කොටි සංවිධානය වෙත පනවා තිබූ තහනම තවත් වසර පහකින් දික් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
ඉන්දියාව කොටි සංවිධානය තහනම් කරනු ලැබුවේ 1991 වසරේදීය.
ඒ එරට අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීමෙන් පසුවය.
1967 නීති විරෝධි කටයුතු වැළැක්වීමේ පනත යටතේ කොටි සංවිධානය නීති විරෝධි සංවිධානයක් ලෙස නම් කළ බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එම පනත යටතේ කොටි සංවිධානය නීතිවිරෝධි සංවිධානයක් ලෙස සැලකීම තවත් අවුරුදු පහකින් දිගු කළ බවත් එය පෙරේදා 14 වැනිදා සිට කි‍්‍රයාත්මක වන බවත්ය.
1976 ආරම්භ කළ කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ උතුරු පළාත කේන්ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක වූ අතර 2009 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් විනාශ කරනු ලැබිණි. එම සංවිධානයේ නායකයා වන වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ද එහිදි ශ්‍රී ලංකා හමුදාව අතින් ඝාතනය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට එංගලන්තෙන් ඕකට කනස්සල්ල පල කලේ නැද්ද?ඇයි තහනම් කරේ කියල ? (ස)
අවුරුදු 5 නොවෙයි සදාකල්ම වියයුතුයි කොටි දෙමල සිංහල සැමටම කල විනාශයට (ස)
අද ඉන්දියාවට ඓතිහාසික දිනයක් වෙනවා. රටේ අනාගත භාරකරුවා ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙන දිනය. කලාපයට බලපාන බල තුලනයේ තීරණාත්මක මොහොතක්. (නි)
අබය, ඔයා දන්නේ නැද්ද කොටි සංවිධානය සම්බන්ධයෙන් එංගලන්තයේ අලුත්ම අදහස? අපේ රට සම්මත කර ක්‍රියාත්මක කරන "ත්‍රස්තවාදය මර්දන පනත" අස්කර ගන්න කියලා එංගලන්තය අපේ රජයට කරන ලද නියෝගය අපේ රට විසින් පසුගිය දිනෙක තරයේ ප්‍රතික්ෂේප කළා. (නි)
මේ තහනම තියෙද්දී තමයි තමිල්නාඩුවේ එළිපිටම කොටින් වෙනුවෙන් වයිකෝලා පෙනී සිටින්නේ.මධ්‍යම රජයට බලපෑම් කරන්නේ.මැරුණු කොටි සමරන්නේ.ප්‍රභාකරන්ගේ ටීෂර්ට් ඇඳගෙන අපේ අහිංසක වන්දනාකරුවන්ට පහර දෙන්නේ.ඉන්දියාව මොන තහනම දැම්මත් තමිල්නාඩුවට ඒවා අදාළ නැහැ. (නි)
අපට කිට්ටු රට ගත්තු තීරණය අපට වාසිදායක බව අමතක කරන්ට නරකයි. අමෙරිකාවත් එම තහනම ම කරලා කොටින්ට පක්ෂපාති වැඩ කරනවා නේද.? (ස)
ඉන්දියාව කලාපීය සාමය ගැන ලංකාවට වඩා උනන්දුයි .ඉතින් ඉන්දියාවට ස්තුති කරමි. (ස)
කොහොමත් අපේ අසල් වැසියොනේ. (ස)