තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැදී සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් 41 දෙනෙකු ලබන සතියේ  දිවයිනට පැමිණෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්තාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන්  එම පිරිස මෙරටට පැමිණීමට නියමිතය.

යළි දිවයිනට පැමිණෙන එම ලාංකික සරණාගතයින් පිරිස මන්නාරම, වව්නියාව, ත්‍රිකුණාමලය, මුලතිව් සහ යාපනය යන ප්‍රදේශවල මුල් පදිංචිකරුවෝ වෙති.

2011 වසරේ සිට ඉන්දියාවේ සිටි සරණාගතයින්  5225 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ද කියයි.