ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වූ මොරණ කඩදාසි ටෙලිනාට්‍යයේ කල්පනාගේ චරිතයට පණ පෙවූ බොහෝ රසික පිරිසක් අතර ජනප්‍රියත්වට පත් ඉඳුනිල් නුගවෙල ගායිකාවක් ලෙසද ඉදිරියේ කලඑළි බැසීමට සූදානමින් සිටියි. ටෙලිනාට්‍යය නිළියකට අමතරව වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසද නමක් දිනාගෙන ඇති ඉඳුනිල්, සිය කුලුඳුල් ගීතය වූ රෑ අහසේ පසුගියදා එළිදක්වනු ලැබීය.
සිය කුලුඳුල් ගීතයට ඉහළ රසික ප්‍රතිචාර ලැබීමත් සමගින් ඇය ඉදිරියේදී ගීත කිහිපයක් එක්වර එළිදැක්වීමට සූදානමින් සිටියි.
ඳුනිල් ඒ පිළිබඳව මෙලෙසින් "සාරවිට"ට අදහස් දැක්වූවාය.
"මේ දිනවල අලුත් ගීත කිහිපයක් පටිගත කරමින් ඉන්නවා. බොහෝවිට ලබන මාසෙ මුල් භාගය වනවිට ඒ ගීත සියල්ලම එළිදක්වන්න තමයි සැලසුම් කරගෙන තියෙන්නේ. එළිදක්වන්න සැලසුම් කරලා තියෙන ගීත ගැන සඳහන් කළොත් "මා නෙතු දැහැනේ" ගීතය මා විසින් පද රචනා කළ ගීතයක්. එහි සංගීතය නිර්මාණය කළේ රංග ප්‍රනාන්දු. "පොඩි කාලේ අම්මේ" පද රචනා කලෙ රසික චාමර. ඔහුම පද රචනා කළ තවත් ගීතයක් තමයි "කඳුළ ළඟ තියා" ගීතය. ඒ ගීත දෙකත් සංගීතවත් කළේ රංග ප්‍රනාන්දු. මම පද රචනා කළ තවත් ගීතයක් තමයි "මං මුලාවී" ගීතය. රංග ප්‍රනාන්දු තමයි එහිත් සංගීත නිර්මාණ කටයුත්ත කළේ. ඩිලාන් ගුණවර්ධනගේ කඩවත පිහිටි "DIVINE STUDIO" හි තමයි මේ ගීත සියල්ලම පටිගත කළේ. මේ ගීත අතරින් එක් ගීතයකට ගීත රූප රචනාවක් කරන්නත් අදහසක් තියෙනවා."
බුද්ධික සේනාධීර
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඳුනිල් ගීතයට අතපොවයි