IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියාවෙන් දෙවැනි දිනටත් කොරෝනා ආසාදිතයන් 8000 ක්

ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ගණන අද (1) වාර්තා වූ අතර එම ගණන 8,392ක් ලෙස දැක්විණි.

අඛණ්ඩව දෙවැනි දිනටත් පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද අටදහස ඉක්මවා ගියේය. අඛණ්ඩව දින 12ක් තිස්සේ ඉන්දියාවෙන් දෛනික වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන හයදහස ඉක්මවූ අතර එරටින් අද පස්වරු 5.00 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,90,535ක් දක්වා ඉහළ ගියේය. ඉන්දියාවෙන් මැයි මස (21) වැනිදා සිට දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,000 ඉක්මවීය.

ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 230ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් අද (1) පස්වරු 5.00 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 5,394ක් ලෙස දැක්විණි. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන ද ඉක්මවා ගොස් ඇත.

ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිට වී ගිය සංඛ්‍යාව 91,819ක් විය. කොරෝනා වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 93,322කි.

කොරෝනා ආසාදිතයන්ගේ පනස් දහස ඉක්මවූ එකම ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්ව ඇති අතර එම ප්‍රාන්තයෙන් අද (1) පස්වරු 5.00 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 67,655 ක් විය. දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ තමිල්නාඩු ප්‍රාන්තයෙනි. තමිල්නාඩු ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 22,333කි. ඉන්දියාවේ මූල්‍ය අගනගරය හෙවත් මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රාන්තය වන ගුජරාට් ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 16,779ක් වූ අතර දිල්ලියෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 19,844ක් ලෙස දැක්විණි.

එන්.ඩී.ටීවී.

055



අදහස් (0)

ඉන්දියාවෙන් දෙවැනි දිනටත් කොරෝනා ආසාදිතයන් 8000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11120 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1121 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site