
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරන බව නිවේදනය කර ඇත.
එම මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් ද, ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ ගොස් ඇතැයි එම සමාගම නිවේදනය කරයි.
නව මිල ගණන් යටතේ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 279 ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 323 ක් වේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 340 ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 182 ක් වනු ඇත.
පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල නොවෙනස්ව පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුසරණ.
විනයක් නැතිද නියමිත වේලාවට මිල වෙනස් කරන්න...
ඡන්දයට කලින් නම් තෙල් ගැන මුන් කිව කතා මිනිස්සුන්ට මතකද දන්නෙත් නැහැ, වරායට බානකොට ලීටරයක් රුපියල් 50 ට දෙන හැටි ගැන කය්යනායක දෙසූ හැටි අපිට නම් මතකයි. ෆයිල් වන වන මිනිහා ඒවා කියුවේ. එත් තාම තෙල් ගිය ආණ්ඩුවේ ගාණට වැඩියි.
පසුගිය මාසය තුළ බ්‍රෙන්ට් මිල 1.40% කින් පහත වැටී ඇත. ඒ නිසා මිල වැඩි කිරීම අසාධාරණයි.
මම හිතන්නේ තවම රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ ද කොහෙද .ඒකයි තෙල් ලීටරයකින් රුපියල් එකසිය පනහක් කන්චනට යන්නේ, නැතුව පැලවත්ත මූලස්ථානය කොමිස් ගහන්නේ නැහැ. කැටයක් අරගෙන හිගාගෙන කෑවත් සහෝදරවරුනි !
මරු