සමුදුරු පරීක්ෂක යාත‍්‍රා දෙකක් ඇතුළු තවත් යුධෝපකරණ තොගයක් ශී‍්‍රලංකාවට සැපයීමට ඉන්දියාව තීරණය කර තිබේ.
මෙම තීරණය අසල්වැසි රටවල් හා යුධමය අතින්ද සබඳතා තර කරගෙන චීනයෙන් එල්ලවෙමින් තිබෙන තර්ජනයට මුහුණදීමේ මූලෝපායික පියවරක් ලෙස ඉන්දියා විචාරකයින් හදුන්වාදී තිබේ.
ඉන්දියාව මීට පෙර අවස්ථාවකද යුධෝපකරණ තොගයක් ශී‍්‍රලංකාවට ලබාදුන් අතර රේඩාර් උපකරණ,බිම් බෝම්බ වලින් ආරක්ෂා වන පරිදි සැකසූ රථ, ආදිය එහි විය.
පසුගියදා ශී‍්‍රලංකාවට පැමිණි ඉන්දියා ආරක්ෂක අමාත්‍ය අරුන් ජෙට්ලි, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දෙරට අතර ද්විපාර්ශවීය සංග‍්‍රාමෝපායික සබඳතා තවදුරටත් වර්ධනය කර ගත හැක්කේ කෙසේදැයි සම්බන්ධයෙන් සාකච්ඡුාවක්ද පවත්වා ඇතැයි සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය අපට ලං වෙනවාට බොහෝ රටවල් බියක් තිබෙනවා , ඉන්දියාව අපට දුන් රේඩාර් පද්දතිය ඉතා පැරණි 2 ඩි වර්ගයේ එකක්.(හේ)
අනුර ගල් අඟුරු බලාගාරවල වැරදි කියන්නේ ඒවායේ අටෝරසියක් වැරදි තියන නිසා. අපි මොනම දෙයක්වත් හදන්න දන්නේ නැති අය කියන කතාවට මම එකඟ නැහැ. නව නිර්මාණ අලුත් දේවල් කරපු, කරන්න පුළුවන් අය එදත් හිටියා අදත් ඉන්නවා. නමුත් මේ ක්‍රමය තුල එයාලට ඉඩක් නැහැ. (නදී)
නොබියව චීනය සමග සම්බන්ධකම් පවත්වන නිසා අනෙකුත් රටවල් අප සමඟ කෙසේ හෝ සම්බන්ධකම් පවත්වමින් තමන්ගේ අනන්‍යතාවය තහුවුරු කරන්නට දරණ උත්සහයක්. එකෙන් අපිට ලොකු වාසීයක්.(හේ)
තර්ජන එල්ල වෙමින් තිබෙන්නේ ඉන්දියාවට ශී‍්‍රලංකාවට චීනයෙන් තර්ජනයක් දැනට ඇතැයි සිතා කටයුතු කිරීම ද්විපාර්ශවීය සබඳතා පලුදුවන්නේය.(හේ)
අපේ අයව රවට්ටා ගන්න තියන එකම තුරුම්පුව තමයි ඔය.(හේ)
අපි චීනයට යනවට ඉන්දියාව කැමති නෑ. ඉන්දියාව දෙසට යනවට චීනය කැමති නෑ. අනාගත බල තුලනයේදී දෙගොල්ලන්ටම අපව වැදගත්. මේක හරියට යොදාගත්තොත් අපට දියුණු වෙන්න පුළුවන්. (තායිවානය ,ඊශ්‍රයාලය ,දකුණු කොරියාව වගේ (නදී)
චීනය අපේ මිතුරා. චීනය අත අරින්න එපා (නදී)
චීනය සමග ගිවිසුම් අත්සන් කර හමාරවේදැයි බයයි (නි)
චන්ද්‍රා, ඒ "ඉන්ද්‍රා" කියන 2 ඩී රේඩාර් පද්ධතිය එයාලා අපට දුන්නේ චීනයෙන්. ඒ විතරක් නෙමෙයි, දැන් දෙන්න හදන සාම්පුර් බලාගාරයත් පරණ එකක්.ඊට අමතරව එයාලගේ ගල් අඟුරු වලත් තාක්ෂණික ප්‍රශ්න තිබෙනවාලු. මොනවා කරන්නද? අසල්වැසියානෙ.... (නි)
චීනය අපේ මිතුරකු වේවි. හැබැයි ඒ ස්වභාවික සම්පත් තිබේනම්ය.... (නි)
ඉන්දියාව නම් සත පහකටවත් විශ්වාස කරන්න එපා. කොහොමත් බලාගෙන ඉන්නේ අවස්ථාව ලැබුණු ගමන් අපිට රිදවන්න. (හේ)
ඇත්තටම හොදයි.(හේ)
ඉන්දියාව මෑත ඉතිහාසය පුරාම අපේ රටට විරුද්දව වැඩ කරා. ඔවුන් විනාශකාරි රටක්. මේ ආදාර අලුත්ම උපකරන නම් විතරයි බාරගත යුතු වන්නේ. පැරණි උපකරණ නම් සියල්ල පිටුදැකිය යුතුයි. (නදී)
ඇමෙරිකාව උනත් අපේ දිහා වපර ඇහෙන් බලන්නේ චීනයත් එක්ක තියෙන ප්‍රභල සමබදතාවය නිසයි.මොන වුණත් චීනය රුසියාව වගේ ප්‍රබල රටවල් තමයි තවමත් අපේ පිහිටට පිටිපස්සෙන් හිටියේ අපිට කරදරයක් වෙද්දී.මොන දේ වුණත් ඒ සම්බදකම් පලුදුකර ගැනීම හොදමදී අනාගතයට.(හේ)
අතීතයේ ඉඳලම සමස්තයක් හැටියට ඉන්දියාව අපිට කර තිබෙන්නෙම කුහකකම්. කවුරු මොනවා කිව්වත් චීනය අපිට කල්පැවැත්මක් තිබෙන ආර්ථිකයට වාසිවෙන දේවල් (ඔරුවල වානේ) දුන්නා. කෙසේවෙතත් රජයේ විදේශ පිළිවෙත හොඳයි කියන එක පිළිගන්න වෙනවා අපිට (නි)
නලින්, ඉන්දියාවට හා චීනයට ලංකාව වැදගත්. චීනය අපිට බොහොම උදවු කළ රටක්. ඉන්දියාව ඊට වෙනස්. දැන් කෙරෙන්නේ ගින්දර සමඟ සෙල්ලම් කිරීමක් වගෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
අපි ඇමරිකාවට සහයෝගය දෙන්න ඕන.(හේ)
දොන් නම් දොන් - ජුවන් නම් ජුවන්. දොන් ජුවන් දෙකක් බැහැනේ. ඉන්දියාව එක්ක ගිහින් වැඩ වරද්දාගන්න නම් එපා. (නි)
ඉන්දියාව ප්‍රභාකරන්ට උදව් කරලා අහසින් කෑම ගෝනි දාලා ගිය හැටි අමතකද? චීනයේ ටී -56 නැත්නම් අපි කොහොම යුද්ධය දිනන්නද? (නි)
ඉන්දියාව අතේ දුරින් තියා ගත්ත තරමට තමා ඇගට ගුණ. (ර)
ගල් අඟුරු බලාගාර වල වැරදි කියන්න අපි හරි දක්ෂයෝ. නමුත් කිසිම දෙයක් නිෂ්පාදනයට දන්නේ නැති කයිවාරු ජාතියක්. අපි සුද්දන්ටත් ඉංග්‍රීසි උගන්වන කට්ටියනේ! (නි)
කොහෙම වුණත් අපේම ජාතිය බාල්දු කරන්න අපිට බැහැ. හැබැයි අපි මොනම දෙයක්වත් හදන්න දන්නේ නැති අය (නි)
අපි චීනය දෙසට හැරෙද්දී කවුරු කවුරුත් ඒ දෙස බලාගෙන ඉන්නේ.(දිල්)
හෙට වෙනකොට පරිප්පුත් උඩින් ගෙනල්ලා මාළුන්ටත් එක්කම හලයිද දන්නෙ නැහැ. යූ.එන්. එකේදී අපිට විරුද්ධව අත උස්සන එක නොකරයි කියලා මම නම් හිතන්නෙ නැහැ. දවල් වැටුන වළේ රෑ වැටෙන්න ඕනෑ නැහැ අපි (නි)