ලොව ජීවත්වීමට සුදුසුම රට නෝර්වේ රාජ්‍යය බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි. 2015 වසර සඳහා මානව සංවර්ධනයේ අංශ ගණනාවක් සම්බන්ධයෙන් කළ පර්යේෂණ අනුව ඔවුන් රටවල් 188 ක් ශ්‍රේණිගත කර ඇත.
ඕස්ට්‍රේලියාව සහ ස්විස්ටර්ලන්තය ලොව ජීවත්වීමට වඩාත් සුදුසු රටවල් අතර දෙවැනි හා තෙවැනි ස්ථානවලට පත්ව ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය කියයි.
මේ අතර ජීවත්වීමට නුසුදුසුම රට එනම් එම ශ්‍රේණිගත කිරීමේ අවසාන ස්ථානය හිමිව ඇත්තේ නයිජර් රාජ්‍යයටයි. මධ්‍යම අප්‍රිකා සමූහාණ්ඩුව සහ එරිට්‍රියාව නයිජර් රාජ්‍යයට පසුව පිළිවෙළින් ජීවත් වීමට නුසුදුසු රටවල් අතර වෙයි.
ශ්‍රී ලංකාවට මෙම දර්ශකයේ හිමිව ඇත්තේ 73 වැනි ස්ථානයයි. අසල්වැසි ඉන්දියාවට මෙම දර්ශකයේ හිමිව ඇත්තේ 130 වැනි ස්ථානයයි. පකිස්තානය එහි 143 වැනි ස්ථානයේ පසුවෙයි.
ඇමරිකා එක්සත් ජනපදය මෙම ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයට පත්ව ඇති අතර මහා බ්‍රිතාන්‍යය 14 වැනි ස්ථානයේ පසුවේ.
මානව සංවර්ධනය මූලික කරගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති අතර ලෝකයේ රටවල් 188 ක් අතිශය දියුණු මානව සංවර්ධනයක් ඇති, උසස් මානව සංවර්ධනයක් ඇති, මධ්‍යම මානව සංවර්ධනයක් ඇති හා අඩු මානව සංවර්ධනයක් ඇති රටවල් ලෙස මෙහි බෙදා දක්වා ඇත. ශ්‍රී ලංකාව මෙහි දෙවැනි කාණ්ඩය වන උසස් මානව සංවර්ධනයක් ඇති රටක් ලෙස හඳුන්වාදී තිබේ.
ආසියා මහද්වීපයට අයත් රටවල් අතරින් සිංගප්පූරුව එම ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයට පත්ව ඇති අතර චීනය 12 වැනි තැනටත් ජපානය 20 වැනි තැනටත් පත්ව ඇත. දකුණු කොරියාව මෙහි 17 වැනි තැන හිමිකරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව අපිට පැරදුණු එකට නම් සතුටුයි (නි)
මේක පිලිගන්න පුළුවන්ද? සිරියාවෙ මිනිස්සුන්ගෙ භාගයක්ම රට හැරදාලා ගිහින් යුද්ධෙ හින්දා. එ්ත් එ් රට 118 තැන. (බ)
ශ්‍රී ලංකාවට මේ විදියේ උසස් ස්ථානයක් ලැබීම ගැන ශ්‍රී ලාංකිකයෙක් හැටියට මා ඉතාම සතුටු වෙනවා... ඒ වුනාට රජය පරෙස්සම් වෙන්නත් ඕන. රට ආපස්සට හරවන්න වලිකන අය ඕන තරම් අපේ රටේ තවම ඉන්න බව ජනපතිතුමාත්, අගමැතිතුමාත් නිතර සිහියේ තබාගත යුතු වෙනවා....(බ)
ඒකනෝ ඉන්දියන් කාරයෝ ලංකාවට රිංගන්න හදන්නේ (බ)
මේ යන විදිහට ගියොත් ලබන අවුරුද්දෙ මේකෙ අනික් පැත්ත තමයි බලන්න වෙන්නෙ (බ)
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තියෙන්නේ නොර්වේ රටේම නේද? (බ)
කොහොමත් ඉන්දියාව ලංකාවට පිටුපසින් තමයි ඉන්නේ, නමුත් ඉතාම ටික කලකින් අපිව අභීබවා යනවා. (ම)
පරිසර දුෂණය අතින් ඉහළම තැනක සිටින, අලුත උපදින දරුවෙකුට හුස්ම ටිකක්වත් ගන්න බැරි චීනයට 12 වැනි ස්ථානය ලැබීම පිළිගත හැකිද? (නි)
මොකද දන්නෙ නැහැ නෝර්වේට පළවෙනි තැන? (නි)
ලබන අවුරුද්දේ මීටත් වැඩිය හොඳ තත්වයකට පත්වේවි. ඍණ ආකල්ප වලින් හැමදෙයක් ගැනම හිතන මෝඩයෝ නොවෙයි අපි. (නි)
චීනයට ලැබුණු තැන නම් මට පිළිගන්න අමාරුයි (නි)