ඉන්දියාවේ ඇමරිකා හා ඊශ්‍රාලෙය තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමට සැළැසුම් සකස් කර ඇතැයි කියන ශ්‍රී ලංකාවේ පකිස්තාන තානාපති කාර්යාලයේ ඉහළ නිළධාරියෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීමට ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහය ඉල්ලීමට යයි.
ඉන්දියාව හා ශී්‍රලංකාව අතර 2010 වසරේදී අත්සන් කෙරුණු නීති කටයුතු සම්බන්ධ අවබෝධතා ගිවිසුම අනුව මෙම කටයුතු සිදුකෙරෙනු ඇතැයි පැවසේ.
තමිල්නාඩු පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකුගෙන් ලද තොරතුරු මත ඉන්දියා බුද්ධි අංශය සිදුකළ පරීක්ෂණයකින් මෙසේ ඉන්දියාවේ ඇමරිකා හා ඊශ්‍රායෙල තානාපති කාර්යාල වලට ප්‍රහාරයක් එල්ල කිරීම පිළිඹද තතු හෙළිව ඇත.
ඉන්දියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ යවන ලද එම තානාපති කාර්යාලයන්ගේ ඡායාරූපයන්, තානාපතිවරුන්ගේ තොරතුරු ආදී දේ කොළඹ පකිස්තාන තානාපති කාර්යාලයේ පිහිටි පරිගණකයකින් භාගත කරගෙන ඇතැයිද අනාවරණය කර ගැනීමට ඉන්දියා බුද්ධි අංශ සමත්ව තිබේ.
තවද මැලේසියාවේ සිට ව්‍යාජ ගමන්බලපත් ආධාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඉන්දියාවට ගෙන ඒමට කර ඇති සැළැස්මක් සම්බන්ධයෙන්ද අත්අඩංගුවට ගත් ශී්‍රලංකා මුස්ලිම් ජාතිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් දැනගැනීමට හැකිව ඇත.
ඉන්දියා ආරංචි මාර්ග සදහන් කරන්නේ දිගු කලක සිට සිදුකෙරෙන මිනිස් ජාවාරමක තතුද මේ සමගම අනාවරණය වන්නට පටන්නෙ ඇති බවයි.
ඉන්දියාවේ බුද්ධි අංශ තොරතුරු තහවුරු කරමින් මැලේසියා ආරක්ෂක අංශ මිනිස් ජාවාරම්හි යෙදුණු මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.ඔහුද ශී්‍රලංකා ජාතිකයෙකි.
මෙම පුද්ගලයාද ඉන්දියාවට අවශ්‍යව සිටින්නෙකි.
ශී්‍රලංකා බළධාරීන්ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අරඹා තිබේ.
ඉන්දියාව චෝදනා කරන්නේ මේ සියලූ කටයුතු සිදුවන්නේ පකිස්තානයේ අභ්‍යන්තර බුද්ධි අංශයේ අනුදැනුම මත බවයි.නමුත් පකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමළ අය සිංහළයට විරුද්දව නැගිහිටින තැත් කලා නමුත් , සිංහළ දෙමළ කියන්නේ එකම ආගමක් දෙවිදිහකට අදහන එකම අලුත් අවුරුද්දක් සමරණ අපේ බුදුන් වගේම දෙමළ දෙවිවරු සහා සිංහළ දෙවිවරු අදහන ජන සමුහයක් ජාතිය කුමක් උවත් , ඉන්දියාව අපේ රටෙන් ඒ උදව්ව ඉල්ලනවා නම් රාජත් ද්‍රෝහීන් අපේ රටේ තියාගන්නේ නැතුව ඒරටට උදවු කලොත් හොදයි අපේ අදහස (අ)
මොනවද කියන්නේ , ඉක්මනටම බාර දෙන්න. (නි)
ඉන්දියාවට අවශ්‍ය තොරතුරු කලට වෙලාවට ලබා නොදුනහොත් ඉන්දියාවෙන් අපට කිසිම පිළිසරණක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
සේනාව කියපු දේවල් 100% ක්ම ඇත්ත වගේ .(අ)
හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ. මෙහෙත් දැන් පාකිස්තානේ කොටසක් . අපිටත් ඕනේ යුදෙව්වෝ නැති කරන්න (නදී)
ලංකාවෙ අන්තවාදී ත්‍රස්තවාදී සාමාජිකයන් නැහැ කියපු අය කෝ? (නදී)
බොදුබලසේනාව ඕවකලින්ම කිව්වේ කට කහනවට නවෙයි.(අ)
ඉන්දියාව කියන්නේ වෙලාවකට නැතත් අපිට ලඟින්ම ඉන්න අපේ අසල්වැසියා. එ් නිසා මේ වෙලාවේ සහයෝගය දුන්නොත් අනාගතේ දවසක අපිට සෑහෙන්න ප්‍රොයෝජනවත් වෙන්න පුළුවන් (නදී)
වැඩි සෙනෙහසේ ප්‍රතිපල දැන් පෙනෙනවනේ . ලංකාවටම කුඩු. සහ සරණගාතයන් මුවාවෙන් වැඩි හරියක් අන්තවාදීන්, ලංකාවේ සිට අසල්වැසි රටවලට මුස්ලිම් අන්තවාදී ප්‍රහාර සැලසුම්. බලය වෙනුවෙන් මරා ගන්න දේශපාලුවනි දැන්වත් සත්‍යය වටහා ගනිව්, මේ කියන්නේ මේ ගොල්ලන්ට පිරිත් නුල් බඳින හාමුදුරුවරුන්ටත් එක්ක.(නදී)
මැලේසියාවේ සිට කැන්දාගෙන ආ තවත් සුවිශේෂ පුද්ගලයෙකු ඉන්දියාවට ලබා ගන්න වසර 2ක කාලයක සිට උත්සාහ කලත් තවම වැඩක් උනේ නැහැ. ඉන්දියාවට අවශ්‍ය තොරතුරුවත් කලට වේලාවට ලබා නොදුන හොත් ඉන්දියාවෙන් අපට කිසිම පිළිසරණක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නදී)
ඕක තේරුම් කරවන්න තමයි බොදුබල සේනාව උගුර ලේ රහ වෙනකම්, අපහාස විද විද කෑ ගැහුවේ (නදී)
පුලුවන්තරම් සහයෝගය දෙන්න (නදී)
මින් පෙන්නන්න හදන්නේ අපේ නැතිවෙන්න යන දේවල් ටිකවත් රැකගන්න කියලා මිසක් කාටවත් හිංසාවක් කරන්න කියලා නොවේ. (නි)
දැන්වත් අපේ මිනිසුන්ට ඇස් ඇරෙයිද? (නි)
මෙතන මට තියෙන ප්‍රශ්නේ මෙකයි. ලංකාවට මානව හිමිකම් සම්බන්ධයෙන් සහාය නොදුන්නේ ඉන්දියාව, අපි දැන් ඉන්දියාවට මේ සම්බන්ධයෙන් සහාය දුන්නයි කියමුකෝ එතකොට ඉන්දියාව එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගත්ත වෙනවා අන්තිමේට අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ. මේවයේ ඇත්ත නැත්ත හරියට හොයල බලල කටයුතු කිරීම නුවනට හුරුයි. (අ)