අද ලෝකයේ වැඩියෙන්ම කථා බහට ලක්වූ වචනයකි ඉබෝලා. අප‍්‍රිකාවේ සියොරා ලියොන් හී වැසියන්ට වැළඳීමෙන් ව්‍යාප්තවූ මෙම රෝගය හා රෝග කාරකය ලෝකයේ වෙනත් රටවල්ද ආක‍්‍රමණය කිරීමට පටන් ගෙන ඇත
අද බොහෝ රටවල ගුවන් තොටුපොළ වල ජංගම රෝහල්, රසායනාගාර තාවකාලිකව ඉදිකරමින් ඉබෝලා ගෙන් ජනතාව රැක ගැනීමට වෙහෙසෙමින් සිටී. කුමක්ද? මෙම ඉබෝලා. ඉබෝලා නාමයටද විශේෂත්වයක් ඇත්තේය. වෛරසය මෙන්ම එයද දැන ගැනීම වටින්නේය.
ඉබෝලා යනු විද්‍යාත්මක නාමයක් නොවේ. බටහිර අප‍්‍රිකාවේ පිහිටි මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදි කොන්ගෝ රාජ්‍යය මැදින් ගලා බසින නිල්වන් නදියකි. මෙම දිය දහර හැදින් වෙන්නේ ඉබෝලා ලෙසය. කෙටියෙන්ම මෙම ගංඟාවේ නම ඉබෝලාය. කොන්ගෝ රාජ්‍ය භාෂාවට අනුව එබෝලා යන්නේ තේරුම ”පිරිසිදු වතුර” යන්නයි. ඉබෝලා වෛරසය ප‍්‍රථමයෙන් සොයා ගත් 1976 දී ප‍්‍රථම රෝගියා හමුවන්නේ මෙම ගංගාව ආශ‍්‍රිත ප‍්‍රදේශයකදීය.
උතුරු කොන්ගෝවේ පිහිටි යැම්බුකු රෝහලට ප‍්‍රථම රෝගියා ඇතුළු කිරීමෙන් පසු වෛරසය ශරීරගතවු එවැන්නෝ 280ක් විවිධ ප‍්‍රදේශ ආශ‍්‍රිතව සොයා ගැනීමට හැකිවී ඇත්තේය.
කහ උණ යැයි වෛද්‍යවරුන් ප‍්‍රථමයෙන් අනුමාන කළද එය නිවැරදි නිගමනයක් නොවීය. මේ ගැන සොයා බලා පරීක්ෂණ කිරීමට බෙල්ජියම් ජාතික වෛද්‍යවරු කණ්ඩායමක් කොන්ගෝවට ලගා වුහ.
ඔවුන්ගේ පරීක්ෂණ හා නිගමන වලට පසු රෝග කාරකය අලූත්ම ගනයේ වෛරසයක් බව සොයා ගත්තේය.
ප‍්‍රථම රෝගියා හමුවුයේ ඉබෝලා නදිය අසල ගම්මානයකින් බැවින් මෙම වෛද්‍ය කණ්ඩායමේ ප‍්‍රධානියා වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක වන ඉබෝලා හා ඒඞ්ස් වෛරසය ගැන පරීක්ෂණ සිදුකළ ලෝක ප‍්‍රසිද්ධ උෂ්ණ කලාපීය ක්ෂුද්‍රජීවී විශේෂඥ වූ පීටර් පියොට් නම් විදුවරයා විසින් එම වෛරසය එබෝලා යනුවෙන් නම් කළේය.
ඉබෝලා ලෝකයා හඳුනා ගන්නේ එසේය. අද සුන්දර නිල්වන් දිය දහරක් ලෝකයම සසළ කර ඇත්තේය. ඉබෝලා රෝගයෙන් හාරදහසක් පමණ දැනට මියගොස් ඇත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබෝලා කියන්නෙ ඇමරිකාව ජීව අවියක් විදියට හදපු වයිරසයක්...මාර්බාග් වයිරස් තමා මේකෙ මූලික වයිරස් එක..වැඩි විස්තර තියනව රිචඩ් ප්‍රෙස්ටන් මහතාගෙ..ද හොට් සෝන් කියන පොතේ..වයිරස් එක 1976 ඉන්දල ආපු විදිය මේකෙ තියනවා.(හේ)
මැරෙනවා නම් කොහේ හිටියත් මැරෙනවා නිල්මිනී (නි)
අප්‍රිකානු රටවල් වලින් ලංකාවට එන අය ගුවන් තොටුපොළේදී පරීක්ෂා කරනවා (නි)
නමේ උපත සුන්දර වුවත් ලෙඩේ මාරාන්තිකය, ප්‍රවේසම් වන්න,(හේ)
අද අද එයි මරු පින්කරගන්නේ කුමටද කුසලට කම්මැලි වෙන්නේ? (නි)
මෙච්චර දියුණු ලෝකෙක ඇයි තාම බෙහෙත් හොයාගෙන නැත්තේ? හැම දෙයකටම අලුත් දෙයක් හොයාගන්න හොඳ පහසුකම් තියෙන රටවල් වලින් ඇයි තාම බෙහෙත් හොයන්නේ නැත්තේ? (නි)
මමත් ඉන්නේ කොංගෝ රටේ. ඒත් කියන තරම් බයක් දැනෙන්නේ නැහැ. මොකද ලංකාවේ මාර්ග අනතුරු වලින් මීටවැඩිය මිනිස්සු මැරෙනවා (නි)
මේකට වගකියන්න ඕනෑ කවුද? (නි)
මම ඉන්නේ අප්‍රිකානු රටක. තවම මෙහේ මේ රෝගය නැහැ. ඒත් ඉතින් බයයි (නි)
සිංහල භාෂාවෙන් විස්තර පළකිරීම ඉතා අගයකොට සළකමි. රෝගය නම් මාරාන්තිකය (නි)
චන්ද්‍ර, ඔව් ඔබ කියූ දේ නිවැරදියි (නි)
අත්තටම බයයි.නමුත් මිනිසුන් ජිවත් වෙන්න ගොඩක් දේවල් සිද්ධවෙන නිසා.ඔබ සැමට බුදු සරණයි.(හේ)
අහනකොටත් බයයි (නි)
මොනවා වුණත් එන හැටියකට මුහුණ දෙන්න වෙනවා (නි)
සරත්, මමත් ඉන්නේ කොංගො. මෙහේ ලංකාවේ අය 10 කට වඩා නැහැ (නි)
නිල්මිණි, උපයාගත් දෙයක් තිබෙනවා නම් එකතුකරගෙන නැවත එන්න ලංකාවට (නි)
නදිය සුන්දර වුණත් වෛරසය නම් අති භයානකයි. (නි)
අනේ නිල්මිණි, මට නම් ඇත්තටම බයයි. අවදානමක් අරගෙන කොහොමද ඔහොම ඉන්නේ ? (නි)