සුපිරි බලවතෙකු ලෙස තමන්ට ඇති ස්ථානය යලි ලබා ගැනීමට ඉන්දියාව කටයුතු කරන මේ මොහෙතේ ඔවුන් තර්ජනාත්මක ලෙස නොදැකිය යුතු බවත් , ඉන්දියාව ද සාමාන්‍ය ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා අපේක්ෂා සහ අභිලාෂයන් කෙරෙහි විමසිලිවත්ව කටයුතු කළ යුතු බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
කොළඹදී අද (05)ආරම්භවූ ඉන්දු‐ ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ නව වැනි සැසිවාරයේ ප්‍රධාන දේශනය පවත්වමින් විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙම කොමිසමේ සම සභාපති වන්නේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාය.
එම සැසියේදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේද කීය.
‘‘දැනට වසරකට සියයට හතකට වඩා ආර්ථීක වර්ධනයක් ඇති ඉන්දියාව 2030 වන විට ලෝක ආර්ථීකයේ ඉහළම ස්ථානයේ පසුවන රටවල් තුන අතර සිටීවි. එහිදී ඉන්දියාව සුපිරි බලවතෙකු ලෙස තමන්ට ඇති නීත්‍යානුකූල ස්ථානය යළි ලබා ගැනීම සඳහා ඉදිරියට ගමන් කරමින් සිටිනවා. මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවට ද ප්‍රතිලාභ ලබා ගැනීම හැකියි. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තර්ජනයක් වෙයි ඔහොම ගියාම.(හේ)
බලාගෙන ඉන්න ආර්ථික වර්ධනය ලබාගෙන අපිට බෙදන හැටි. (නි)
මංගල මහත්මයා කියන දේ අපේ මෝඩ මිනිසුන්ට තේරෙන්නේ නැහැනේ? (නි)
අනේ මොකටද මගේ කට! (නි)
වර්ෂ 1947 දී ඉන්දියාව නිදහසලත් වහාම පැවති පළමු මාධ්‍ය හමුවේදීම නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති, ශ්‍රී නේරු ලංකාව පිළිබඳ සිය ආකල්පය සහ ප්‍රතිපත්තිය එළිදැක්වුයේ " අප තවම බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වුවා පමණි. ලංකාව පිළිබඳව යමක් කීමට කල් වැඩි නමුදු, අප ඉන්දියාව පිළිබඳ අපේම තීරණ ගනු ලබනවිට ලංකාව පිළිබඳ අපගේ තීරණ හා සමඟ අනෝන්‍ය වශයෙන් බැඳී පවතිනු ඇත." යි කියමිනි. (නි)
සුජීවගේ වචන සෙට් එක මාරුවෙලා ලියල තියෙන්නේ (බ)
මේ මම හීනයක්ද දකින්නේ. (බ)
සිංහල ජාතිවාදී අපි විතරක් නෙවෙයි උතුරේ ධීවර ජනතාවත් මේ කතාවට දෙපැත්තෙන් හිනා වෙනවා ඇති. ඔවුන්ට පවා ඉන්දීය ධීවරයන් හිරිහැර කරනවා. ඒවා රටේ ප්‍රශ්න නෙවෙයිනේ. (බ)
අනේ නෝනේ ලෝකෙට සුපිරි බලවතෙක් වෙන්න කලින් රටේ ඉන්න මිනිස්සුන්ට යන්න වැසිකිලි ටික හද දෙන්න එක යන මිනිස්සු දැක්කම ඔයාලගේ සුපිරි කලේ (හේ)
අපේ රටවල ඉන්න සමහර දේශපාලකයෝ දෙස බලද්දී, ඉන්‍දියාවේ ආර්ථිකය දියුණුවෙන එක අහන්‍න දෙයක්‍ද? (නි)
කෝටි 23 ක් වැසිකිලි භාවිතා නොකරන කෝටි 61ක් දිළින්දන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෛරයෙන් පෙලෙන කේරල මදුරාසි කුහකින් පිරි අපිට නිතරම ඩබල් ගේම් ගහන ඉන්දියන් කාරීන්ගේ ගැට වලට අහුවෙයල්ලා මොඩයෙනි (අ)
ගොඩක් කාලෙකින් දැක්කේ..(හේ)
මෙහෙම දැන් කියන්නේ 87අවුරුද්දෙ ඉන්දියාව අපිට පරිප්පු දානකොට මේගොල්ලෝ ප්‍රංශයට වෙලා හිටි නිසා වෙන්න ඇති. (නි)
ඉන්දියන් කොම්පැනි වලත් ආණ්ඩුවේත් හැසිරීම ගැන අපිට අත්දැකීම් තිබෙනවා. (නි)
හරම කටට ජාතියක් තමා ඉන්දියන් කාරයෝ. මම අවුරුදු 30ක ඇමරිකාවේ ඔවවුන් එකක් වැඩ කළා. මට දෙමල තේරෙනබව උන් දැනගෙන හිටියේ නැහැ. හැම විටම උන් උන්ගේ භාෂාවෙන් කතා කලේ ලංකාවට කොහොමද හදි කරන්නේ කියල තමා. (කෞ)
මේවා කියන්නේ කටින්ද කියලා තමයි අහන්න තියෙන්නේ. (නි)
අපි ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරමු. (නි)
අනුෂ්ක, අපේ කාන්තාවන්ට මඟුල් ගෙදරකට අඳින්න තිබෙන සාරියටත් තට්ටු වෙන වැඩක්නේ ඔබ කියෙන්නේ. ඔයින් මෙයින් දඹදිව වන්දනාවේ යන එකත් නැතිවෙයි. ඉන්දියාව කියන්නේ අපේ ලොකු අයියා කියලා දන්නේ නැද්ද? අන්තිමේදී ප්‍රභාකරන් ගැන බලාගත්තෙත් එයාලමනේ (නි)
ඉන්දියන් කාරයොත් එක්ක වැඩ කරලා තියෙන කට්ටිය දන්නවා මේකේ විපාකය. උන් ගැන නොදන්නා කට්ටියට කිවේ.(කෞ)
මෙයාට පෙන්නේනේ නැති එකයි ලොකුම ප්‍රශ්නේ. (හේ)
ඉන්දි ඔය ගොඩට අැවිල්ල බලන්නකෝ වෙන දේ ....(කෞ)
රටට ප්‍රතිලාභ ලැබේවි පරිප්පු වලින්. කඩේ යන අයට නම් ඉතින් ඊටවැඩිය හොඳ ප්‍රතිලාභ ලැබේවි. (නි)
කොයිතරම් උගත් වුණත් හරිම ආත්මාර්ථකාමී ජාතියක්. හැම කෙනෙක්ම නැතත් බහුතරයක්. ලෝකයේ හැම රටකම වගේ ඔවුන්ගේ ආධිපත්‍ය දැනටමත් පතුරුවා අවසන්. ඉන්දියන් කිව්වම කවුරුවත් කැමති නැහැ. ඔවුන්ට ලංකාව සුරපුරයක්, අපේ අයට නොතේරුනාට එන්නේ මොකටද කියලා... (නි)
ජනතාවගෙන් 30% පමණ මන්දපෝෂණයෙන් පෙළෙන, 50% විතර හාමතේ ජීවත්වෙන ඉන්දියාව සුපිරි බලවතෙක් වෙන්නේ කොහොමද? මොන බලවතාට වුණත් වැඩිපුර දෙකට නැමෙන්න ගියොත් අපි අමාරුවේ (නි)
දනුෂ්ක, අපේ වරායේ වෙළදාමෙන් 3/2 ක්ම වන්නේ ඉන්දියාව හරහා. හැඟීම් වලින් ප්‍රකාශ නොකරන්න. (නි)
ඉන්දියාවට මේවට ඉඩදුන්නොත් ලංකාවේ පුරාම ඔත්තුසේවා යොදවාවි අයිටී රැකියා වලට මුවාවෙලා. එතනින් එහාට අපිට පැවැත්මක් නැත. ඒ ටික කරගන්නද ඕනෑ. (නි)
අපිත් අපිට කියලා දෙයක් මේ රට තුළ නිෂ්පාදනය කරනවා නම් කාටවත් දෙකට නැමෙන්න ඕනෑ නැහැ. (නි)
අද ඉන්දියාවට නැමෙන අයට ගන්න පුළුවන් හොඳම නිදසුන සිරිමාවෝ මැතිනියගේ විදේශ ප්‍රතිපත්ති. එතුමියගේ හොඳම මිතුරිය වුණ ඉන්දිරා ගාන්ධි බලයේ සිටියදී පවා ඉන්දු පකිස්ථාන දේශ සීමා යුද්ධයෙදී ඇය පකිස්ථාන ගුවන් හමුදාවට ලංකාව හරහා පියාසර කිරීමට ඉඩ දුන්නා. චීනය සමඟත් ඉතාම ළඟ සම්බන්ධයක් ගෙන ගියා (නි)
අපි ඉන්දියන් බඩු වර්ජනය කරමු (නි)
එතකොට ලංකාවෙන් කරන මාළු මංකොල්ලය ...!!! (නි)
ඔව් ඔව් බලාගෙන ඉන්න දැනුත් කරන්නේ ඉන්දියාවට ඕනේ දේ නේ ,මෙන්න කියල දෙනවා ලංකාවට ගෙඩිය පිටෙන් (කෞ)
මම ඕස්ට්‍රේලියාවේ බොහෝ කලක් තිස්සේ ජීවත්වෙනවා. ඉන්දියන්කාරයන්ගෙන් බේරිලා වැඩ කරන්නේ හරිම අමාරුවෙන් බව ගොඩක් ලාංකිකයන් කියනවා මමත් අත්දකිනවා. අපි හම්බ කරලා ලංකාවට සල්ලි එවනවා කියන සිතුවිල්ලටත් ඉන්දියන්කාරයෝ ගොඩ දෙනෙක් තරහයි. (නි)
ඉන්දියාව අපේ හාල්මැස්සාගේ ඉඳලා ඔක්කොම හුරාගන්නවා. තව ටික දවසකින් මේ අපි කරන අයි.ටී.ජොබ් කට්ටටත් විදියි. (නි)
අනේ මන්දා, අපිටත් ලංකාව ගැන කියන්න තියෙන්නේ ඔය වැකියම තමා. (නි)
අනේ මේ බයිලා නම් කතා කරන්න එපා කම්බ හොරාව එලවලා ඔයාලට ඡන්දේ දුන්නේ ඔය ඉන්දියන් හිඟන්නෝ ලංකාවට ගෙන්න ගන්න නෙමෙයි (අ)
සුජීව, මංගල මහත්මයා ඔයාට මොනවාද කියන්නේ. ජිනීවා වලදී කොටි හඬට කන්දී අපේ රටට විරුද්ධවුණා ඉන්දියාව, 80 ගණන්වලදී ඉන්දිරා ගාන්ධි සමයේදී කොටින්ට අනුග්‍රහය දක්වපු ඉන්දියාව කියන්නේ අපේ හොඳම මිතුරන් කියනවාද. බැටළු හම පෙරවාගත් වුර්කයන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියන්නේ නැද්ද.(කෞ)
ඉන්දියානුවන් කරන හැම වැඩකටම අපි විරුද්ධයි, කසිකබල් චිත්‍රපට හැරෙන්නට. (නි)
මෙයාගේ කල්‍යාන මිතුරියනේ ඉන්දියාවෙන් සහය අරන් වයිබර් තාක්ෂණයෙන් රාජපක්ෂ ආණ්ඩුව බිම දැම්ම කියල උඩ පැන්නේ. මම චන්දය දෙන්නේ පරණ පිරිසුදු යුඑන්පී එකට හැබැයි මම සිංහලයෙක්. ඒ නිසා මේ වගේ අහසින් වැටුණු යුඑන්පී එවුන්ගේ කියමන් ප්‍රතික්ෂේප කරනවා. මගේ දුවත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඉන්දියන් කාරයන්ගේ තරම ඇයත් අපිට කියනවා. (කෞ)
අපි ඉන්දියාව දෙස බලන්නේ ක්‍රියාවෙන් මිස ඔවුන් කියන කතා අනුව නම් නොවේ. ලාංකිකයන් ඉන්දීය භාණ්ඩ වර්ජනය කළ යුතුය. අවට රටවල ජනයාගේ කෝපයටත් පිළිකුලටත් ඉන්දියාව පාත්‍ර වීම ඔවුන්ටම අසුභ දෙයකි.(හේ)
ඉන්දියාව කියන්නේ මහා අත්මාර්තකාමී රටක් .ආර්ථිකය කොහොම උනත් ලංකාව ඉන්දියාවට වැඩ දියුණුයි , අහු වෙන්න එපා මේ ඉන්දියන් කාරයින්ට (කෞ)
ලංකවේ ඉන්න ගෙම්බෝන්ට මේ ඉන්දියන් කාරයෝ ගැන තේරෙන්නේ නැහැ ,පිට රටකදී උන් එක්ක වැඩකරලා තියන් අය තමයි උන්ගේ හැටි දන්නේ (කෞ)
ඉන්දියන්කාරයෙක් කවදාවත් විශ්වාස කරන්න එපා. අන්තිම කපටි ආත්මාර්ථකාමී ජාතියක්. (නි)
අපිට හැමදාම තර්ජනයක් වුයේ එදා සොලී රට හෙවත් අද තමිල් නාඩුව. ඉන්දියානු රජය අපිට තර්ජනයක් වෙන්නේ තමිල් නාඩුව මෙහි සිටින ද්‍රවිඩයන් වෙනුවෙන් ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට ගොරවන විට.(කෞ)
මුදල් ඇමතිඅ සහ පිරිවර අයවැය ඉදිරිපත් කරල තියෙන්නෙත් ලංකාව ඉන්දියාවේ කොම්පැනි වලට සහ ඉන්දියාවට ඕන ආකාරයට (කෞ)
සමහර මිනිසුන් හැමෝම සමඟ සහයෝගයෙන් ඉන්න අකමැතියි. ඉන්දියානුවන්, විදේශිකයන්ට කැමති නැති අය ඔවුන්ගේ ඇඳුම්ද විසිකර කොළ අතු වලින් විලි වසාගෙන ටෙලිෆෝන් වෙනුවට ගිනි පෙට්ටි වලට නුලක් බැඳගෙන පාවිච්චි කරන්න (නි)
චන්ද්‍ර වීරසිංහ ඔබ වැනි අය ලංකාවේ ඉපදීම අපේ මේ නස්පැත්තියට ප්‍රධාන හේතුවයි (බ)
දිනේෂ් ඕව දන්නේ මෙහෙ කීයෙන් කී දෙනාද. ඉන්දියන් කාරයෝ මර්දනය කරන්න තරම් අපෙත් සමග ගිය මිත්‍රයින් දැනුමෙන් බලවත් වුනා ඒගැන මට හරිම සන්තෝසයි. අපි උන්ව යටපත් කළා විතරක් නොවෙයි ඇමෙරිකානුවන්ට ඔවුන්ව එපාකළා (බ)
සුද්දන්ගේ ඇඳුම් එහෙමත් අපි වර්ජනය කරමු (නි)
සජිත් ඉන්දියානුවෙකුට රැකියාවක් කරන්න ඉඩ දෙන්න එපා ඔවුන්ට ජීවත් වෙන්න තැනක් වත් දෙන්න එපා (බ)
ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම රටේ දියුණුවට මෙන්ම ආරක්ෂාවට ඉතාම වැදගත්. මෙම කාර්ය අගය කරනවා. (නි)
ඉන්දියන්කාරයින්ට අපිත් එක්ක තිබෙන්නේ පුදුම තරහක් (නි)
දනුෂ්ක ඉන්දියාවට කත් අදින ගැත්තෝ බොහොමයක් ඉන්න බව පෙනෙනවා. (බ)
ශාන , දනුෂ්ක, ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ හිතන්න එපා. (නි)
ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතුකිරිම නරක නැහැ ඒ සදහා අපේ රටේ තියෙන රස්සා වලට ඉන්දියානුවෝ ගෙන්න ගන්නවත් අපේ රට අස්ථාවර කරන්න ඉන්දියානුවන්ට ඉඩ දෙන්න වත අවශ්‍ය නැහැ.(කෞ)
ඉන්දියාවත එක්ක හොද හිත රැක ගන්න ඉන්දියානුවන් අපේ රටට රිංගවා ගන්න ඕන නැහැනේ සර්.(කෞ)
කොයිතරම් දූෂිත වුනත් මහින්දගේ රජය එම රට ලස්සනට පාලනය කළා. (කෞ)
අපිට වලිගෙ පෑගිලා නැහැ. ලංකාවට සරු වෙන්න මෙච්චරකල් දීලා තිබෙනවනේ. ලංකාව අස්ථාවර කරන්න ඉන්දියාව කරන්න පුළුවන් හැමදෙයක්ම අතීතයෙදී කරලා තිබෙනවා. හෙටත් එසේමයි. (නි)
ඉන්දියාවේ ගම් ලක්ෂ 6 ක් තිබෙනවා. එම ගම්වල එතරම් දියුණුවක් දකින්න නැහැ. අපේ මිනිස්සු මුම්බායි, බැංගලෝර්, දිල්ලි සහ චෙන්නායි වලින් ඉන්දියාව මනින්න හදනවා. (බ)
ඉන්දියාව තර්ජනයක් කොහොමද කියලා ඇමතිතුමා විස්තර කෙරුවොත් හොදයි, අනිත් කාරණය ඉන්දියාව අතීතයේදී ලංකාව අස්ථාවර කරන්න කොටින්ට උදව් දුන්න එක ඇමතිතුමා අමතක කරන්නේ කොහොමද? (අ)