ඉන්දියාවේ සංචාරයක නිරතවෙමින් සිටියදී අතුරුදන්ව සිටි බව කියන ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුරක් එරට පොලීසිය විසින් සොයා ගෙන ඇතැයි ඉන්දීය පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කර සිටී.
එරට උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ශ‍්‍රාවස්ති දිස්ත‍්‍රික්කයේ පිහිටි කොරියානු ආගමික සිද්ධස්ථානයක් තුළ ජල පොකුණක තිබී එම මළ සිරුර සොයාගෙන ඇතැයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පාලිත සුනිල් කුමාරසිංහ නැමැති 78 හැවිරිදි ලාංකිකයෙකි. මොහු තවත් ලාංකිකයින් 63 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ ඉන්දියාවේ සංචාරයට පැමිණ ඇති අතර ඉකුත් 11 වැනිදා එම කොරියා ආගමික සිද්ධස්ථානය වෙත පැමිණ ඇත.
මෙම පිරිස එහි නවාතැන්ගෙන සිටියදී මෙම පුද්ගලයා අතුරුදන් වී ඇතැයි පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත්වී ඇති අතර වහා ක‍්‍රියාත්මක වූ ඉන්දීය පොලීසිය අතුරුදන්වූ ලාංකිකයා සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇත.
මරණය සිදුවූ යේ නොසේ දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගැනත් හොදට හොයල බැලුවනම් තමයි හොඳ. අර ලංකාවේ උනා වගේ මරල දාලද දන්නේ නැහැනේ ? (නදී)