අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් පැවැති අවසන් ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව සමත් විය. එජ්බැස්ටන්හිදී ඊයේ (23 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ක‍්‍රීඩකයෝ සත්කාරක එංගලන්තය පිලට එරෙහිව ලකුණු 5 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කය හඹාගිය එංගලන්ත පිලට ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි.
එංගලන්ත පිලේ පස්වැනි කඩුල්ලේ සිට අටවැනි කඩුල්ල දක්වා කඩුලූ 4 ක් ලකුණු 4 ක් තුළ බිඳ වැටීම පරාජයට ප‍්‍රධාන හේතුව බවට පත්විය.
ලකුණු 46 කට කඩුලූ 4 ක් බිඳ වැටී සිටියදී එඔයින් මෝගන් (33) සහ රවී බොපරා (30) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් පවත්වමින් එංගලන්තය ශක්තිමත් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විරාට් කෝලි පන්දු 34 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස් කළේය.
රවින්ද්‍ර ජඬේජා ඉනිමේ අවසන් ඕවර කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 25 කදී හතරේ සහ හයේ පහර දෙක බැගින් අන්තර්ගත කරමින් නොදැවී ලකුණු 33 ක් රැස්කිරීමට සමත් විය.
ශීකර් දාවන් පන්දු 24 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 31 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල විය.
රවී බොපරා ඉනිමේ 13 වැනි ඕවරයේ දෙවැනි සහ හයවැනි පන්දුවලදී සුරේෂ් රයිනා (01) සහ මහේන්ද්‍ර සිං දෝනි (0) දවා ගනිමින් එංගලන්ත පිල පියවර කීපයක් ඉදිරියට ගැනීමට සමත් විය. එම කඩුල්ල දෙකත් සමග ඉන්දියාව ලකුණු 66 කට කඩුලූ 5 ක් බවට පත්විය.
ක‍්‍රීඩාංගණයට පෙරවරුවේ සිට වර්ෂාව ඇදහැලීම නිසා එංගලන්ත වේලාවෙන් පස්වරු 4.20 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් රාත‍්‍රි 8.40 ට පමණ ඉනිමක් ඕවර 20 ක තරගයක් ලෙස තරගය ආරම්භ වුව ද, හත්වැනි ඕවරය යවමින් සිටියදී දෙවැනි වරටත් වර්ෂාව ඇදහැලීම නිසා පැයකට ආසන්න කාලයක් තරගය අත්හිටුවීමට සිදුවිය. ඒ වන විට ඉන්දීය පිල ඕවර 6.2 කදී එක කඩුල්ලක් දැවී ලකුණු 38 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.
ඉනිමක් ඕවර 20 ක් වූ මෙම තරගයේ පළමු ඕවර හතර අධිවේගි ඕවර විය. ඕවර දෙකක් පිතිකරු අධිවේගි ඕවර වූ අතර එම ඕවර දෙක ඕනෑම අවස්ථාවක ලබාගත හැකිවිය. පන්දු යවන්නකුට උපරිම යැවිය හැකි වූයේ ඕවර 4 ක් පමණි.
ලකුණු පුවරුව
එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම
ඉන්දියා කණ්ඩායම් ඉනිම
රෝහිත් ශර්මා - ප. බ්‍රෝඞ් 9
ශීකාර් ධාවන් - ඇ. ටේරඞ්වෙල් ප. බොපාරා 31
විරාට් කෝලි - ඇ. බොපාරා ප. ඇන්ඩර්සන් 43
දිනේශ් කාර්තික් - ඇ. මෝගන් ප. ටේරඞ්වෙල් 6
සුරේෂ් රයිනා - ඇ. කුක් ප. බොපාරා 1
මහේන්ද්‍ර සිං දෝනි - ඇ. ටේරඞ්වෙල් ප. බොපාරා 0
රවින්ද්‍ර ජදේජා - නොදැවී 33
රවිචන්ද්‍රන් අශ්වින් - දුවද්දී දැවී ගියා 1
බුවනේශ්වර් කුමාර් - නොදැවී 1
අතිරේක 7
එකතුව ඕවර 20 කදී කඩුලූ 7ක් දැවී 129
කඩුලු වැටීම:
1-19, 2-50, 3-64, 4-66, 5-66, 6-113, 7-119
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
ඉෂාන්ත් ශර්මා, උමේෂ් යාදව්
පන්දු යැවීම:
ජේම්ස් ඇන්ඩර්සන් : 4-0-24-1, ස්ටුවට් බ්‍රෝඞ් : 4-0-26-1, ටිම් බ්‍රෙස්නන් : 4-0-39-0, ජේම්ස් ටේරඞ්වෙල් : 4-0-25-1, රවී බොපාරා : 4-1-20-3
එංගලන්ත කණ්ඩායම් ඉනිම
ඇලිස්ටෙයාර් කුක් - ඇ. අශ්වින් ප. යාදව් 2
ඉයන් බෙල් - ස්ට. දෝන ප. ජදේජා 13
ජොනතන් ට්‍රොට් - ස්ට. දෝනි ප. අශ්වින් 20
ජෝ රූට් - ඇ. ඉෂාන්ත් ශර්මා ප. අශ්වින් 7
ඔයින් මෝගන් - ඇ. අශ්වින් ප. ඉෂාන්ත් ශර්මා 33
රවී බොපාරා - ඇ. අශ්වින් ප. ඉෂාන්ත් ශර්මා 30
ජෝ බට්ලර් - ප. ජදේජා 0
ටිම් බ්‍රෙස්නන් - දුවද්දී දැවී ගියා 2
ස්ටුවට් බ්‍රෝඞ් - නොදැවී 7
ජේම්ස් ටේරඞ්වෙල් – නොදැවී 5
අතිරේක 5
එකතුව ඕවර 20 කදී කඩුලූ 8ක් දැවී 124
කඩුලු වැටීම:
1-3, 2-28, 3-40, 4-46, 5-110, 6-110, 7-112, 8-113
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා:
ජේම්ස් ඇන්ඩර්සන්
පන්දු යැවීම:
බුවනේශ්වර් කුමාර් : 3-0-19-0, උමේෂ් යාදව් : 2-0-10-1, රවින්ද්‍ර ජදේජා : 4-0-24-2, රවිචන්ද්‍රන් අශ්වින් : 4-1-15-2, ඉෂාන්ත් ශර්මා : 4-0-36-2, සුරේෂ් රයිනා : 3-0-19-0
විරාට් කෝලි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා තවම අර දෙවන පෙළ කණ්ඩායම ක්‍රීඩා කරන මැච් බලනවද? අපි නම් නැවැත්තුවා.අර අමුතු බෝල දාන කෙනා ගිය පාර ඕවර් දෙකකදී ටීම් එකයි රටයි වික්කට පස්සේ අපේ උණ නම් හොඳ වුනා. මට නම් දුම් පානයෙන් මිදුන විට දැනුන සැහැල්ලුව වගේ සතුටක් සැහැල්ලුවක් දැනෙනවා.මදුරංග ටීම් එකට දෙන්න ඕනෑ මානසික ප්‍රතිකාර නෙමෙයි. සල්ලි සල්ලි (නි)
අපේ අය වගේ නෙමෙයි, එංගලන්තේ තරඟයක් දීලයි පැරදුනේ.ඔවුන් අපේ අයට වඩා හොඳට බැට් කළේ, ලෝක පූජිතයි එත් ආත්ම ශක්තියක් නැති අපේ බැට්ස්මන්ලට හොඳ පාඩමක් උගන්නලයි. දක්ෂකම වගේම ආත්ම විශ්වාසය, සටන්කාමිත්වය ක්‍රීඩකයෙකුට අත්‍යාවශ්‍යයි. අපේ ක්‍රීඩකයින්ට අවාසනාවකට නැත්තෙත් ඒවමයි. (නි)
අයි පී එල් ග්‍රහණය නිසා සමහර ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ ඉන්දියාව දිනවන්න බව සමහර විදේශීය විචාරකයොත් නොකිය කියනවා. අපේ ටීම් එකෙත් දෙතුන් දෙනෙක් සෙල්ලම් කරන්නේ එහෙමනේ. මේ රාමුව තුල ඉන්දියාව පරද්දන්න ලේසි වෙන්නේ නැහැ . (නි)
මොනවද මේ අධිවේගී ඕවර් කියන්නේ? (නි)
ඉන්දියාව කප් එක ගත්තේ ඒ අයගේ දක්ෂතාවය නිසා. අපේ අයත් නරක නැහැ.අපිට ටොස් එක තමා හරහට හිටියේ. ඉන්දියාවටත් තව පොඩ්ඩෙන් අපිට වෙච්ච වැඩේ තමා වෙන්නේ.ඉන්දියාවට අපේ සුභ පැතුම්! වෙස්ට් ඉන්දීස් වලදී අපි අනිවාර්යයෙන් කප් එක උස්සනවා.ටී ටුවෙන්ටි ශුරයෝයි වල්ඩ් කප් ශුරයෝයි දෙකේම අනු ශුරයෝ වන අපියි නේ ගහන්නේ. අපි දිනනවා ඒකාන්තයෙන්ම. (නි)
එංගලන්තෙට අතට ගත්ත එක කටට දාගන්න බැරි වුණා. ක්‍රිකට් ඔහොම තමයි. සමන්ත, මම දන්නවා අධිවේගී කියලා කියන්නේ පවර් ප්ලේ කියලා.නමුත් ඒකට ඊට වඩා ගැලපෙන වචනයක් හද ගන්න ඕනෑ.. (නි)
එංගලන්තෙට ජයවේවා ! සාම්බාරු කාරයෝ පැරදෙවා ! (අ)
ඉන්දියාව කුසලානය ගන්න කියලා මම ඉන්දියාවට සුබ පතනවා! (නි)
එදත් සුරයා අදත් සුරයා... ඉන්දියාවට ජයවේවා! (නි)
දැන් මොන දෙවල් කථා කළත් ඵලක් නෑ. ඉන්දියාව කප් ඒක අරන් ඉවරයි. අපෙ කණ්ඩායමට ආයෙමත් හිතන්න හුගාක් දේ මෙම කුසලානයෙන් ඉතිරි කළා. මගෙ දැනුමට අනුව නම් අපිට හොද මානසික ෙවෙද්‍ය වරෙයෙකුගෙ සේවාව ඉක්මනටම අවශ්‍ය වෙනවා. මන්ද අප කණ්ඩායමේ මානසිකව තත්වය හුගාක් වැටිලා ඉවරයි. ඉන්දියාව ඉදිරියේ ලොකු පීඩනයක් අරන් ක්‍රිඩා කරනවා. අනිත් කරුණ නම් අයි.පී.එල්. තරග වලට සහභාගිවීම දැන්වත් නතර කළ යුතුයි. ඉන්දියාව යනු කපටි නරියෙක්. ඔවුන් අයි.පී.එල්. මුදල් වලින් සෑම රටකම ක්‍රිකට් විනාශ කරලා ඉවරයි. ඒයාලා ක්‍රිකට් බලවතුන් වෙලා අයි.සී.සී එකත් පාලනය කරන තත්වයට පත්වී අවසානයි. මෙවා අරපුන මහත්මයා මුල ඉදන්ම කිව්වා. ඒත් කාටවත් ඒවා පිළිගන්න මොළයක් තිබ්බෙ නෑ. (ස)
දැන් මොන දෙවල් කථා කළත් ඵලක් නෑ. ඉන්දියාව කප් එක අරන් ඉවරයි. අපේ කණ්ඩායමට ආයෙමත් හිතන්න හුගාක් දේ මෙම කුසලානයෙන් ඉතිරි කළා. මගෙ දැනුමට අනුව නම් අපිට හොද මානසික වෛද්‍යවරෙයෙකුගෙ සේවාව ඉක්මනටම අවශ්‍ය වෙනවා. මන්ද අප කණ්ඩායමේ මානසිකව තත්වය හුගාක් වැටිලා ඉවරයි. ඉන්දියාව ඉදිරියේ ලොකු පීඩනයක් අරන් ක්‍රිඩා කරනවා. අනිත් කරුණ නම් අයි.පී.එල්. තරග වලට සහභාගිවීම දැන්වත් නතර කළ යුතුයි. ඉන්දියාව අයි.පී.එල්. මුදල් වලින් සෑම රටකම ක්‍රිකට් විනාශ කරලා ඉවරයි. එයාලා ක්‍රිකට් බලවතුන් වෙලා අයි.සී.සී එකත් පාලනය කරන තත්වයට පත්වී අවසානයි. මෙවා අර්ජුන මහත්මයා මුල ඉදන්ම කිව්වා. ඒත් කාටවත් ඒවා පිළිගන්න මොළයක් තිබ්බෙ නැහැ. (නි)
එංගලන්තෙත් කෑව නේද එහෙනං නියම සුරයෝ තමා ඉන්දියාව ලංකාවට බැ කීවට ඔය ගෙහෙව්වේ හොදට ඉන්දියාව (අ)
එංගලන්තෙට මෙහෙම වුනා නම් අපි පරාජය වුනා එක අහන්න දෙයක් දැයි අසමින් අපේ අය එන පාර අයි.පී.එල් යන්න ලැහැස්ති වෙන්න. (අ)
ඉන්දියාව ශුරයන් බව සැබෑය. ඒ ඔවුන් තමාගේ ප්‍රධානම අභියෝගය මුදල් බලයෙන් යටපත් කර ගැනීම හේතුවෙනි. (නි)
සමින්ද මහත්තයෝ.... ඉන්දියාවේ ප්‍රේක්ෂකයන්ගේ හොදකම බලාගන්න තිබ්බා ඒ අය බැරිවෙලා වත් පැරදුනානම්. (නදී)
පවතින වැසි සහිත කාලගුණය අනුව පෙනෙන්නේ ඉන්දියාව සහ එංගලන්තය සම සුරයන් වීමේ සම්භාවිතාවක් ඇති බවය. (නි)
ඉන්දියාව දිනන්න හේතුව මුළු රටම ඔවුන්ට එක සිතින් සුබ පතනවා. ඒත් අපේ රටේ ගොඩක් අය බලාගෙන ඉන්නේ අපි පරදිනකන්. අනිත් අතට අයි.පී.එල්. පරාද වෙන්න හේතුවක් නම් පාකිස්තාන් අය අයි.පී.එල්. යන්නේ නැහැනේ. (නි)
ලංකා, මොන පිස්සුද ? අපේ කට්ටියටත් චපාති දෙක ගානේ දෙමු දවසට (නි)
පෙරේරා" අධිවේගී ඕවර කියන්නේ පවර් ප්ලේ වලට (නි)
අයි. පී. එල්. වලට අපේ අය ඉන්දියා යනකම් . ඉන්දියාව කප් උස්සයි. (ස)
ඉන්දියාවට හිටපු ලොකුම අභියෝගය තමඊ අපි. එයලා සල්ලි වලට අපිව අරගෙනනේ තියෙන්නේ. එව්වට තමයි කියන්නේ මාස්ටේර් ප්ලෑන් කියාලා. කවදා අපේ ගොන්නුන්ට මෙව්වා තේරෙයිද දන්නේ නෑ (අ)
නවසීලන්තයත් එක්ක තිබ්බ පළමු තරඟය අම්පයර්ල අපිට නැතිකරා . එකෙන් අපිට අරධ අවසන් තරගෙට ඉන්දියාව අහුවුණා නැත්නම් අවසන් තරගයට ආවත් අපිට දිනන්න තිබුන. (අ)
දෝනි රැවුල කොන්ඩේ කපාගෙන මහත්මයෙක් වගේ ඉදී දැන්. ඉන්ටර්නැෂනල් තරගයක් තිබුනොත් කොන්ඩේ රැවුල සම්පුර්ණ තට්ටයක් කරගෙන හෝ සම්පුර්ණ කොන්ඩේ රැවුල වවාගෙන තාපසයෙක් මෙන් ඉන්නා ඔබ අප දකින දෝනි නොපෙනෙන දෙවියන් බාර හාර විශ්වාස කර ඒ විශ්වාසේ තුලම ජීවත්වෙන කෙනෙකුදැයි මට සිතේ (නි)
අපි අනිවාර්යයෙන් දිනනවා. මෙතන හුඟ දෙනෙක් දන්නේ නැහැ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජාතික තලයට එන්න අවුරුදු 10ක් 15ක් විතර කිසිම විවේකයක් නැතුව තමන්ට අවශ්‍ය දේ කාගන්න බීගන්න බැරුව තමන්ගේ අම්මා තාත්තා එක්ක හරියට ආශ්‍රයක් නැතුව දූ දරුවෝ ගෑනි ගැන බලන්නේ නැතුව අමුතු ජීවිතයක් ගත කරන්නේ කියලා...ඊට පස්සෙත් අන්තර්ජාතික වුනාම හැමදාම ප්‍රැක්ටිසුයි මැචුයි. අනික ඒ මිනිස්සුන්ගේ හැකියාවට තව සිය ගුණයක් සල්ලි හම්බවුනත් මම නම් ආසයි. මට බැරි වුනාට මට නැති වුනාට කරන්න දෙයක් නැහැ (නි)
ලංකාවේ හරි කුහක මිනිස්සු ගොඩක් ලංකාදීප ඔන්ලයින් බලනවා වගේ. (නි)
ඒක හොදයි දිනනවට වඩා (නි)
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අපේ රටේදීම අපිව පරද්දලා 20/20 කුසලානය ගත්ත එකේ, අපේ අය එහෙට ගීහිල්ලා හොද ගේමක් දෙන්න වෙයි.(නදී)
ශ්‍රී ලංකා කණ්ඩායමට අද තමන්ගේ රටේ දී තරඟ දීනීමත් ප්‍රශ්නයක් වෙලා. පිටදී මොන කතාද ?(නදී)
විලි ලැජිජයි හලෝ අපට දොනි බොල් දැම්මේ පුලවන්නම් දිනපල්ලා කියලා.(නදී)
වහින එකම හොදා.සෙල්ලම් කරත් එංගලන්තේ දිනේවා! (අ)