බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ටි‍්‍රනිඩෑඞ්හි ක්වීන්ස් පාක් ඕවල් ක‍්‍රීඩාංගණයේ ඊයේ (05) පැවැති තරගයෙන් ඉන්දීය පිල ලකුණු 102 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයක් ලැබීය.
ලකුණු 312 ක ඉලක්කය හඹාගිය කොදෙව් පිල ඕවර 10 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 56 ක් ලබා සිටියදී වර්ෂාව ඇදහැළිම නිසා ඕවර 39 කදී ලකුණු 274 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. කොදෙව් ඉනිම ඕවර 34 කදී ලකුණු 171 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල වෙනුවෙන් විරාට් කෝලි වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 83 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 102 ක් රැස්කිරීමට සමත් විය. මෙය 24 හැවිරිදි කෝලිගේ 14 වැනි එක්දින ශතකයයි.
කොදෙව් නායක ඞ්වේන් බ‍්‍රාවෝ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය පිලට ආරාධනා කළේය.
රෝහිත් ශර්මා (46) සහ ශීකර් දාවන් (69) ලකුණු 123 ක ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. ශීකර් දාවන් පන්දු 77 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 69 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
ලකුණු පුවරුව
ඉන්දියා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම
ඉන්දියා කණ්ඩායම් ඉනිම
රෝහිත් ශර්මා - ඇ. රැුම්ඞීන් ප. බෙස්ට් 46
ශීකාර් ධාවන් - ඇ. ඩැරන් බ‍්‍රාවෝ ප. රෝචි 69
විරාට් කෝලි - ඇ. සැමී ප. ඞ්වේන් බ‍්‍රාවෝ 102
සුරේෂ් රයිනා - ඇ. සැමී ප. සැමුවෙල්ස් 10
දිනේශ් කාර්තික් - ඇ. රැම්ඞීන් ප. බෙස්ට් 6
මුරලි විජේ - ඇ. චාල්ස් ප. පොලාඞ් 27
රවින්ද්‍ර ජදේජා - දුවද්දී දැවී ගියා 2
රවිචන්ද්‍රන් අශ්වින් - නොදැවී 25
අතිරේක 24
එකතුව ඕවර 50 කදී කඩුලූ 7ක් දැවී 311
කඩුලු වැටීම:
1-123, 2-141, 3-156, 4-168, 5-210, 6-221, 7-311
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
බුවනේශ්වර් කුමාර්, ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්
පන්දු යැවීම:
ඩැරන් සැමී : 8-1-28-0, කෙමාර් රෝචි : 10-2-69-1, ටිනෝ බෙස්ට් : 10-0-51-2, ඞ්වේන් බ‍්‍රාවෝ : 7-0-57-1, සුනිල් නරේන් : 5-1-35-0, මාලන් සැමුවෙල්ස් : 8-0-39-1, කරන් පොලාඞ් : 2-0-21-1
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් ඉනිම
ක‍්‍රිස් ගේල් - ඇ. කාර්තික් ප. කුමාර් 10
ජොන්සන් චාල්ස් - ඇ. රයිනා ප. ඉෂාන්ත් ශර්මා 45
ඩැරන් බ‍්‍රාවෝ - ඇ. අශ්වින් ප. කුමාර් 1
මාලන් සැමුවෙල්ස් - ඇ. කාර්තික් ප. ඉෂාන්ත් ශර්මා 6
කරන් පොලාඞ් - ඇ. අශ්වින් ප. කුමාර් 0
ඞ්වේන් බ‍්‍රාවෝ - ක.මු.කළා ප. යාදව් 14
ඩිනේෂ් රැම්ඞීන් - ඇ. කුමාර් ප. යාදව් 9
ඩැරන් සැමී - ක.මු.කළා ප. යාදව් 12
කෙමාර් රෝචි - ප. ජදේජා 34
සුනිල් නරේන් - ඇ. ඉෂාන්ත් ශර්මා ප. ජදේජා 21
ටිනෝ බෙස්ට් - නොදැවී 0
අතිරේක 19
එකතුව ඕවර 34 කදී සියළු දෙනා දැවී 171
කඩුලු වැටීම:
1-14, 2-25, 3-64, 4-65, 5-69, 6-91, 7-108, 8-113, 9-171, 10-171
පන්දු යැවීම:
බුවනේශ්වර් කුමාර් : 8-1-29-3, උමේෂ් යාදව් : 8-1-32-3, ඉෂාන්ත් ශර්මා : 7-1-30-2, රවින්ද්‍ර ජදේජා : 7-1-44-2, රවිචන්ද්‍රන් අශ්වින් : 4-0-25-0
විරාට් කෝලි
උමේෂ් යාදව්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරාත් කෝලිට ගුටි කන මුණක් තියෙන්නේ. (නි)
මේක ඉතින් ඉන්දියාව දිනුවත් පුදුම වෙන්න දෙයක් නැහැනේ, මොකද කොදෙවුවෙත් ඉන්නවානේ ඉපල් යන අය. (නි)
කොටින්ම කියනවා නම් කියලා වැඩක් නැහැ (නි)
අපිට කියන්නකෝ කවුද දිනුවේ කියලා (නි)
අපරාදේ කොදෙව් දිනන්න තිබුනේ මම නම් කැමති ඉන්දියාව නැතුව වෙන ඕන රටක් දිනනවට මට පෙන්න බෑ ඉන්දියාව.(නදී)
අයි.පී.එල් ගහන බ්‍රාවෝ, නරයන්. පොලාර්ඩ් එහෙම සෙල්ලම් කල හැටි දැක්කද? ඉන්දියාව ක්‍රිකට් සල්ලි වලට අරන් ඉවරයි. බලන අපි තමයි මෝඩයෝ. (නදී)
මොනවා වුනත් කප් එක අපේ.ශ්‍රී ලංකා පිලට ජයවේවා! (නි)
විරාට් කෝලි දක්ෂයා. හැබැයි පණ්ඩිතකමත් වැඩියි (නි)
ගහන්න ඉන්දියාවට නැතිවෙන්නම........ (නි)
ඉන්දියාව චුතවේවා ! කොදෙව්වනුත් පැරදේවා ! සිංහ පැටවූ වැජඹේවා ! ලංකාවට ජයවේවා !!! (නි)
මොකද වෙන්නේ කියලා බලමු අපි.සිංහයෝ කප් එක මේ ගමන ගනීවිද?කොහොම වුනත් ඉන්දියානුවන්ගේ කට වැඩියි. (නි)
දෝනි එළියේ ඉදන් නියම ගේම දුන්නේ බෝලේ දාන ව්දිය කියා දුන්නා.(නදී)