ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුවක දත්ත ජාලයට ඉන්දියාවේ මුම්බායි සිට හොරෙන් ඇතුළුවී බැංකු ගිණුමකින් රුපියල් පනස් තුන් ලක්ෂයක් ගන්නය ගිය හය දෙනෙක් කොහුවල පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් අතර ආචාර්ය උපාධියක් හිමි කාන්තාවක ද , මහනුවුර ව්‍යාපාරිකයකු ද වැවිලිකරුවකු ද සිටින බව පොලිසිය පවසයි.
බැංකුවේ ගනුදෙනුකරුවන් පස් දෙනකුගේ ගිනුම්වලගින් රුපියල් ලක්ෂ පහක් පමණ මීට පෙර අඩු වී ඇතැයි ද, කලක් ගනුදෙනු නොකළ ගිනුමකට එම ගනුදෙනුකරුවන් පස් දෙනාගේ ගිනුම්වලින් මුදල් ඉන්දියාවේ සිටි පුද්ගලයා විසින් මාරු කරන්නට ඇතැයි ද එම මුදළ මෙම පිරිස විසින් වංචා කරන්නට ඇතැයි ද පොලිසිය කියයි.
අනුන්ගේ බැංකු ගිනුම්වලින් දෙහිවල පුද්ගලයාගේ ගිනුමට මුදල් බැර කිරීම සර්ථක වීමත් සමග රුපියල් පනස් තුන් ලක්ෂයක් එම ගිනුම්‍ට බැර කර ඇතැයි ද පොලිසිය පවසයි.
ගනුදෙනුකරුවන්ගේ ගිනුම්වලින් මුදල් අඩුවීම ගැන සෝදිසියෙන් සිටි කලමණාකරු පසුගිය සිකුරාදා රුපියල් පනස් තුන් ලක්ෂයක චෙක්පතක් මාරු කර ගැනීමට ආ තිදෙනකු ගැන පොලිසියට දැන්වීමනේ පසු වංචාවේ සුලමුල සොයා ගත්තේය
මහ මොළකරු ඉන්දියාවේ සිටියි.
අනත්ර්ජාලය ඔස්සේ බැංකු දත්තවලට ඇතුළු වීමේ සින්ධිය ද ඒ සමගම සොයාගෙන ඇත.
ඔහුට එම පුද්ගලයා හමු වී ඇත්තේ මහනුවර ව්‍යාපාරිකයා ඉන්දියාවට ගොස් සිටි අවස්ථාවේදීය.
බැංකුවෙන් ලබා ගන්නා මුදලින් ශ්‍රී ලංකාවේ පිරිසට කොමිස් ගෙවා ඉතිරිය ඉන්දියාවේ සිටින පුද්ගලයාගේ ගිණුමට බැර කිරීම මෙම ජාවාරම බව සොයාගෙන ඇත.
දෙහිවල පුද්ගලයාගේ ගිනුමට ලක්ෂ 53ක් බැර කළ බව මහනුවර ව්‍යාපාරිකයා ඔහුට දැන්වීමෙන් පසු චෙක්පත මාරු කර ගැනීමට බැංකුවට ගොස් සිටි දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් තිදෙනෙක් සොයා ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාලයෙන් ගිණුමට සල්ලි මාරු කළාලු. ඊට පස්සේ චෙක් එකකින් මුදල් ගන්න ආවලු. මට නම් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ (නි)
පේනව නේද හැම වංචාවකම ඉස්සරහින්ම ඉන්නෙ මොන ජාතියද කියලා ? මොවුන් තමයි අපේ රට කන්නෙ. (ස)
අහිංසක මිනිස්සු හම්බ කරපු දේවල් වංචා කරන මෙවැනි අයවලුන්ට උපරිම දඩුවම් දෙන්න ඕනේ. අද වනිතා පක්ෂයත් පට්ට හොරුවෙලා. වනිතා කමටත් නින්දා සහගතයි. දැන් ඉන්දියාව හා අපේ ලංකාව ඉස්සර තිබුන තත්වයට වඩා එහෙම් පිටින්ම වෙනස වෙලා. හැම පුද්ගලයාම බලන්නේ අයුත්තියෙන් හම්බ කරන්න. (ස)
ඇද්ද ඒවා වමාරයි දැන් (නි)
අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම් වලදී පවා වංචා කරන පුද්ගලයන් ඉන්නවා. අවධානයෙන් සිටිය යුතු කාලයක් මේ (නි)
මෙවැනි අය රටට ජාතියට පිළිලයක්. නීතියෙන් මෙයාලට උපරීම දඩුවමක් දිය යුතුයි. (නි)
දියුණු වෙන්න කෙටි මාර්ග සොයන අයට හොද පාඩමක් (නි)
දැන් ආචාර්ය කියන කෑල්ල සල්ලි දීලා ගත්ත අය ඕනෑතරම් ඉන්නවා. අබුද්දස්ස කාලේ හැටි (නි)
තමන් උපන් රටට ජාතියට ද්‍රෝභීවෙන අයට නීතියෙන් පමණක් නොව සමාජයෙන්ද දඩුවම් ලැබේ (නි)