම්පේ තවත් දිනකට කහ බැනියම රැකගනී

ශත සංවත්සර ප‍්‍රංශ සවාරියේදී මොන්ටිපිලියර් සිට ඇල්බි දක්වා පැවැති හත්වැනි අදියර ජයගත් තරගකරුවන් ?නෙන් ස්ලොවැකියාවේ පීටර් සාගන් විශිෂ්ට දස්කම් දැක්වූ නමුත් සමස්ත තරගයේ පෙරමුණ ගත් කී‍්‍රඩකයා වශයෙන් දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක ඩැරිල් ඉම්පේ සිය කහ බැනියම තවත් දිනකට රැකගත්තේය.

පසුගිය වසරේ ප‍්‍රංශ සවාරියේදී හොඳම කෙටි දුර පැදයන්නා වශයෙන් හරිත බැනියමේ හිමිකරුවාද වූ සාගන්, කිලෝ මීටර 205.5 ක දුරකින් යුත් හත්වැනි අදියරේ අවසන් මීටර 150 දී ඉතා වේයෙන් ඉදිරියට ඇදී ගොස් අදියර ජයගත්තේය. හත්වැනි අදියරේදී පිළිවෙලින් දෙවැනි සහ තුන්වැනි ස්ථාන හිමිකරගත් ජර්මනියෝ ජෝන් ඩෙගැන්කෝබ් සහ ඉතාලි ජාතික ඩැනියෙල් බෙනට් යන්තම් පාපැදික දුරින්, සාගන්ට පසුපසින් වූහ.

මේ අතර සමස්ත තරගයේ ඉදිරියෙන් සිටින දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක ඩැරිල් ඉම්පේ පවසන්නේ තමන්ගේ කහ බැනියම සෙනසුරාදා වන විට අන්සතු විය හැකි බවත් තරගය අවසානයේදී බි‍්‍රතාන්‍ය ජාතිකයකු වන කි‍්‍රස් ෆ්‍රෝම්ට එය හිමිවනු ඇති බවත්ය. සවාරියේ මින් ඉදිරියට ඇත්තේ ඉතාමත් අභියෝගාත්මක කොටසක් වන පිරනීස් කඳු තරණයයි.

තත්ත්වය මෙසේ තිබියදී, මේ දක්වා පසුපසින් සිටි මහා බි‍්‍රතාන්‍යයේ ‘ස්කයි’ කණ්ඩායම පිරනීස් කඳු පන්තියේදී සටනට බැසීමට බලාපොරොත්තුවෙන් සිටී. ස්කයි කණ්ඩායමේ නායකයා වන කි‍්‍රස් ෆ්‍රෝම් මේවන විට සමස්ත තරගයේ හත්වැනි ස්ථානයේ සිටී.

 

සමස්ථ තරගයෙන් ඉදිරියෙන් සිටින තරගකරුවෝ

01. ඩැරිල් ඉම්පේ (දකුණු අපි‍්‍රකාව)
02. එඞ්වඞ් බෝසන් හාගන් (නෝර්වේ)
03. සයිමන් ජෙරන්ස් ( ඕස්ටේ‍්‍රලියාව)
04. මයිකල් ඇල්බසිනි (ස්විස්ලන්තය)
05. මයිකල් ක්වැත්කොව්ස්කි (පෝලන්තය)
06. සිල්වෙයින් චවලින් (ප‍්‍රංශය)
07. කි‍්‍රස් ෆ්‍්‍රරෝම් (මහා බි‍්‍රතාන්‍ය)
08. රිචී පෝට් ( ඕස්ටේ‍්‍රලියාව)
09. නිකොලස් රෝච් (අයර්ලන්තය)
10. රෝමන් රෙසිගර් (චෙකොස්ලොවැකියාව)
11. ඇල්බර්ටෝ කොන්තඩෝර් (ස්පාඤ්ඤය)
12. මයිකල් රොජර්ස් ( ඕස්ටේ‍්‍රලියාව)
13. ඇන්ඩෲ ටැලන්ස්කයි (ඇමෙරිකා එක්සත් ජනපදය)
14. රයිඩර් හෙස්ජැඞ්ල් (කැනඩාව)
15. ඩැනියල් මාටින් (අයර්ලන්තය)

 



අදහස් (0)

ඉම්පේ තවත් දිනකට කහ බැනියම රැකගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site