අම්පාර මාදුරු ඔය රක්ෂිතයේ හෙනන්නේගල සංඝාරාමය. සංරක්ෂණයෙන් පසු වන්දනා කටයුතු සඳහා පූජා කෙරේ.
යුදමය වාතාවරණයක් පැවති වකවානුවේ හෙනන්නේගල
කොටි ත‍්‍රස්තවාදීන්ගේ කඳවුරක් පිහිටි තැනකි.
මෙහි පර්වතය තරමක් තරණය කළ පසු හමුවන ගඩොලින් තැනූ කුඩා දාගැබක් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානයට යොමු වූයේ මෙය අනුරාධපුර අවධියේ මුල් භාගයට අයත් වීමත් එම අවධියට අයත් දාගැබේ සාධක ගර්භයේ මුදුන් මට්ටම දක්වාම මැනවින් ආරක්‍ෂා වී පැවතීමත් නිසා යැයි පුරා විඳඥයෝ කියති.
එතරම් පැරණි දාගැබක සම්පූර්ණ ගර්භයේ සැලැස්ම මැනවින් ආරක්‍ෂා වී තිබුණේ එම දාගැබ ස්වභාවික ගල් ලෙනකට ආවරණය වී පැවතීම නිසාය.
අව් වැසි හා සුළගින් වන උපද්‍රව අවම වීම හේතුවෙන් දැගැබෙහි පුරාණ කපරාරුව පවා ඇතැම් තැන්වල ශේෂව පැවතුණි.
එහෙත් වාසනාවකට දාගැබේ සමස්ත හැඩය හඳුනාගත හැකිවන පරිදි නිධන් සොයන්නන් ගර්භොයේ තුළට විශාල බෙනයක් මෙන් හාරා තිබුණි.
විහාරාධිපත ගෝනවල සුදස්සිලංකාර හිමියෝ මෙම දාගැබ සංරක්‍ෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දාගැබේ සංරක්‍ෂණ කටයුතු ආරම්භ කිරීමට තීරණය කරන ලදී.
මේ ස`දහා ඇතුළු කෝට්ටේ ඉංජිනේරු ජයන්ත සමරසිංහ මහතා සිය පෞද්ගලික ධනය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය. එපමණක් නොව ඔහු
බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම් එම්.කේ.බී. දිසානායක සහ, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක යන මහත්වරුන්ගේ සහභාගී වූහ.
සංරක්‍ෂිත දාගැබ ආසන්නයේ පර්වත මුදුනේ ප‍්‍රාථමික ගුහා චිත‍්‍ර නමින් චිත‍්‍ර රාශියක් ද දක්නට ලැබේ.
මීට අමතරව ගල් ලෙන් රාශියක් ද මෙම ස්ථානයේ දක්නට ලැබෙන අතර ඉන් එක් ලෙනක ගඩොලින් තැනූ ලෙන් කුටියක් මැනවින් සුරක්‍ෂිතව පවත්නේය.
මෙම සංඝාරාමය ක‍්‍රිස්තු පූර්ව 3 වන සියවසත් ක‍්‍රිස්තු වර්ෂ 1 වන සියවසත් අතර බව මෙම ස්ථානයේ ඇති පූර්ව බ‍්‍රාහ්මී සෙල්ලිපිවලින් තහවුරු වෙතැයි පුරා විද්‍යාඥයෝ පවසති







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සන්තෝසයි අද හරි මෙතනට මේ වගේ තතත්වයක් ලැබුණ එක ගැන.මමත් 2010 ඔතන වැද ගෙන ගිය පොළොන්නරුවට යන ගමන්.(දිල්)
මේ වගේ සැගවුණ සිද්ධස්ථාන තව කොතෙක් ඇත්ද මේ ලංකාවේ.(හේ)
මේ වගේ පුජාස්ථාන ආරක්ෂා කර ගන්න ඕනේ.(හේ)
අනේ හොඳයි. (ර)
මේ ස්තූපෙ කැනීම් කරළ සංරක්ෂණය කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ පර්යේෂණ සහකාර විදියට වැඩ කරපු ඉන්දික ගුණවර්ධන මහතා. දැන් ඔහු සේවයෙන් ඉවත් වී ගුරු සේවයේ යෙදෙනවා. ඒ දවස්වල මේ ගල යට පොඩි පැලක් හදාගෙන ඒකේ නැවතිලා උයාගෙන කාල තමයි මේ වැඩේ කළේ. මේ ගුහාව ළඟ ප්‍රාථමික චිත්‍ර විතරක් නෙවෙයි. විනාශ වෙලා යන්තම් ඉතුරුවෙලා තියෙන සීගිරි චිත්‍රවලට සමාන චිත්‍ර තියෙනවා. (ර)
මින් වැදගත් සාක්ෂි රැසක් මතුවෙන්න පුලුවන් (නි)
දැයට කිරුල 2016 (නදී)
මේ පැරණි පුරාවස්තු ආරක්ෂා කර ගන්න ඕනේ.(හේ)
මම මෙතෙන්ට ගියා ලස්සන තැනක් ගිහින් බලන්න ඔයාලත් ..(දිල්)
මේ වගේ පුජාස්ථාන ආරක්ෂා කර ගන්න ඕනේ.(හේ)
මේ දාගැබ හාරලා තියෙන්නේ කවුද? (නි)
පැරණි ස්ථාන ආරක්ෂා කර ගන්න ඕනේ.(හේ)
හෙට අනිද්දා දිහාට ඕවගේ ඉර හඳ තරු ඇඳපු ඒවා මතුවෙයි. (බ)
මේවත් බල බලාද අහවල් කට්ටිය ඔය පලතේ නිජබිම් හෙව්වේ.(අ)