IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉන්ධන පෝලිමේ කතාව පිහි ඇනුමකින් කෙළවර වෙයි

 

(ආනන්ද ඉ ජයකොඩි)

නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ  පෙට්‍රල් පෝලිමේ  ඇති වී යැයි කියන බහින් බස්වීමක් අවසානයේ පිහියකින් ඇනීම හේතුවෙන් බරපතල තුවාල සහිතව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට සිටි විසි නම හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.

එසේ මිය ගොස් ඇත්තේ ධීවර කාර්මිකයෙකු වන දෙමටගොඩ පදිංචිව සිටි තුවාන් තාජුඩීන් (29) නැමැත්තෙකි.

මිය ගොස් ඇති තැනැත්තා යතුරු පැදියට පෙට්‍රල් ලබා ගැනීම සඳහා  පෙට්‍රල් පෝලිමේ ඊයේ (20) රාත්‍රී 8.30 ට පමණ සිටියදී පෝලිමෙන් පිට පැමිණි  ත්‍රිරෝද රථයක රියදුරා සමග බහින් බස් වීමක් සිදු වී ඇති බවට මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇති බවද පොලීසිය කීය.

එම බහින් බස් වීමෙන් අනතුරුව ත්‍රිරෝද රියදුරා ත්‍රිරෝද රථයද රැගෙන ගොස්  පිරවුම් හල ආසන්නයේ  කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ නවතා ගෙන සිට ඇති බවත් මිය ගොස් ඇති තැනැත්තා පෙට්‍රල් ලබා ගෙන පිටතට පැමිණීමත් සමග ඔහුට පිහියකින් ඇන පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති  බවද පොලීසිය කියා සිටියේය.

පිහි ප්‍රහාරයෙන් බරපතල තුවාල සහිතව යතුරු පැදියත්  සමග වැටී සිටි එම තැනැත්තා වාහනයකින් වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇතුළත් කොට සිටියදී පැයකට පමණ පසුව මිය ගොස් ඇති බවද කියති.

පිහි ප්‍රහාරය එල්ල කොට පලා ගිය ත්‍රිරෝද රථ රියදුරා නිට්ටඹුවට යාබද ප්‍රදේශයක පදිංචි කරුවෙකු බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවද පොලීසිය කියා සිටියේය.



අදහස් (0)

ඉන්ධන පෝලිමේ කතාව පිහි ඇනුමකින් කෙළවර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 562 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 718 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 298 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site