තානාපති ධූර පුරප්පාඩුව පැවති තවත් රටවල් තුනක් සඳහා නව තානාපතිවරුන් පත්කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාව, රුසියාව, සහ පිලිපීනය සඳහා නව තානාපතිවරුන් පත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිණිකොළොන්නේ මෙනවිය එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.
ඉන්දියාව නව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් මහතාද , රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වෛද්‍ය සමන් වීරසිංහ මහතාද , පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරියෙකු වන අරුණි රණරාජා මහත්මිය පත්කළ බව කොළොන්නේ මෙනවිය පැවසුවාය.
රජය විසින් නම් කරනු ලැබූ මෙම නව මහකොමසාරිස්වරු සහ තානාපතිවරුන්ට උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ හා එම රටවල් හි රජයන්ගේ අනුමැතිය හිමිවී ඇති බවත් නුදුරේදීම ඔවුන් අදාළ ධූරයන් හි රාජකාරී කටයුතු බාරගනු ඇති බවත් ඇය පැවසුවාය.
මීට අමතරව රටවල් කිහිපයක ශ්‍රී ලංකා කොන්සල් ධූර සඳහා නව කොන්සල් ජනරාල්වරුන් පත් කළ බව අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මෙනවිය එම මාධ්‍ය හමුවේදී පැවසුවාය.
ඒ අනුව චීනයේ ග්වැන්ජොං හි කොන්සල් ජනරාල්වරයා ලෙස ශානිකා දිසානායක, ෂැංහයි හි කොන්සල් ජනරාල්වරයා ලෙස ලක්ෂිත රත්නායක , කැනඩාවේ ටොරොන්ටෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස යූ.එල්.එම්.ජවුෆර් , ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.ජේ.එස්.ප්‍රසන්න , ඉතාලියේ මිලාන් හි කොන්සල් ජනරාල්වරයා ලෙස ප්‍රදීපා සේරම් යන මහත්ම මහත්මින් පත් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට වරදින තවත් තැනක් තමයි වෘත්තීය විදේශ තානාපති සේවයෙන් පරිභාහිර අය එවැනි තනතුරු වලට පත්කිරීම. (නදී)
අනික් අය කොහේ ගියත් කමක් නැහැ. හැබැයි ඉන්දියාවට යන කෙනාටයි කියන්නේ. අර පාලම හෙම හදන්න තියා ඒ ගැන කතාකරන්නවත් ඉඩතියනවා හෙම නොවෙයි. ඔන්න අපි කීවා රටේ මිනිසුන්ගේ ස්වාදීනත්වයට හානියක් ඇති නොවෙන්න බලධාරීන් කටයුතු කල යුතුයි. මහ ජනයා බලා පොරෝත්තුවෙන්නේ එපමණයි. ලුනුයි බතුයි කාල හරි තම පැල්කොටේ නිදහස්ව ජීවත්වෙන්න නැතිනම්, හැමදාම රජමාලිගා මුර කරලා ඇති පලක් නැහැ. (නදී)
ඔය තානාපති සේවයට යන අය රාජකාරිය කරනවද කියල බලන්නත් ඕනි.(නදී)
ජනතාවට මේ අයගේ සියලු සුදුසුකම් දැනගැනීමට සලස්වන්න. (නදී)
අරුණි රණරාජා හිටපු ඒ ජා ප මන්ත්රී ෂෙල්ටන් රණරාජාගේ දුව නේද (නදී)
අනේ හොදයි, සමන් මහත්මයට නම් ඉතින් රුසියාවේ කරන බිස්නස් ටික බොඩි ගාඩ්ලා අරක්ෂකයෝ නැතිව තානාපති වරප්‍රසාද යටතේම කරගන්ඩ යහපාලනේ යටතේ පුළුවන් වෙයිනේ. (නදී)
ඇසල වීරකෝන් දක්ෂ නිරහංකාර තානාපති වරයෙක්. ඔබට මගේ සුභ පැතුම්. (නදී)
විදේශ සේවයේ අසාධාරණයට ලක්වූ ලොකු සහ පොඩි නිලධාරීන් ගැන සොයන්න. තවමත් අසාධාරණයට ලක්කරමින් පවතින අය ගැනත් හොයන්න. දේශපාලකයින් නැති වන විට නිලධාරීන් අල්ලගෙන වැඩ කරගන්න දක්ෂ අය නිසා අනිත් අයට වෙන කැපිලි ගැන බලන්න (නදී)