ඉඳුරුවේ බස් ත්‍රිරෝද අනතුරින් ත්‍රිරෝද රියේ සිටි තිදෙනකු මිය යෑමට හේතුව කාපට් ඇතිරූ මහ පාරේ මහා වතුර වළක් බව කියන ත්‍රිරෝද රියදුරෝ කොළඹ - ගාල්ල පාරේ ත්‍රිරෝද රිය හරස් කර දැන් උද්ඝෝෂණයක් පවත්වති.
එම වතුර වළ වසා පාර අලුත්වැඩියා කරන ලෙස බලධරයනට කීවත් ඔවුන් එසේ නොකළ නිසා ජීවිත තුනක් අහිමි වූ බව ද විරෝධතාකරුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. අපේ දේවල් අපිම කරගන්න ඕනෑ. නැතුව ඔය ආණ්ඩුවල අයට ඕවා පේන්නෙ නැහැ (නි)
තමන් විසින්ම විසඳුමක් සොයාගන්න එකයි වඩා හොඳ (නි)
එතකොට ත්‍රීරෝද වලින් අනෙක් වාහන වලට වෙන කරදරයට අපිත් උද්ඝෝෂණයක් කළොත් ලංකාවෙ පාරවල් ඔක්කොම වහන්න වෙයි නේද..? වතුර වළක් තියෙනවා කියලා දන්නවා නම් පරිස්සමට යන්න ඕනෑ. නැතුව ආපු වේගෙන්ම වෙට්ටුවක් දාගෙන යන්න බැහැ.මට නම් පෙන්නන්න බැරි වාහනයක් තමා. අපරාදෙ ජීවිත! (නි)
ජනගහණයට සාපේක්ෂව අපේ රටේ තරම් ඇමතිවරු වෙන කිසිම රටක නැහැ. නමුත් මේ අය විශාල වශයෙන් මුදල් වියදම් කරලා සුළු පඩියකට බලයට පැමිණ තිබෙන්නේ ජනතාවට සේවය කරන්න කියලා හිතන්න පුලුවන්ද? පව් අහිංසක ජීවිත. අහිංසක ජනතාව මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළයුතුයි. (නි)
කැප්පෙටිපොළට අරගොල්ලන්ගේ කාලේ අමතක වෙලා වගේද? (ම)
පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ.රටේ දැවෙන ප්‍රශ්න තව කොච්චරද? (නි)
සංජීව, තවත් මොනවා ඉවසන්නද? පොඩි දෙන්නෙකුත් මියගිහින්. (නි)
වතුර වළ තියනවා කියලා දැනගෙනත් ඒක මැදින් වැඩ දාලා යන්න ගිහින් කරගත්ත වින්නැහියක්? ඔය විරෝධතා දක්වන ත්‍රීරෝද රියදුරෝ දෙන්නෙක් එකතු වුණා නම් මිනිත්තු දහයකින් පොඩි කාණුවක් කපලා වතුර ටික බස්සන්න තිබුනේ නැද්ද? (නි)
මේ වගේ දෙයකදී අපි ඉන්නේ කොතනද කියන එක අපිට අමතක වෙනවා. ඔය අවස්ථාවට මුහුණදුන් රියැදුරා "මම" කියලා හිතන්න. ඇයි මට ඒ අනතුර වළක්වා ගන්න බැරිවුණේ? මගේ ඉවසිල්ල මදි වුණා නේද කියලා හිතන්න බැරිද? අපේ රටේ ගොඩක් රියදුරෝ මාර්ග නීති කඩන්නේ "තමන් පැරදෙන්න" තිබෙන අකමැත්ත උඩ. අනතුරු වෙන්නෙත් ඒ නිසාමයි. 90% රියදුරෝ තමන් ඉදිරියෙන් එන වාහනයට ඉඩදෙන්න කැමති නැහැ. තමන් පහුකරගෙන යන්න හදන වාහනේට ඉඩදෙන්න කැමති නැහැ. (නි)
වළක් තිබුනා නම් ඒක වහන්න ආණ්ඩුවෙන් එන්නම ඕනෑද? ආණ්ඩුවෙන් එනතුරු තාවකාලික පිළියමක්වත් ඔය කට්ටියට යොදන්න බැරිද? (නි)
ත්‍රීරෝද අය යූ ටර්න් දාන විදිය දැක්කහම හිතෙනවා එයාලට වෙනම රියදුරු පාඨමාලාවක් පොලිසිය විසින් දියයුතුයි කියලා (නි)
මේ රටේ තියෙන වාහන කන්දරාවට දාවනය කරන්න ධාවන පථ දෙකක්වත් එක පැත්තකට අවශ්‍යයි .එහෙම නොකලොත් හැමදාම මෙවැනි පුවත් පත්තරේ තියෙයි.(හේ)
සමහර රියදුරන් නොසැලකිලිමත් ලෙස වාහන පදවන නිසා තමා මෙවැනි අනතුරු සිදුවන්නේ. අකාලයේ ජීවිත නැතිවන්නේ. (බ)
ත්‍රී විල් නම් සමාජයට හිසරදයක්. පාරේ වලවල් වහ්න්ඩත් ඕනා. (බ)
මෛත්‍රී කරන්න (හේ)
ත්‍රීරෝද රථයේ 6 දෙනෙක් ගමන් කරලා නේද? කොහොමද එහෙම යන්නෙ? ලංකාවෙ දරුවන් වාහන වල කිසිම ආරක්ෂාවක් නැතුවයි හැමවිටම ගමන් කරන්නේ. (නි)
දැන් පාරේ අනතුරු බොහොම වැඩියි. (නි)
ත්‍රී වීලර් ධාවනය කරන තරුණ යන් කිසිම හික්මීමක් නෑ, වතුර වලක් ගැන කීවට , හැමතැනම කිසිම මාර්ග නීතියක් අනුගමනය නොකරන අනිත් රියදුන්වත් ,ත්‍රී වීලර් ඇතුලේ යන අයත් අමාරුවේ දානවා , දැන්වත් රජය සහ පොලිසිය මේ යට නීතිය ක්‍රියාත්මක කළ යුතුය (හේ)
පොඩ්ඩක් ඉන්නකෝ මොනවාහරි කරලා දෙයි (නි)
අඬන්න ඕනෑලුනේ කිරි එරෙන්න (නි)
වතුර වළ තියනවා කියලා දන්නවනේ. පරිස්සමෙන් එළවන්නේ නැති එකයි ප්‍රශ්නය. (නි)