(තුසිත කුමාර ද සිල්වා)

බලපත්‍රයක් නොමැතිව පෙට්‍රල් තොගයක් ගබඩා කරගෙන තිබූ පුද්ගලයකු බේරුවල පොලිසිය මගින් අද (2) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල වලතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව පොලිසිය කීහ.

ලද තොරතුරක් මත කළ වැටලීමේදී ප්ලාස්ටික් භාජනයක බහා තිබූ පෙට්‍රල් තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව පොලිස් ඇප මත මුදා හැරි බව බේරුවල පොලිස් ස්ථානාධිපති එම්.ආර්. නවරත්නමහතා පැවසීය.