
(විමුක්ති එස් රුද්‍රිගු)
ඕමානය ආසන්නයෙන් වැටී ඇති මාර්ගය භාවිත කරමින් ඇමෙරිකානු නාවික හමුදාවේ සහාය ඇතිව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ ගත් ඉන්ධන සහ ස්වභාවික වායු ප්‍රවාහන නෞකා දෙකකට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය අද (07) වාර්තා කර තිබිණි.
ඉන්ධන ප්‍රවාහන නෞකාව සෞදි රජයට අයත් එකක් බවත් ස්වභාවික වායු ප්‍රවාහන නෞකාව කටාර් රාජ්‍යයට අයත් එකක් බවත් එම මාධ්‍ය වාර්තාවල දැක්විණි. ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අවම වශයෙන් මිසයිල දෙකක් ඕමානය ආසන්නයෙන් ගමන්ගත් නෞකාවලට එල්ල කර ඇතැයි එහි සඳහන් විය.
ඉරානයට අඛණ්ඩව තර්ජන එල්ල වුවහොත් අවසන් ගිවිසුමක් සඳහා වන සාකච්ඡා නැවත වරක් ආරම්භ නොවනු ඇතැයි ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව සහ ඉරානය පසුගිය 18 වැනිදා අත්සන් තැබූ කරුණු 14කින් යුත් මූලික අවබෝධතා ගිවිසුමේ 13 වැනි කරුණු උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ දිගින් දිගටම තර්ජන පැවැතුණහොත් අවසන් ගිවිසුමක් සඳහා වන සාකච්ඡා ඉදිරියට ගෙනයා නොහැකි බව එහි සඳහන් වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd