තමන් කිසි විටක එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට ගොඩ නොවන බවද තමන් උපන්නේත් මියයන්නේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බවත් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සෙනසුරාදා කුරුණෑගලදී පුරවැසි බලය සංවිධානය කළ ජනහමුවකට එක්වෙමින් පැවසුවාය.
දේශපාලනයෙන් ඉවත්ව නිහඬව ගෙදරට වී සිටි තමන්ට නැවත මේ ආකාරයට දේශපාලන වේදිකාවට ගොඩවීමට සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ දුෂ්ට බලවේගවලින් විනාශයට පත්වෙමින් තිබෙන ශ්‍රීලනිපය බේරාගැනීම සඳහා බවත් කුමාරතුංග මහත්මිය එහිදී කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් බොහෝ දෙනෙකු ඉන්නේ බණ්ඩාරනායක කෙනකු හෝ රාජපක්ෂ කෙනකු ශ්‍රීලනිප නායකයා විය යුතුමය යන වහල් මානසිකත්වයෙන්. එම නිසා මෙතුමිය මොනවා කිවුවත් කළත් මෙතුමියගේ පස්සෙන් සැළකිය යුතු පාක්ෂිකයන් ප්‍රමාණයක් පැමිණෙන බව අමතක කළයුතු නැත (නි)
මැරෙන එකනම් ඔය තියෙන කුහක කම ඉරිසියාව වෛරය හිතේ පහවන විදියට ඉක්මනටම වේවි..(බ)
වෛරය උතුරමින් වාන් දමමින් ගං දෑල දෙපස පාලු කරමින් ඉදිරියට ගලා යනු පෙනේ. (නි)
මෙතුමිය කියන්නේ ඇත්ත (නි)
මෙතුමිය සමඟ අපිත් මැරෙනතුරු ඉන්නවා (නි)
මැතිනියනි, අප ඔබ සමඟයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව ඔබට ඇති ලෙන්ගතුබවත් ඒ ගැන ඔබට අන් කවරකුට වඩා ඇති උරුමයත් අපි දනිමු. ඒ නිසාම ඔබ උපන්නේත් මියයන්නේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බවත් ඔබට එනිසා එජාප වේදිකාවට නැගිය නොහැකි බවත් අපි දනිමු.ඒත් මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ගතයුතු මඟ කුමක්දැයි ඔබ කියන දෙයින් අපට මනාව වැටහේ. උපන්ගෙයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් වන මට පක්ෂය ඉතා වටී. එහෙත් අපේ දරුවන්ට අප නැති කලෙක ශීලාචාර, නීතිගරුක රටක් තිබීම ඊටත් වඩා වටී.එනිසා අපි මෙවර කණගාටුවෙන් වුවද මදකට අපේ පක්ෂයෙන් බැහැරවී වෙනත් පෙරමුණකට ඡන්දය පාවිච්චි කරමු. අපේ උතුම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අරක්ගත් සහ වෙනත් ත්‍රීරෝද පක්ෂ වල සිට අපේ පක්ෂය ප්‍රාණ ඇපයට ගෙන ඇති පිශාචයන් හා කුම්භාණ්ඩයන් මේ මැතිවරණයෙන් පසුව ධුරිම්භුත කළ පසු අපි නැවතත් අපේ උතුම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැදගත්කම නැවත එයට ලබාදී ඊළඟ මැතිවරණයේදී ශ්‍රීලනිප රජයක් පිහිටුවන්නට කැපවෙමු. (නි)
අනේ අපි නොදන්නා මොණරතැන්න! (නි)
අපි දැන් මේවා අහන්නේ නැහැ (නි)
මැඩම්ට ජයවේවා! (නි)
මහජන පක්ෂය ගැන අපිට අමතක වුණා කියලා හිතන්න ඇති නේද? (නි)
නහි වේරේන වේරානී.... (නි)
අතිවිශිෂ්ටයි! (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අම්මාව දමා ගියා නේද? සිංහලයට තියෙන අමතක වීමේ ලෙඩේ මේ පුද්ගලයාටත් තියෙනවා. (බ)
දැන් පක්ෂය අත් හැරලා රට වෙනුවෙන් හිතන්න. රටේ සෑම ජනතාවටම එකසේ නැගිටින්න රට හදන්න බලන්න. රටේ සෑම දෙනාටම සැපවත් ජීවිතයක් ගත කරන්න ඉඩ සලස්වන්න (බ)
හැබැයි ඔබතුමිය රටට කරපු දෙයක් නැහැ, අද මහින්ද හිටියේ නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේත් නැහැ, ඔබතුමිය කටවහගෙන ඉන්නවා නම් එ්ක තමා පක්ෂෙට කරන්න පුළුවන් ලොකුම උපකාරය. (බ)
එතුමිය ගෙන් දුෂණයට, භීෂණයට , හොරකම නවත්වා සාදාරන සමාජයක් ගොඩ නැගීමට හඬ නගන ආකාරයත් මෛත්‍රී පාලනයට දෙන සහයෝගයත් අගය කරමු. (බ)
ඔයාල වගේ වට්ටි අම්මල දේශපාලනයෙන් විශ්‍රාම යනවානම් තමයි මරු. බැද්දගානේ සංජීව එහෙම මතක ඇතිනේ (බ)
ඉපදුණෙත් ශ්‍රීලනිපයේ මැරෙන්නෙත් ශ්‍රීලනිපයේ වුණාට සමහරුන්ව මරාගෙන මැරෙන්න හදන එක තමයි හොඳ නැත්තේ. (නි)
නියමයි. ජයවේවා! (නි)
වසර දොළහ නම් නිකම්ම ගෙවිලා ගියා. (නි)
දැන් තියෙන හොඳම දේ මහින්ද ඇතුළු හොර නඩය පරදවා ගෙදර ඇර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු කර ගැනිමයි.ඒකට නායකත්වය දෙන්න චන්ද්‍රිකාට හොඳ ශක්තියක් තිබෙනවා. (නි)
ඔබතුමිය කිසිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද්‍රෝහීනොවන බව අපි දනිමු. දුෂ්ට බලවේග වලින් විනාශයට පත්වෙමින් තිබෙන ශ්‍රීලනිපය බේරා ගැනීමට නම් මේ අවස්ථාවේ ඡන්ද පදනමක් නැති අනාථයන් කීප දෙනෙක් විසින් ශ්‍රීලනිපය තමන්ගේ ග්‍රහණයට ගෙන අටවාගෙන ඇති සන්ධානය නමැති දුෂිත හවුලට විරුද්ධව විවෘතවම ඔබතුමිය අදහස් දැක්විය යුතුව ඇත. මේ මැතිවරණයේදී සන්ධානයේ පරාජය යනු, ශ්‍රීලනිපයට නැවත ජනතාවගේ පක්ෂයක් ලෙස "අත" ලකුණින් වසර කීපයක් තුළ නැවත ඉස්මතුවීමට ලැබෙන මහඟු අවස්ථාවකි. (නි)
අතීතය ගැන මතකයක් නැද්ද? (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවෙන්නේ 1951දී. එතකොට මෙතුමිය ඉපදිලා. මෙතුමිය මහජන පක්ෂයට ගියා නේද? (නි)
අනේ! අපි කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
අනේ ඇත්තට,මේ මොනවද කියවන්නේ? (නි)
ඔබතුමියගේ කාලේ මොනවද රටට කළේ කියලා අපිට අමතක නැහැ. (නි)
එතකොට මහජන පක්ෂය හැදුවේ කවුද? (නි)
මහින්ද කළ සංවර්ධනය ඇති ජනතාවට ඔබ දෙපලගේ වෙනස තේරුම් ගන්න. ශ්‍රීලනිපය රැක ගැනීමට දිරිදුන් සහ දිවිදුන් අවංක මිනිසුන් වෙනුවෙන් නිහඬව ඉන්න. (නි)
මෙතුමිය සිතනවා ඇති අපිටත් අමතකවෙන ලෙඩේ තිබෙනවා කියලා. (නි)
බොහොම හොඳ නොසැළෙන අධිෂ්ඨානයක් (නි)
අපි ඔබ සමඟයි (නි)
එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා මහජන පක්ෂය හැදුවෙත්, ඉන්පස්සේ ඒකත් අතහැරලා බහුජන පක්ෂයද මොකක්ද එකක් හැදුවෙත් අපිද? (නි)
ඔයා කට අරින්න අරින්න මහින්දට ඡන්ද වැඩිවෙනවා.කාගේ කාගේත් කෙරුවාවයි කයිවාරුවයි අපි හොඳට දන්නවා. (නි)
දැන් තමයි ශ්‍රී ලංකා එක ගැන කතා කරන්නේ? (නි)
ඔයාට මතක නැති ගොඩක් දේ පුරවැසියන්ට මතකයි. මහින්ද නොහිටින්න අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. (නි)
එතකොට දැන් ඔබතුමියගේ පක්ෂය හරියටම මොකක්ද කියන්න අපිට. මොකද පක්ෂය තුළත් ප්‍රශ්නනේ! (නි)
මට නම් මෙතුමිය ගැන කිසිම ප්‍රසාදයක් නැහැ (නි)
ඉපදීමත් , මරණයත් අතර සිදු කරන කටයුතු වලින් තමා කෙනෙක් මොනවගේ පුද්ගලයෙක්ද කියා සමාජය තීරණය කරන්නේ . එම නිසා ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද්‍රෝහි වුන වර බොහෝය . උඩ බලාගෙන කෙල ගහන්න එපා (බ)
අධිෂ්ඨානය තමයි බලවත් (නි)