වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර ගත කර සිටින අට දෙනා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (04) නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ ලක්ෂාන් ඩයස් මහතා පැවසුයේ ඔවුන් සියලු දෙනාගේ වකුගඩුවක්ම පරිත්‍යාග කළ බවයි. පසුගිය වසර හතරකදී කාල සීමාව තුළ ඉන්දියා ජාතිකයන් එක්දහස් දෙසීයකට වඩා වැඩි පිරිසක් ලංකාවේ ප්‍රධාන පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකුගේ නිර්දේශය මත වකුගඩු ලබාදී ඇති බවත් ඔහු පැවසුවේය.
සැකකරුවන් කඩ කර ඇත්තේ ආගමන විගමන නිති පමණක් බවද නිතිඥවරයා ප්‍රකාශ කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය ස්ථානාධිපති නෙවිල් සිල්වා මහතා විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් එම ජාවාරාම සම්බන්ධ අතරමැදිකරුවන් ගැන පරික්ෂණයක් කරන බවත් කීවේය. සැකකරුවන් ළඟ තිබුණ ලේඛන ගැන ජාත්‍යන්තර පරික්ෂණයක් කරන ලෙස අධිකරණය පොලිසට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිතිකාරයින්ට තවත් ගානක් දීලා වැඩේ ශේප් කරගන්න හදනවා වගේ පේනවා! ඉන්දියන් ජාතිකයෝ දෙසිය ගණනක් විතර එහෙ ඉඳල එයි, පිනට වකුගඩු තෑගි කරලා යන්න! අපේ තව වකුගඩු ලෙඩුන් බොහොම ඉන්නවනේ . බැරිද ඒ දොස්තර මහත්තයට ඉන්දියාවෙන් තව වකුගඩු තොගයක් ගෙන්නලා දෙන්න, පින්සිද්ධ වෙනවනේ! (බ)
කචල්දාන දොස්තර සංගමය දෑන් මොනා කියයිද දන්නේ නැහැ (බ)
හොඳ පුවතක් හෙළි කළාට ස්තුතුයි (අ)