මෑත කාලයේදී ඉන්දීය පිලට එරෙහිව තරග කිරීමේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් කිසියම් මානසික පසුබෑමකට ලක්වන බව ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පිළිගනී.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැති අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා පිල කඩුලූ 8 කින් පරාජය වීමෙන් පසු මැතිව්ස් මෙසේ පැවසීය.
”ඉන්දියාව ගොඩාක් ශක්තිමත් කණ්ඩායමක් කියලා අපි දැනගෙන හිටියා. ඒ ගැන අපි කතාකරලයි තිබුණේ”
”අප ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළ යුතුව තිබුණත් අපට එය කරගන්න බැරිවුණා. ඒත් මේ විදිහට දිගින් දිගටම ඉන්දියාවට පරාජය වෙනඑක නම් මොන හේතුවද කියන්න මට තේරෙන්නේ නෑ” යයිද මැතිව්ස් පැවසීය.
කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව ශී‍්‍ර ලංකා නායකයා පවසා සිටියේ අවසන් පූර්ව වටයට පිවිසීම තම කණ්ඩායමේ මූලික ඉලක්කය වූ හෙයින් මෙම පරාජය සම්න්ධයෙන් තමන් ලැජ්ජාවට පත්නොවන බවයි.
”තරගයක් දීමට නම් අපට ලකුණු 250 ක් වත් ඕනෑකර තිබුණා. ඒත් කිසිම දෙයක් අපේ වාසියට සිදුවුනේ නෑ. කාසියේ වාසියත් අපට හරස් වුණා” යයි 26 හැවිරිදි ශී‍්‍ර ලංකා නායකයා පැවසීය.
වඩාත්ම වැදගත් තරගයේදී ලසිත් මාලිංගගෙන් අපේක්‍ෂිත සේවය ඉටු නොවීම සම්බන්ධයෙන් මාලිංග විවේචනය කිරීමට මැතිව්ස් ඉදිරිපත් නොවීය.
”ඔහුගේ හොඳම උපක‍්‍රමය තමයි පන්දුව ආපිට දෝලනය කිරීම. ඒත් එංගලන්තයේ දේශගුණික තත්ත්වයන් වල පන්දුව ආපිට දෝලනය වන්නේ නෑ”
”ඒත් ඉන්දීය උප මහාද්වීපයේනම් පන්දුව හොඳින් ආපිට දෝලනය වෙනවා. කොහොම වුණත් නිදහසට කරුණු දක්වන්න අප උත්සාහ කරන්නේ නෑ” යයිද මැතිව්ස් පැවසීය.
”සිවුවැනි ඕවරයේදීම ඩිල්ෂාන් ආබාධයකට ලක්වීම අපට විශාල පාඩුවක් වුණා. ඔහු ඒ වන විට ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් හිටියේ”
”ඊට පස්සේ එක දිගටම කඩුලූ වැටුණ නිසා අපට ඔලූව උස්සන්න බැරිවුණා” යයිද මැතිව්ස් පැවසීය.
”කොහොම වුණත් අවසන් පූර්ව තරගය පරාජය වුණ එක ගැනනම් ලැජ්ජා වෙන්න දෙයක් නෑ”
”පළමු තරගය පැරදුනාට පස්සේ අප අවසන් පූර්ව තරගයට ආවේ හොඳ සටනක් දීලා. ඒ නිසා එංගලන්තයට සහ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරග කළ ආකාරය ගැන කී‍්‍රඩකයන්ට ගරුත්වය යන්න ඕනෑ” යයිද මැතිව්ස් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අර්ජුන මහත්තයගෙන් ඇයි උපදෙස් නොගන්නේ ...? අරවින්ද ? රොෂාන් මහානාම ? අටපත්තු ? අපේ හිටපු දක්ෂයෝ..(ස)
අනේ අයි.පීඑල් යන්න එපා. රට ගැන හිතන්න. පුහුණුකරු අයින් කරන්න. පුහුණුකරු හදිසියකට 6 ගහපු කෙනෙක් නෙමේ. දැන් කාලේ තාක්ෂනය විතරක් නෙමේ බෝලෙට තදින් ගහන්නම ඕනේ.(නදී)
අපේ සුපිරි දෙන්නා ගැනම මට දුකයි. එක්කෙනෙක් 11000 ලකුණ ගත්තේ මාර රිස්ක් එකක් අරගෙන. ආධුනිකයෙක් පළවෙනි ලකුණ ගන්නවා වගේ. මේ දෙන්නම දන්නේ තැලෙන යකඩේ උඩ පැන පැන තලන්න විතරයි . පීඩනය දරාගෙන සෙල්ලම් කරන්න පුලුවන් වුනාට ඒක අනෙක් පැත්තට තල්ලු කරන්න දන්නේ නැ. අරවින්දගේ ලගටවත් මෙයාලට එන්න බෑ. 96 සෙමියෙදි අරවින්ද කරපු දේ... ලකුණු 10 වෙනකොට විකට් 2යි. 35ට 3යි. ගුරැසිංහ බෝල 16ට 1 ලකුණයි. අරවින්ද අන්දියාවේ උන් ලක්ෂෙකට වැඩිය කෑගහද්දි බෝල 47 ට 66ක් ගහනවා. ඊට පස්සේ අනෙක් අය කීය කීය හරි තලාගන්නවා. සංගා හරි මහේල හරි එක්කෙනෙක් අවධානම අරගෙන සෙල්ලම් කරානම් අන්දියාව ඉස්සරහා චූ යන්නේ නෑ. කුලා තිසරලත් බය නැතිව කීය කීයහරි තලනවා. (නදී)
ලබන අව්රුද්දෙ අයි.පී.එල්. ගහන්න බැරි වෙන නිසා මිසක් වෙන මොනවද? (ස)
මේ ඔය ඉල්ලා අස්වෙනේ නැද්ද (අ)
එක තමයි මම දැකපු එපාම කරපු මැච් එක. ටෙස්ට් මැච් මීට වඩා හොඳට ගහනවා.(ස)
දැන් අපිට අපේ රටේ ක්‍රීඩකයෝ කියලා අබිමානයෙන් කොහේ ගිහිලවත් කතාකරන්න බැහැ. ඔබ ඇතුළු සියළුම දෙනා දන්නවා හේතුව මොකක්ද කියලා. බයනැතුව දැන් පරද වුන එකේ ඔය ටිකත් කියලා දාන්න , එදා වැස්සා නම් මීට වැඩිය හොදයි. (නි)
යුද්දෙට නැති කඩුව කොස් කොස්කොටන්නද? (නදී)
ඉන්දියාව එක්ක කවද්ද අන්තිමට දිනුවේ කියන්න බලන්න අයි.පී.එල්. වලින් පස්සේ ? (නි)
මුලික හේතුව අයි, පී, එල්, ඉන්දියාවට පරාද උනාම මෙයාලට ගෙවන ගාන වැඩිවෙනවා.(ස)
හේතුව තමයි අයි පී එල්... බලන අපටනම් තේරෙනවා හේතුව මොකද කියලා... අයි පී එල් නිසා ඔයාලයි ඉන්දියානුවනුයි අතර ඇති මිත්‍රත්වයත් එක් හේතුවක් විය හැකියි. කෝකටත් අර්ජුණ අරවින්ද වගේ ඉන්දියානුවන් අපි ඉදිරියේ දණ ගස්වපු ප්‍රවීණයන් මුන ගැහිලා උපදෙස් ටිකක් ගන්න. එතකොට ඔය ඉන්දියානුවන් ඉදිරියේ කකුල් වෙව්ලන එක ඇරිල යයි. ඉන්දියානු ක්‍රීඩකයන් එස් එල් පී එල් වලට එන්නෑ කවදාවත්. ඉතින් සල්ලි ගැන විතරක් හිතන්නැතිව අයි පී එල් ගිහින් අපේ හැකියාවන් ඔවුන් සොරා ගත් විට අපට අත්වන අවාසිය ගැනත් හිතන්න.(ස)
කුලසේකර කොච්චර හොඳට සෙල්ලම් කරන්න හැදුවත් එයාට වරදගත් උඩපන්දු අල්ලා ගන්න බැරී වීම නිසා අපිට ලෝක කුසලාන 2ක් අහිමි වුනා.එකක් 2011 ගෞතම් ගම්භීර් ගේ උඩපන්දුව,අනික ලඟදි තිබ්බ ටී20 මැච් එකේ මර්ලෝන් සමුඑල්ස් ගේ උඩපන්දුව. රට ගැන හිතලා සෙල්ලම් කරන්න (නි)
පන්දු 10ට ලකුණු 100ක් ගහන්න තිබුනත් මම කියන්නේ ලංකාව දිනනවා කියලා. නමුත් ඊයේ මැච් එක නම් කෑවාමයි. එංගලන්තේ ඉන්න ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ දුන්න සපෝර්ට් එකටවත් ගරු කළේ නැති එක ගැන හරිම දුකයි. එයාලා ආවේ කොටින්ගෙන් ගුටි කාලා. ඔහොම ගියොත් ඉන්දියාවේ වගේ ඔයාලගේ ගෙවල් වලටත් ගල් ගහන දිනය වැඩි ඈතක නොවේ කියලයි මට හිතෙන්නේ (නි)
කෙනත් සමග මම එකඟයි.ඉස්සර ඉන්දියාව ලංකාව ඉදිරියේ දන ගස්සපු කොල්ලෝ අපිට හිටියේ.දැන් ඉන්නේ සල්ලි වලට නැමෙන ය.රන්ජි කුසලානෙ විතරක් ගහපු ඉන්දියාවේ කබ්බෝ අයි.පී.එල්. එකෙන් එලියට ගන්න හේතුව එක තමයි. එකට ඉන්දියාවට වරදක් කියන්න බෑ. අපේ පාලක මණ්ඩලය බලන්නෙත් එයාලගේ කුට්ටිය විතරයි. අර්ජුන වගේ බය නැති කෙනෙක් තමයි අපේ ක්‍රිකට් ලොක්කා වෙන්න ඕනේ. ඉන්දියාවේ ශ්‍රී නිවාසන් ලා මොන මගෝඩි කලත් රට වෙනුවෙන් ලොකු තීරණ ගන්නවා. අර රයිනා කියන එකා මැච් ෆික්ස් කරලත් තවම වැජඹෙන්නේ එකයි. රන්ජි කප් ගහපු ධවන්ලා, ජඩේජා ලා, අශ්වින්ලා අද ගවස්කාර්ලා ගේ කටේ පිහිටෙන් වර්ල්ඩ් ක්ලාස් වෙලා ඉන්නෙත් එකටයි. ඉස්සර සනාලා, අරවින්දලා, මුරලිලා පෙන්නපු වැඩ නිසා ඔය එක කටක්වත් අපිට එරෙහි වුණේ නෑ...එකට අද...කුලේ විතරයි මේ පාර අවශ්‍ය වෙලාවට සුදුසු දේ කලේ. දැන් ඉතින් බටහිර ඉන්දීය කොදෙව්වවලට ගිහිල්ලත් මොනවා කර ගනීද දැන් නෑ.(ස)
අලුතෙන් ගිවිසුම් වලට ගන්න ක්‍රීඩකයන්ට කොන්දේසියක් දාන්න ඕන අවුරුදු 10යනකම් කිසිම විදේශික රටක තරඟාවලියකට සහභාගී වෙන්න බැහැ කියලා. (ස)
අනේ මුන් ලකුණක් දෙකක ගහනකොට හුරේ තියන්නත් හරක් ඉන්නවානේ, අයි.පී.එල්.ගහනකොට මේ අය කොහෙද හිටියේ (අ)
හේතුව:දුර්වල නායකත්වය (අ)
ඉන්දියාවට එරෙහිව පුහුණු තරගයෙදී කාලගුණය හොදට තිබිලත්, 300 ගානක් ගහලත් පරාජය වුනා. (නි)
''ඒත් මේ විදිහට දිගින් දිගටම ඉන්දියාවට පරාජය වෙනඑක නම් මොන හේතුවද කියන්න මට තේරෙන්නේ නෑ” යන ප්‍රකාශේයේම තියෙනවා ඕකට උත්තරේ....නායකයෙකුගෙන් ඇසිය යුතු කතාවක් නොවෙයි මේ. (නි)
අනේ මට තේරෙන්නේ නැහැ අනේ.....මල විකාර (නි)
මෙන්න කෙළෙහි ගුණ දන්නා අය.. අයි.පි. එල් එකෙන් ගත්ත දේවල් වලට තමයි මේ දුන්නේ. (ස)
වෙන මොන හේතුවක් වත් නෙමෙයි මැතිව්ස්, අයි.පී.එල්. සල්ලි තමයි. ඉන්දියාව සහ එහෙ ප්‍රේක්ෂකයෝ තරහ කරගෙන කොහොමද අයි.පී.එල්. ගහන්නේ? ඔයාලා දැන් ඉන්දියාවේ වීරයෝනේ. ලංකාව පුංචි රටක්. එච්චර හිතන්න එපා. අපි තරහ නැහැ. අපි කොහොමත් මැච් බලන්නෙත් නැහැ. (නි)
ඔයා කියන සමහර දේවල් හොදයි බංගලාදේශ කණ්ඩායමේ නායකයාට කියන්න. (නි)
මෙයාලට මේක තේරුම්ගන්න බැරිද? හේතුව තමා අයි.පි.එල්. අයි.පී.එල් ගහනකම් ලංකාවට ඕක තමා වෙන්නේ. (ස)
''එංගලන්තයේ දේශගුණික තත්ත්වයන් වල පන්දුව ආපිට දෝලනය වන්නේ නෑ” එතකොට ඉන්දියාව යුරෝපයේ රටක්ද ? (නි)
හිතගන්න බැරිදෙයක් නැහැ ඔතන.තියෙන්නේ අදක්ෂතාවයයි ,ඉන්න දක්ෂයන්ගේ තියෙන දුර්වල තැන් ඉන්දියාවේ ක්‍රීඩකයෝ හොදට තේරුම් අරගෙන ක්‍රීඩා කිරීමයි. (නි)
වෙන මොකවත් නොවෙයි. අයි.පී.එල්. යනකොට දුර දක්නා නුවනින් අර්ජුන ඕක කිව්වේ නැද්ද? දැන් අපිට ක්‍රීඩා රහස් නැහැ, එයාලා ඔක්කොම දන්නවා අපේ ක්‍රීඩකයෝ ගැන. අනෙක මානසිකව අපි එයාලගේ සල්ලි වලට යට වෙන නිසා අපිට අභිමානයක් නැහැ. ඉන් උත්සාහය හීන වෙනවා. අර්ජුනලා අරවින්දලා සනාලා ගහන කාලේ ඉන්දියාව අපි ඉදිරියේ අසරණයි. ඒ කාලේ සනාට ඉන්දියානු පන්දු යවන්නන් කජු කිරි කොල්ලෝ වගේ, දැන් අපිට ඒ හයිය නැති වෙලා. උසමහත 'වී' ශේප් තිබුනට අද කොල්ලන්ට එදා අර්ජුනලා වගේ හයිය මදි, අධිෂ්ටානය මදි. ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ තීරණයක් ගන්න ඕනෑ, අයි.පී.එල්. යන එක නවත්වනකම් ලංකාව ගහන තරග බලන්න යන්න එපා හැමෝම. (නි)
මල්ලි ! සල්ලි සල්ලි සල්ලි !(ස)
සියලු දෙනාම ගොස් අර්ජුන රණතුන්ගගෙන් උපදෙස් ගන්න ,අරවින්ද හමුවන්න පීඩනයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා අහගන්න (නි)
මේක ක්‍රීඩාවක්. ආගමක් අදහනවා වගේ දඟලන්න එපා.අවසන් මහා තරඟ කියපුවම මහා ලොකුවට හිතනවා.පරාජයට හේතුව ඒකයි.ලෝක කුසලාන අවසන් මහා තරඟය පැරදුනේ පලවෙනි ඕවර 5 ඇතුලතදී ලකුණු 9 පමණක් ලබා ගැනීමත් ඉන්දියානුවන්ගේ මුලු ලකුණු තිස් ගනනකදී ගෞතම් ගාම්භීර් ලබාදුන්නු උඩපන්දුව කුලසේකර අතහැරීමත් නිසයි.එම කඩුල්ලත් දැවී ගියා නම් ලකුණු තිස්ගනනකට ප්‍රබලම කඩුලු 3 ක්? (නි)
අර ඉස්සර සනත් වගේ වැලේ වැල් නැතිවෙන්න නෙලන්න ගත්තා නම් එක තරගයකදි බය නැතුව ඔය ඉන්දියාවට පරාජය වෙන මානසිකත්වය ඉබේම නැති වෙනව. මට නම් පේන්නෙ දැන් අපේ අයට සැප වැඩි වෙලා කියන එකයි. (නි)
ලංකාවේ ටීම් එකට වෙලා තියෙන දේ අපිටත් හිතා ගන්න බැහැ. (නි)
අපිට නම් හිතා ගන්න පුළුවන්. අයි.පී.එල්. ගිය නිසා ආයේ අපට ඉන්දියාවත් එක්ක කිසිම තීරණාත්මක තරඟයක් දෙන්න බැහැ. (නි)
පව් අනේ ඔයා.... ටිකක් කල්පනා කරලා බලන්න ටීම් එකම එකතුවෙලා.මැච් බලන අපිටයි ගහන්න ඕනෑ. (නි)
පරාජයට හේතුව ඔයා දන්නේ නැති වුනාට, සමහරවිට වෙනත් අය දන්නවා ඇති .... (නි)
අනේ ඇත්තටම රටට ආදරයක් තියෙනෙවා නං අයි.පි. එල් යන්න එපා ආයෙත් (අ)
අපේ උන්ට සැප වෙඩි වෙලා.අයි.පී.එල් සැප....මට .දැන් මැච් බලන එක එපා වෙලා .....අපි නිකන් කරන්ට් බිල....කනවා (අ)
මුල ඉඳලම ටෙස්ට් මැච් එකක් වගේ අල්ලපු නිසයි පරාද වුනේ (නි)
ඔබ හරි. මම හිතන්නේ ඉන්දියන් ටීම් එකත් එක්ක අපි සෙල්ලම් කරද්දී ගොඩක් හිතනවා. එහෙම කරන්න එපා. (නි)
පව්! (නි)
මොනවද ඔබ කියන ඔය බොළඳ කතා? ලංකා කණ්ඩායමේ ඉන්න වැඩි දෙනෙක්ගේ හැටි අපිට නම් තේරුම් ගිහින් බොහෝ කාලයක් වෙනවා. (නි)
මෙම පරාජයෙන් අධෛර්යමත් නොවන්න. ක්‍රිකට් ගැන දන්නා අය දන්නවා මොකද එදා වුනේ කියලා. ක්‍රිකට් ගහලා නැති ක්‍රිකට් බලන විතරක් අය ගැන දුකයි. එයාලට ඕනෑ හැම තරඟයම දිනන්න. නමුත් කාලගුණය, තණ තිල්ලේ හැසිරීම, ආබාධයන්ට ලක්වීම වගේ දේවලුත් සමහර තණ තීරු වලදී කාසියේ වාසිය පවා තීරණාත්මකයි. ක්‍රිකට් වල ස්වභාවය අනුව අපිද ඊට මුහුණ දෙනු මිස පරාජය වූ විට කණ්ඩායමට ක්‍රීඩකයන්ට දොස් කීමෙන් පලක් නොවේ. අප දිනූ තරග වලදී අප ලද සතුට මෙන්ම පරාජයේදී ලබන වේදනාවද අප අපේ ක්‍රීඩකයන් සමග බෙදා ගතයුතුය. ඔවුන්ද කිසි දවසක පරාජය වීමට ක්‍රිකට් නොගසනු ඇත. ඔබලා සිදුවූ අඩුපාඩු මගහරවාගන මීළඟ තරඟාවලියට සුදානම් වෙන්න. ක්‍රිකට් වලට ආදරය කරන අප සැම ඔබ සමගයි. (නි)
මේවා මෙහෙම වෙන එක හරි නැහැ (නි)
""ඉන්දියාවට පරාජය වන හේතුව වටහාගන්න බෑ මැතිව්ස්"" නායකයෙක් කියන්න වටිනා කතාවක්ද මේ කියන්නේ? (නි)
ඉන්දියාවට අපි පරදින්න හේතුව තමයි අපේ අය අයි.පි.එල් සඳහා ක්‍රීඩා කිරීම. ඊළඟ පාරවත් අයි. පි. එල් යන්න එපා. එතකොට අපිට පුලුවන් ඉන්දියාවටත් ගහන්න. ජය වේවා..! (නි)
ෂ්......... මැතිවිස් ,කෑ ගහන්න එපා. ලංකාවේ කව්රුත් ඕක දන්නෙ නැහැ තාම (නි)
මැතිව්ස් වුණත් ලකුණු 2 ගහලා ගියා නම් ඔය දේ අද කියන්නේ නැහැ. අපි නොදන්නා ක්‍රිකට් වලට අපි ඔබලාට ගරු කරනවා. නමුත් ඕනෑවට වඩා හේතු කාරනා කියන විට අපිටත් ටිකක් තරහා යනවා මැතිව්ස් මහත්තයෝ (නි)
ඉන්දියාව කියන්නේ අපේ ලොකු අයියා නේද? පුළුවන් තරම් පැරදෙන්න. ඔයාලගේ ගෙවල් වලට එක ගලක් ගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ (නි)
ඔබ කණ්ඩායම ඕවල් වල ඕස්ට්‍රේලියාවට ඉතා හොදින් සෙල්ලම් කළා. තරග දිනවන ජයසුරියල දෙන්නෙක් විතර අපිට අවශ්‍යයි (නි)
අපි නම් හේතුව දන්නවා , දන්නේ නැත්නම් අපෙන් අහන්න අපි කියලා දෙන්නම්. ඉන්දියා එක්ක මැච් එකක් ගහද්දි හැම තිස්සෙම අපේ කට්ටිය බැට් කරන්නේ ඇත පය බැදලා දාලා වගේ. හේතුව හැමෝම දන්නවා. (නි)
ඇත්තටම අපට හිතෙන්නේ සියලුම දෙනා ලංකාව පාවාදුන්නා වගේ හැගීමක්. මන්දයත් තවදුරටත් ඒ අයි.පී.එල්. ක්‍රීඩා කොන්ත්‍රාත් තබා ගැනීමේ අරමුණ මත.අපි තමයි දන්නේ අපි කොච්චර රාජකාරි පසක තියලා මෙම තරග නරඹන්න ඇවිත් අපේ කොල්ලෝ වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ගුටිකාගෙන තරග නැරඹුවාද කියලා. අපි හැම ලකුනක් ගානෙම දාන හැම බෝලයක් ගානෙම කෑගැහුවා යටිගිරියෙන් අපේ උන් ධෛර්යමත් කරන්න. ඒත් ඒ සියල්ල වතුරේ ගියා වගේ. (නි)
ඉන්දියාවේ මිනිස්සු වගේ පැරදිලා ආවාම ක්‍රිඩකයන්ගේ ගෙවල් කුඩුකරන ක්‍රමය අපේ රටේ ක්‍රීඩා ලෝලීන් අනුගමනය නොකරන හීන්දා, ඕවා අමතක කරලා එන අවුරුද්දේ අයි.පී.එල් යන්න ලැහැස්ති වෙන්න. (නි)
කොළඹදී බෝම්බ පුපුරන කාලෙත් අපේ අය ක්‍රිකට් ගහලා දිනලා තියෙනවා. ඔය සමහර අය කියනවා වගේ කොටි එහෙ පිස්සු නැටුව නිසා අපි පරාජය වුනා කියන එක හොදයි කොන්ඩේ බැදපු චීනේ මහත්තුරුන්ට කියන්න. (නි)
ක්‍රිකට් ගහන්න ආධාර හා තාක්ෂණය චිනෙන් ඉල්ලගනිමුද ? (නි)
මැතීව්ස් , මාලිංග , දිල්ෂාන් ඇතුළු අපේ ක්‍රිකට් කණ්ඩායම ඔක්කොම හරිම සුපිරියි. අපි තමා නරක..... (නි)
ලංකාවට ආවම කුක්කු බෝතෙලේ ගානේ කටේ ගහන්න ඕනෑ...අපේ ක්‍රිකට් බබාලාගේ. (නි)
ඔය වගේ තරගයකදී,මහේල,සංගක්කාර,දිල්ෂාන් වගේ පුහුණු නායකයෙක් දානවා නම් නේද හොද? අපට නම් බලන්න එපා වුනා. ලන්ඩන් ඉදලා මොන තරම් දුරද අපි ගියේ? (නි)
දාන දාන බොලේ කණුවෙ වැදීයන්... ගහන ගහන පාර අතේ රැදීයන්... කෝලිකුට්ටු කෙනා ඒකෙන් දැවීයන් .... අපට නොලැබූ දේ සුද්දට ලැබීයන් ... (නි)
වෘත්තීයමය ක්‍රිකට් කණ්ඩායමක් ඔය විදියට අසාමාන්‍ය විදියට බය වෙලා ඉන්නේ නැහැ. පුහුණුකරුවන්,කළමණාකරුවන් ඒවාට විසදුම් සොයා ගත යුතුයි. මතකනේ දුලිප් මෙන්ඩිස්ලා වයිට්මෝර්ලා 96 කරපුවා. ඔය ඉන්දියන් භීතිකාව මහා මෝඩ බයක් විදියටයි මට නම් පේන්නේ. (නි)
ඔබ හොද නායකයෙක්. නමුත් ඉන්දියන් පිතිකරුවෝ සහ පන්දු යවන්නෝ ඉතා හොද තලයකට ඇවිල්ලා අයි.පී.එල්. වලින් පස්සේ (නි)
හේතුව තමයි අහේතුව (නි)
මෙයාලා අයි.පී.එල්. යන එක නවත්වපු දවසට අපිට පුළුවන් ඉන්දියාව පරාජය කරන්න (නි)
කෙනත්ගෙ කතාවත් එක්ක මව අතීතයට ගීයා.ඒ වගේ කාලයක් ආයේ කවදා ඒවිද ? කෙනෙත්ගේ කතාවට 100% ක් මම එකඟයි. (ස)
හොඳට අයි.පී.එල්. ගහපන්න. එතකොට තේරේවි (නි)
බලන අපිට නම් තේරෙනවා වෙලා තියෙන්නේ මොකක්ද කියලා (නි)
හේතුව තමයි අයි.පී.එල්.... (නි)
අනේ පව් තොත්ත බබා ඊ පී එල් එකෙන් ලැබුණු සල්ලි වලින් කිරි ටිකක් බොන්න.(ස)
මම මේක දැන් කීප වතාවක්ම කිවා. මේ පාර මම අන්තිම වතාවට උපදෙස් දෙනවා. වෘත්තීයමය ක්‍රිකට් කණ්ඩායමක් ක්‍රීඩකයන්ගේ තනි තීරණ වල ඉන්න එපා. හොදම උදාහරණය තමා අයි.පි.එල් ලසිත් මාලිංගට දිගට හරහට ගැහුවා අයි.පී.එල් එකේ. අපේ ක්‍රීඩකයන්ගේ තාක්ෂනය දැනටමත් ඉන්දියාව උදුරාගෙන. එදා මේද තුර සියලුම තරග පටිගත කරලා තියනවා සියලුම ක්‍රීඩකයන්ගේ දුර්වල තැන් පන්දු යවන ආකාරය සියල්ල අදීක්ෂණය කරලා තමා ඉන්දියානු කණ්ඩායම ජාතියන්තර තරග වලට එන්නේ හොදින් සෑම කන්ඩායමකටම මුනුන දෙන්න. බටහිර ඉන්දීය ක්‍රිස් ගයාලේ ඉන්දියාවත් එක්ක තරගයේ ලකුණ ලබා ගත්තේ නැහැ. අයි.පී.එල් ගහපු ගැහිල්ල කොහොමද?(නදී)
ඉන්දියාව පරාජය කරලා කොහොමද ඊ ලග පාර අයි.පී.එල් යන්නේ.(නදී)
ඇත්තටම කිව්වොත් වගකීමකින් ක්‍රීඩා නොකිරීමයි හේතුව. දහස් ගණනක් මිනිස්සු නුඹලා වෙනුවෙන් සුසුම් හෙලන එක නුඹලා හරියට වටහාගෙන නැහැ. අනිත් දේ ඉන්දියාව තමන්ගේ ස්ථාවරයෙන් සෙල්ලම් කරනකොට උන්ට බැනලා වැඩකුත් නැහැ. ඇත්තටම කියෙන් කී දෙනාටද ඔයාලා තරගයක් දිනනවමයි කියලා ස්ථිරව කියන්න පුලුවන්? කොහොම වුනත් ඔයිට වඩා නම් වඩා වගකිමක් තියෙන්න ඕනෑ ඕනෑම වැඩක. (නි)
අපට නම් ක්‍රිකට් බලන්නත් අප්පිරියයි (නි)
සල්ලි කුට්ටි තමි හේතුව. මැතිව්ස් දන්නේ නැති උනාට ලංකාවේ බබලත් දන්නවා. (අ)
මහේල සහ සංගා විතරක් තියාගෙන අනෙක් එවුන් අයින් කරලා දාපන් .මුන් එකෙක් වත් වැඩක් නැ.මුන් දැන් ෆෛනල් කියක් නම් කවද. අපි වැඩ පාඩු කරගෙන .නායකකමට මැතිව්ස හරි යන නෑ. ඕක අය .සංගාට දෙන්න.ගහන නැති එවුන් අයින් කරලා දාන්න. ටෙස්ට් මැච් වගේ වන් ඩේ ගහන්න බැ. හයක් හතරක් ගහන්න පන තියන එවුන් ටීම් එකට දාගන්න. (අ)
එක පිට එක කඩුලු යද්දිත් අපෙ අය කිසි ගානක් නැතිව පිස්සො වගේ ඕන තරම් මැච්වල ගහලා තියෙනවා. හැබැයි මේ මැච් එකෙදී ඔවර් 45දිත් විකට් 4යි ගිහින් තිබුනේ. කොහොමද මැතිව්ස් කියන්නේ එක පිට එක විකට් ගියා කියලා. ගහන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒකා ගහන්නෙ නැතිව කුලා, තිසර එවන්න ඕනා. අන්තිමට හිටිය අයත් ගැහුවෙ නැහැ. ගහන්න පුලුවන් දෙන්නට බැට් කරන්න දුන්නේ 47 ඔවර් එකේදී.(නදී)
පරාජයට හේතුව ලබන අප්‍රියෙල්වල ඉන්දියාවේදී වටහාගත හැකියි. (නදී)
තරඟ පරාද වෙලා රටට එන ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රීඩා ලෝලීන් ගැහුවා. අපේ රටේ එහෙම කරන්නේ නැහැ කවදාවත්. අපි නිවාඩු දාගෙන කලින් ගෙදර ඇවිල්ල ටී.වී එක දිහා බලාගෙන ඉන්නේ මේවගේ කෙහෙල්මල් දකින්නද?(නදී)
ලබන අවුරුද්දෙත් අයි.පී.එල් යන්න එතකොට තෙරෙයි හේතුව. පව් බබාලා ටික.(නදී)
ඉන්දියාව පුහුණු තරගයෙන් හොඳ ආරම්භයකට මානසිකත්වයක් හදාගත්ත.අපේ අය එම තරඟය දිනන එක පසෙක තබා සේරමලට පන්දුවට පහර දෙන්න අවස්ථාව ලබාදීමට කියල ශතක දෙකක් අත හැර දැම්ම.එදා දිල් සහ කුසල් දිගටම ගැහුවනම් අපිට 400 උනත් එදා ගහන්න තිබුන. එහෙම වුණනම් ඉන්දියාව මානසිකව වට්ටන්න අපට තිබුන. ක්‍රීඩකයන්ට වඩා උපදේශකයන් අයි පී එල් ලබාගන්න කරපු සැලසුමක්ද කියලත් සැකයි. අඩු ගානේ එදා 400 විතර ගහල ඉන්දියාව පරදුවානම් අපටවත් සතුටු වෙන්න තිබුන එහෙම හරි ඉන්දියාව පරදපු එක ගැන.ඊට පස්සේ ඉන්දියානුවෝ ශතක දෙකක්ම ගහල හොඳ ආරම්භයක් ගත්ත. මොන දේකට වුණත් හොඳ ආරම්භයක් ජවයකි. නවසීලන්ත තරඟය අනිවාර්යයෙන් ජයගන්න තිබුන හොඳ සැලසුමක් තිබුනානම්.එක දින්නනම් අපි අද අවසන් මහා තරඟයේ.මොකද අප්‍රිකාව අපිට ලේසියෙන් පරදවන්න තිබුන. නායකයකු තුල ආත්ම විස්වාසය නැතිනම් කොහොමද කණ්ඩායමක් මෙහෙයවන්නේ? (අ)
අපේ අය අයි.පී.එල් වල සෙල්ලම් කරනකම් ඉන්දියන් කණ්ඩායමට තර්ජනයක් වෙන විදියට සෙල්ලම් කරන්නේ නැද්ද?(නදී)