මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට හිමි නොවන බව ඉන්දීය දෛවඥයකු පවසා ඇතැයි ඉන්දීය පුවත් වාර්තා පවසයි.
අනාවැකියක් පවසමින් ග්‍රීන්ස්ටෝන් ලෝබෝ නමැති දෛවඥයා පවසා ඇත්තේ මෙවර ලෝක කුසලානයට සත්කාරත්වය සපයන ඉන්දියාවට ලෝක කුසලානය දිනාගැනීමට තරම් අවස්ථාවක් නැති බවයි.
ඔහුගේ අනාවැකිය විශ්ලේෂණය කරමින් ඔහු පවසන්නේ තමා පර්යේෂණ සහ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මෙම නිගමනයට පැමිණි බවයි. එමෙන්ම පාකිස්තාන කණ්ඩායමට යම් හෙයකින් තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණීමට හැකියාව ලැබුණහොත් ඔවුන් මෙවර ලෝක කුසලානය ජයගැනීම ස්ථිර බවද ඔහු කියයි.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍රසිං දෝනිට ඇතැම් කුඩා තරග ඉසව්වලදී ජයග්‍රහණ ලබාගැනීමේ වාසනාව ඇතත් ප්‍රධාන තරගාවලි ජයගැනීමේ හැකියාව නැති බවද ලෝබෝ සඳහන් කර ඇත. එමෙන්ම පකිස්තානය හා ඉන්දියාව අවසන් මහා තරගයට පැමිණියහොත් සහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් පකිස්තාන කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමේ ඉහළ හැකියාවක් පවතින බවද ඔහු විස්තර කර දක්වා ඇත.
මෙම දෛවඥයා විසින් ‘ඔබේ සත්‍ය ලග්නය කුමක්ද?‘ නමින් ජනප්‍රිය කෘතියක්ද ලියා ඇතැයි ඉන්දීය පුවත් සේවා කියයි. එහි ඔහු පෙන්වා දී තිබුණේ මාර්තු 19 වැනිදා ඉන්දියාව හා පාකිස්තානය අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාපිටියේ පැවැත්වෙන තරගයේ දී දැඩි තරගකාරී බවක් ඇතිවිය හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් මගේ ජ්‍යෝතිෂ්‍ය දැනුමෙන් 100% නිවැරදිව කියන්න පුළුවන් ෆයිනල් එකට ඉදිරිපත්වන කණ්ඩායම් දෙකෙන් එකක් කුසලානය දිනන බව .(බ)
මේ දෛවඥයගෙ ගේ තාම තියෙනවද දන්නෑ? (බ)
මගෙන් ඇහුවොත් මම කියනවා කවුද හොඳම දෛවඥයා පිටබැද්දර ජයා (බ)
අනාවැකි ගැනනම් කියලා වැඩක් නැහැ. (ර)
අනේ කරුණාකරලා කියන්නකෝ දිනන්නේ ඉන්දියාවමයි කියලා. නැත්නම් මොවුන් දිනයි ෂුවර් එකටම. අපේ කවුරුහරිත් කියන්නකෝ ඉන්දියාවමයි දිනන්නේ, නැත්නම් වෙඩි තියාගන්නවා කියලා (නි)
අපි සුමනදාසගෙන් අහල බලමු කිරි ගහට අැන්න වගේ කියාවි (බ)
අපේ කුසල් අපිට හිටියා නම් අපි දිනනවා ෂුවර් (නි)
ගාල්ලේ සුමනදාස දෛවඥතුමා ඉන්දියාවට අහුවෙලා වගෙයි. එහේවත් ඉඳගෙන එයාගේ හොද්ද බොරකර ගන්න පුළුවන් නම් අපිට මොකද? (නි)
අපේ මහින්ද මහත්තයාගෙන් ඇහුවා නම් කියාවි කවුද හොඳම දෛවඥයා කියලා (නි)
ක්‍රීඩාවන් පිළිබඳ අනාවැකි කිව හැක්කේ ඒ පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකුට මිස වෙන කාටවත් නොවෙයි. එහෙම වුනත් ක්‍රීඩාව සම්බන්ධ අනාවැකි එතරම් සාර්ථක නැත. (ර)
බුකි කාරයට තොන්ඩුව දාල තියෙන්නේ ඊට පස්සේ ඉන්දියාවට ඔක්කොම සල්ලි. (බ)
මම කැමතිම සෑම්ගේ කියමනට. ඒක හරි (නි)
ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය අනුව තමයි ඕනෑම ක්‍රීඩාවක් දිනන්න පුළුවන් වන්නේ. නැතුව ඔය අනාවැකි කියලා නොවෙයි. (නි)