IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉන්දියාව ලකුණු 397 ක් රැස්කරයි

(යොහාන් භාසුර)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය අතර වන්කඩේ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 397 ක් රැස්කිරීමට සමත් විය.

නවසීලන්තය අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඕවරයකට ලකුණු 7.96 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 398 ක දැවැන්ත ඉලක්කය සම්පූර්ණ කළ යුතුය.

විරාට් කෝලි වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 113 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 117 ක් රැස්කළ අතර මෙය කෝලිගේ 50 වැනි එක්දින ජාත්‍යන්තර ශතකයයි.

එම ශතකයත් සමඟ විරාට් කෝලි ලෝක එක්දින පිටියේ වැඩිම ශතක ලාභියා ලෙස ලෝක වාර්තාව පිහිටුවීය.

ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ශතක 49 ක් රැස්කරමින් එම වාර්තාවට මීට පෙර හිමිකම් කීය.

ඉන්දීය පිල ඕවර 50 යේදී කඩුලු 4 ට 397 (රෝහිත් ශර්මා 47, ෂුබ්මන් ගිල් නොදැවී 80, විරාට් කෝලි 117, ශියාස් අයිර් 105, කේ. එල්. රාහුල් නොදැවී 39, ටිම් සව්‍රති 100/3)

 



අදහස් (1)

ඉන්දියාව ලකුණු 397 ක් රැස්කරයි

Rasi Thursday, 16 November 2023 06:58 AM

ඇත්තටම සතුටුයි. මොනතරම් විවේචන තිබුනත්, ඔවුන් ක්‍රීඩා කරන විලාශය අති විශිෂ්ටයි. අතටම අප රටක් වශයෙන් කලයුත්තේ. Facebook post දම දම වයිරය ප්‍රවර්දනය කරනවට වඩා, අප එයින් ලබා ගත හැකි ආදර්ශ ගෙන, ක්‍රීඩාව සංවර්දනය කිරීමට පියවර ගැනීමයි. නැත්තම් මේ facebook page කාරයෝ, මේ රටේ ප්‍රජාවගේ නිදහස්ව සිතීමේ ක්‍රියාවලිය සමග සෙල්ලම් කර, ක්රෝදය වයිරය වපුරා, තවත් මේ රට විනාශය කරා රැගෙන යන එක අනිවාර්යයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site