
සියලු ඉන්ධන මිල ගණන් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 12කින් ඉහළ දමයි. එහි නව මිල රුපියල් 410කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 470කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 392කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 458ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.
භූමිතෙල් මිල රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 265ක් වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කාලෝචිත හා බුද්ධිමත් තීරණයක්...
ලංකාවේ වාසීන්ට ජයවේවා...
බලාගෙන ගියහම පාඨලී කියපු කතාව ඇත්ත... වැඩි මිලට ගෙනාපු තෙල්වල බරත් දරන්න වෙන්නේ අපිට වගේ..., වගේ ඉදිරියට තෙල් මිල ඉහළ යාවි, 92 පැට්රල් මිල බොරුවට දවස් කීපයක් අඩු කරලා නැවත සියලුම තෙල් වර්ග වල මිල වැඩි කරලා, මේක කිසිම පදනමක් නැතුව කරන මිල අඩු වැඩි කිරීමක්..
වැඩ බැරි ගොන් කාලකණ්ණියෙක්ට රට දීලා දැන් අපි පරිප්පු කනවා...
ඇති යාන්තන් තෙල් මිල වැඩිවුණේ...
අපේ ආණ්ඩුවට ජයවේවා...
ලෝක බොරතෙල් මිල ඉහළ යනවාත් සමග ගැලපෙන ප්‍රතිශතයකින් ඉහළ යන එක වෙනවා. ඒක නවත්වන්න බැහැ
මමත් හයර් දුන්නේ... දැන් ඉතින් ගාණ වැඩි කරන්නම වෙනවා.
ඔන්න බලන්න ආණ්ඩුවේ වැඩ...
මී හරක් දැකලා තියෙනවා... ඒත් මාලිමාවට කඩේ යන බණ්ඩාරලා වගේ පශු සම්පතක් දැකලා නැහැ.
යාන්තම් ඇති... තෙල් මිල වැඩි වුණා. තවත් ටිකක් ගණන් යනකල් මම ඇගිලි ගනිමින් බලන් ඉන්නවා...
කිව්වා වගේ නෙවෙයි කරගන්න බෑ ඕයි