IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉන්දියාවට ලකුණු 102 ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ටි‍්‍රනිඩෑඞ්හි ක්වීන්ස් පාක්  ඕවල් ක‍්‍රීඩාංගණයේ ඊයේ (05) පැවැති තරගයෙන් ඉන්දීය පිල ලකුණු 102 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයක් ලැබීය.

ලකුණු 312 ක ඉලක්කය හඹාගිය කොදෙව් පිල  ඕවර 10 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 56 ක් ලබා සිටියදී වර්ෂාව ඇදහැළිම නිසා  ඕවර 39 කදී ලකුණු 274 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. කොදෙව් ඉනිම  ඕවර 34 කදී ලකුණු 171 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල වෙනුවෙන් විරාට් කෝලි වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 83 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 102 ක් රැස්කිරීමට සමත් විය. මෙය 24 හැවිරිදි කෝලිගේ 14 වැනි එක්දින ශතකයයි.
කොදෙව් නායක ඞ්වේන් බ‍්‍රාවෝ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය පිලට ආරාධනා කළේය.

රෝහිත් ශර්මා (46) සහ ශීකර් දාවන් (69) ලකුණු 123 ක ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. ශීකර් දාවන් පන්දු 77 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 69 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

 

 

ලකුණු පුවරුව

ඉන්දියා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම

ඉන්දියා කණ්ඩායම් ඉනිම

රෝහිත් ශර්මා - ඇ. රැුම්ඞීන් ප. බෙස්ට්    46
ශීකාර් ධාවන් - ඇ. ඩැරන් බ‍්‍රාවෝ ප. රෝචි    69    
විරාට් කෝලි - ඇ. සැමී ප. ඞ්වේන් බ‍්‍රාවෝ    102
සුරේෂ් රයිනා - ඇ. සැමී ප. සැමුවෙල්ස්    10
දිනේශ් කාර්තික් - ඇ. රැම්ඞීන් ප. බෙස්ට්    6
මුරලි විජේ - ඇ. චාල්ස් ප. පොලාඞ්    27
රවින්ද්‍ර ජදේජා - දුවද්දී දැවී ගියා    2
රවිචන්ද්‍රන් අශ්වින් - නොදැවී    25
අතිරේක             24
එකතුව  ඕවර 50 කදී කඩුලූ 7ක් දැවී    311

කඩුලු වැටීම:  
1-123, 2-141, 3-156, 4-168, 5-210, 6-221, 7-311

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
බුවනේශ්වර් කුමාර්, ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්

පන්දු යැවීම:
ඩැරන් සැමී : 8-1-28-0, කෙමාර් රෝචි : 10-2-69-1, ටිනෝ බෙස්ට් : 10-0-51-2, ඞ්වේන් බ‍්‍රාවෝ : 7-0-57-1, සුනිල් නරේන් : 5-1-35-0, මාලන් සැමුවෙල්ස් : 8-0-39-1, කරන් පොලාඞ් : 2-0-21-1

 

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඉනිම

ක‍්‍රිස් ගේල් - ඇ. කාර්තික් ප. කුමාර්    10
ජොන්සන් චාල්ස් - ඇ. රයිනා ප. ඉෂාන්ත් ශර්මා    45    
ඩැරන් බ‍්‍රාවෝ - ඇ. අශ්වින් ප. කුමාර්    1
මාලන් සැමුවෙල්ස් - ඇ. කාර්තික් ප. ඉෂාන්ත් ශර්මා    6
කරන් පොලාඞ් - ඇ. අශ්වින් ප. කුමාර්    0
ඞ්වේන් බ‍්‍රාවෝ - ක.මු.කළා ප. යාදව්    14
ඩිනේෂ් රැම්ඞීන් - ඇ. කුමාර් ප. යාදව්    9
ඩැරන් සැමී - ක.මු.කළා ප. යාදව්    12
කෙමාර් රෝචි - ප. ජදේජා    34
සුනිල් නරේන් - ඇ. ඉෂාන්ත් ශර්මා ප. ජදේජා    21
ටිනෝ බෙස්ට් - නොදැවී    0
අතිරේක             19
එකතුව  ඕවර 34 කදී සියළු දෙනා දැවී    171

කඩුලු වැටීම:  
1-14, 2-25, 3-64, 4-65, 5-69, 6-91, 7-108, 8-113, 9-171, 10-171

පන්දු යැවීම:
බුවනේශ්වර් කුමාර් : 8-1-29-3, උමේෂ් යාදව් : 8-1-32-3, ඉෂාන්ත් ශර්මා : 7-1-30-2, රවින්ද්‍ර ජදේජා : 7-1-44-2, රවිචන්ද්‍රන් අශ්වින් : 4-0-25-0

 

 

විරාට් කෝලි

 

 

 

 

 

 

 

 

 

 

 

උමේෂ් යාදව්

 



අදහස් (0)

ඉන්දියාවට ලකුණු 102 ක ජයක්

හේරත් Saturday, 06 July 2013 08:30 AM

විරාත් කෝලිට ගුටි කන මුණක් තියෙන්නේ. (නි)

:       0       0

ටෙෂාන් Saturday, 06 July 2013 08:57 AM

මේක ඉතින් ඉන්දියාව දිනුවත් පුදුම වෙන්න දෙයක් නැහැනේ, මොකද කොදෙවුවෙත් ඉන්නවානේ ඉපල් යන අය. (නි)

:       0       0

සිසිර Saturday, 06 July 2013 09:07 AM

කොටින්ම කියනවා නම් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

සමීර Saturday, 06 July 2013 10:27 AM

අපිට කියන්නකෝ කවුද දිනුවේ කියලා (නි)

:       0       0

ඉන්දික Saturday, 06 July 2013 11:14 AM

අපරාදේ කොදෙව් දිනන්න තිබුනේ මම නම් කැමති ඉන්දියාව නැතුව වෙන ඕන රටක් දිනනවට මට පෙන්න බෑ ඉන්දියාව.(නදී)

:       0       0

නන්ද Saturday, 06 July 2013 12:13 PM

අයි.පී.එල් ගහන බ්‍රාවෝ, නරයන්. පොලාර්ඩ් එහෙම සෙල්ලම් කල හැටි දැක්කද? ඉන්දියාව ක්‍රිකට් සල්ලි වලට අරන් ඉවරයි. බලන අපි තමයි මෝඩයෝ. (නදී)

:       0       0

චන්දන Sunday, 07 July 2013 01:32 PM

මොනවා වුනත් කප් එක අපේ.ශ්‍රී ලංකා පිලට ජයවේවා! (නි)

:       0       0

චමින්ද Saturday, 06 July 2013 12:39 AM

විරාට් කෝලි දක්ෂයා. හැබැයි පණ්ඩිතකමත් වැඩියි (නි)

:       0       0

ජනිත් Saturday, 06 July 2013 12:56 AM

ගහන්න ඉන්දියාවට නැතිවෙන්නම........ (නි)

:       0       0

හෂාන් Saturday, 06 July 2013 01:05 AM

ඉන්දියාව චුතවේවා ! කොදෙව්වනුත් පැරදේවා ! සිංහ පැටවූ වැජඹේවා ! ලංකාවට ජයවේවා !!! (නි)

:       0       0

පද්මසිරි Sunday, 07 July 2013 07:47 AM

මොකද වෙන්නේ කියලා බලමු අපි.සිංහයෝ කප් එක මේ ගමන ගනීවිද?කොහොම වුනත් ඉන්දියානුවන්ගේ කට වැඩියි. (නි)

:       0       0

කුමාර Saturday, 06 July 2013 05:00 PM

දෝනි එළියේ ඉදන් නියම ගේම දුන්නේ බෝලේ දාන ව්දිය කියා දුන්නා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site