
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉන්දියාවෙන් නීති විරෝධි ලෙස රැගෙන ආ ලක්ෂ 23 කට ආසන්න කහ තොගයක් වනාතවිල්ලුව සේරක්කුලිය වෙරළ තිරය ආසන්නයෙ කෑලැවක සගවා තිබියදී ගගේවාඩිය විශේෂ යාත්‍රා බළඝණයෙ නිළධාරීන් සොයා ගත් බව කියයි.
අදාල කහ තොගයෙ කිලෝ 470 ක් තිබු බවත් එය උර 10 ක අසුරා තිබු බව කියයි.
මෙම කහ නීති විරෝධි ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව රැගෙන විත් වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමේ අරමුනීන් සගවා තබන්නට ඇති බව නාවික නිළධාරීන් පවසයි.
මන්නාරම ගජබා නාවික හමුදා කදවුරේ නිළධාරීන්ට ලද තොරතුරකට ගගේවාඩිය විශේෂ යාත්‍රා බලඝණය විසින් අත් අඩංගුවට ගත් කහ තොගය ඉදිරි විමර්ශන සදහා එහි රදවා ඇති බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd