( ෂේන් සෙනෙවිරත්න)

මැණික්හින්න ,කුණ්ඩසාලේ දම්බරාව ප්‍රදේශයේ නවාතැන්පොළක ලැගුම් ගෙන සිටි ඉන්දියානු විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් අතර සිසුවෙකු එහි නාන තටාකයේ ඇද වැටි ඔලුවට බරපතල තුවාල සිදුවීමෙන් අනතුරුව මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

එසේ මිය ගොස් ඇත්තේ සන්තොෂ් නමැති 26 හැවිරිදි ඉන්දියානු ජාතික විශ්ව විද්‍යාල සිසුවෙකි.

මෙම විශ්වවිද්‍යාල සිසුන් පිරිස 09 දෙනෙකුගෙන් සමන්විතකණ්ඩායමක් ඉකුත් 16 වැනි දින එම නවතැන්පොලේ නවාතැන් ගෙන ඇති අතර ඔවුන් අද  (18) වැනි දින අළුයම් කාලය වන තෙක් එහි නාන තටාකයේ ගත කරමින් විනෝද වී ඇතිඅතර ඒ අතරතුර මියගිය විශ්ව විද්‍යාල සිසුවා නාන තටාකයේ ඇද වැටී ඔලුවට බරපතල තුවාල සිදුවීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.