කොටි සංවිධානයේ ඉතිරි කණ්ඩායම් තමිල්නාඩුවේදී යළි ඒකරාශීවීමට තැත් කරතියි ලැබී ඇති බුද්ධි වාර්තා අනුව ඉන්දියා රජය කොටි සංවිධාන තහනම තවත් දෙවසරකින් දික් කළ බව ඉන්දියා රජය පවසයි. ශ්‍රී ලංකාව කොටි සංවිධානය සුන්කැර දැමූ නමුත් කොටි සාමාජිකයන් තමිල්නාඩුවේ යළි කල්ලි ගැසෙතියි කියන වාර්තා ඉන්දියා රජයට ලැබී ඇත. ඉන්දියාව මුලින්ම එම සංවිධානය තහනම් කළේ 1992දීය. සරණාගතයන් ලෙසද තමිල්නාඩුවට ඇදෙන කොටි සාමාජිකයන් තමිල්නාඩුව ඔවුන්ගේ පසු කඳවුර ලෙස යොදා ගැනීමට ඇති ඉඩකඩද බැහැර කළ නොහැකි බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පත‍්‍රය කියයි. කොටි හිතවතුන් ඉන්දියාවේ ආරක්ෂාවටද තර්ජනයක් බවත් ශ්‍රී ලංකාවේ ඔවුන් පරාජයට ඉන්දියාව වගකිව යුතු බව පවසමින් ඉන්දියාවට එරෙහි ප‍්‍රචාර ගෙන යතියිද එම පුවත්පත කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තූතියි ඉන්දියා, ඔබට දැන්වත් තේරෙනවද.......
අපේ රටට ඉසෙල්ලා තමයි ltte කියන සංවිධනය ඉන්දියාවේ රජයෙන් තහනම් කෙරුවේ,
කොටින්ට කිරි පොවන එක දැන්වත් නතර කර නොගත්තොත් දෙවි පිහිටයි තමයි
අපේ අසල්වැසි ඉන්දියාව නිසා ඉතිහාසයේ සිටම අපට හොඳ මෙන්ම නරකද ලැබී තිබෙනවා.අපේ ආගමික ශාස්තෘන්වහන්සේද ඉන්දියාවේ උපන් කෙනෙක්.ඉන්දියාව හොඳින් තබා ගනිමින් එහි දේශපාලනික හා සමාජ ආර්ථික රටාව තුළ ශ්‍රී ලංකාවට හොඳ පිළිගැනීමක් ඇතිකළ හැකි සුදුසු තානාපතිවරයෙකු පත්කිරීමට කටයුතු කරන්න.තානාපතිකම් දේශපාලන සුදුසුකම්වලට නොදී ඒ සඳහා සුදුසුකම් සපුරාලද පුද්ගලයින්ම පත් කරන්නේ නම් මැනවැයි කල්පනා කරමි.